රටේ ජනතාවගේ ජීවිත ගොඩගන්න රාජ්‍ය සේවකයින් 2100කට පත්වීම්.!

රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

2023 වසරේ දෙසැම්බර් මස (02) වැනිදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2100 දෙනකු වෙනුවෙන් ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

” අද ග්‍රාම නිලධාරීවරුන් ලෙස පත්වීම් ලබන ඔබ සියලු දෙනාට මම සුබ පතනවා. අද සිට ඔබ රාජ්‍ය සේවයේ සාර්ථක කොටස්කරුවන් බවට පත් වෙනවා. අප උත්සාහ කරන්නේ මේ රටේ සියලු ජනතාවගේ ජිවිත ගොඩනැංවීමටයි. එහි විශාල වගකීමක් රටේ මූලික පරිපාලන අංශය වන ග්‍රාම නිලධාරි කොට්ඨාසය ලෙස ඔබට පැවරෙනවා.

කඩා වැටීමට ලක්වූ මෙරට ආර්ථිකය අද සීග්‍රයෙන් දියුණු කිරීමේ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප මේ වන විට ගිවිසුමකට එළැඹ තිබෙන අතර තවත් කොන්දේසි ගණනාවක් ක්‍රියාත්මක කිරීමට තිබෙනවා.

වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන්නේ ගම කේන්ද්‍ර කර ගනිමිනුයි. පසුගිය 2022, 2023 වසරේ යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට අපට හැකි වුණා. ඒ වගේම 2023 වසරේ මහ කන්නයේදී නැවත සාර්ථක අස්වැන්නක් ලැබුණා. මෙම දායකත්වය නිසා අද අපට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට හැකියාව ලැබී තිබෙනවා.”

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS