ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයන් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට අදාල වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරයි.