නව වසර උදාව ඔබට බලපාන්නේ මෙහෙමයි.!

ජෝතිෂයට අනුව සූර්‍යාගේ සංක්‍රමණය සිදු වන වේලාවට අනුව මේ අවුරුදු නව වසර සනිටුහන් වේ. “බක්” යන්නෙහි සංස්කෘතික අර්ථය “සෞභාග්‍යය” ලෙස හැඳින්වෙන අතර එය වසරේ යහපත් මාසයක් ලෙස සැලකේ,

මේෂ

මේෂ ලග්නයෙන් උපන් ඔබට නව වසට උදාවත් සමඟ යහපත් ප්‍රතිඵල පෙන්නුම් කරයි. සුභවාදී ප්‍රතිඵල අත්කරදෙයි. තමන් බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දේවල් සඵල වේ. දියුණුව සාර්ථකත්වය ඇතිවේවි. නව කටයුතු ආරම්භ කිරීමට පෙළඹෙයි. විවාහ කටයුතුවලට තිබූ බාධක ඉවත් වේ.

වෘෂභ

වෘශභ ලග්න හිමි ඔබට් අලුත් අවුරුදු උදාව තරමක ශුභදායික තත්ත්වයක් පෙන්නුම් කරයු. වියදම් වැඩිවේ. කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්. ඉදිරි මාස කිහිපය තරමක් කටුක වුවත් ඉන්පසුව දිගු කාලීන දියුණුවක් උදා වෙනු ඇත. විදෙස් ගතවීම් සඳහා සුභදායී වේ. බොහෝ කටයුතු සාර්ථක කරගත හැකින්නව වසරකි.

මිථුන

මිථුන ලග්න හිමියන්ට අලුත් අවුරුදු උදාව ඉතාමත් ශුභයි. තමා බලාපොරොත්තුවෙන් සිටි කරුණු කාරණා ඒ ආකාරයටම සිදුවෙනු ඇත. ව්‍යාපාර කටයුතු වලට ශුභයි. ආදායම් සරුවෙන වසරකි. රැකී රක්ෂා කටයුතු වලින් ඉහළ තනතුරු හිමිවේ.

කටක

කටක ලග්නයෙන් උපන් ඔබට අලුත් අවුරුදු උදාව ශුභයි. ඔබගේ අරමුණි සාර්ථක කරගත හැකින්වසරක්. තිබු බාධක යටපත් කරගැනීමට හැකියාව ලැබෙනවා. මේ වනවිට ඔබ අහිතකර කාල පරිච්ඡේදයක සිටින නමුත් සූර්ය සංක්‍රාන්තිය සමඟ සුබදායික ප්‍රතිඵල අත්කරදෙනවා. කණස්සලු ස්වභාවය යටපත් කරගැනීමට හැකියාව ලැබෙයි. යහපත් කාලවකවානුවක් සමග ඉදිරි කටයුතු ශුභදායී වනු ඇත.

සිංහ

සිංහ ලග්නයෙන් උපන් ඔබට අලුත් අවුරුදු උදාව යහපත්. විදෙස් ගමන් සාර්ථක වේ. දියුණුව සාර්ථකත්වය අත් වේ. අලුත් ව්‍යාපාර ආරම්භයට ශුභයි. කටයුතු පිළිවෙලට කරගෙන යාමට හැකියාව ලැබේ. මෙම වසර ඔබට වාසනාවන්ත වකවානුවක් උදා කරනු ඇත.

කන්‍යා

කන්‍යා ලග්නයේ ඔබට අලුත් අවුරුදු උදාව තරමක් ශුභයි. මුල් කාලය තුළ තරමක ගැටළුකාරී තත්ත්වයක් ඇතිවිය හැකියි. සූර්ය සංක්‍රාන්තියත් සමඟ යම් යම් රෝගී තත්වයන් උත්සන්න විය හැකි බැවින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. පුංචි පුංචි බාධා ඇතිවිය හැකියි. කෙසේ වෙතත් පසුකාලීනව ශුභ කාලයක් පෙන්නුම් කරයි. යාන වාහන ඉඩකඩම් වලට ශුභයි.

තුලා

තුලා ලග්නයෙන් උපන් ඔබට අලුත් අවුරුදු උදාව ඉතා ශුභයි. බලාපොරොත්තු බොහොමයක් ඉෂ්ට කරගැනීමට වාසනාව ලැබේ. තිබු බාධාකාරී තත්ත්වයන් ඉවත් වෙයි. ඉදිරි කටයුතු සාර්ථක වෙයි. වෙළෙඳ ව්‍යාපාරයක නිරත කෙනෙක්නම් බොහෝ ලාභ ලබන්න පුළුවන්. ඔබගේ කීර්තිය දස දෙස පැතිරෙනවා. පවුල තුළ ජනප්‍රිය වෙයි. විදෙස් ගමන්වලට ශුභයි.

වෘශ්චික

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අලුත් අවුරුදු උදාව ශුභයි. කෙසේ වෙතත් රෝග පීඩා තත්ත්වයන් උත්සන්න විය හැකියි. විශේෂයෙන් උෂ්ණාධික රෝග සහ කල්ගත වන රෝග පිළිබඳ අවධානය යොමුකළ යුතු වනවා. අනතුරුව ශුභ කාලයක් උදාවිය හැකි අතර ඉදිරි කාල පරිච්ඡේදය ඔබ සැලසුම් කළ පරිදි ගත කළ හැකියි. දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටි අයට ඒ පැත්තෙන් වාසනාව හිමිවනවා. අවාහ විවාහ කටයුතුවලටද ශුභයි.

ධනු

ධනු ලග්නයෙන් උපන් ඔබට අලුත් අවුරුදු උදාව ඉතා ශුභයි. බොහෝ දේවල් සාර්ථක විය හැකියි. රැකි රක්ෂා සහ ස්ථාන මාරුවීම් ශුභවාදීව සිදුවිය හැකියි. තම දියුණුව සාර්ථකත්වය ඇතිකර ගැනීමට හැකිවනවා. කීර්ති ප්‍රශංසා හිමිවන කාලවකවානුවක්. ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමට පවා වාසනාව හිමිවනවා. ඉදිරි කාලවකවානුව බොහෝ දෙනෙකුගේ පැසසුම් මධ්‍යයේ ගත කළ හැකි අතර මංගල යෝජනා සහ විදෙස්ගමන්වලටත් ශුභයි.

මකර 

මකර ලග්නයෙන් උපන් ඔබට අලුත් අවුරුදු උදාව සුබ අසුබ මිශ්‍රයි. වැඩි වශයෙන් සුබ ප්‍රතිඵල අත්කර ගත හැකියි. සිත් රිදීම් ඇතිවිය හැකියි. උත්සහය මත ප්‍රතිඵල හිමිවනවා. බාධක ජයගත හැකියි. නීතිමය ගැටළු නිරාකරණය වන අතර කාර්යබහුලත්වය වැඩිවන කාලවකවානුවක් ඉදිරියට උදාවනවා. හිතට නිදහස අඩුවිය හැකියි. කෙසේ වෙතත් ඉදිරියට සාර්ථකව ජීවිතය ගතකිරීමට හැකියාව ලැබෙනවා.

කුම්භ 

කුම්භ ලග්නයෙන් උපන් ඔබට අලුත් අවුරුදු උදාව සුබ අසුබ මිශ්‍රයි. මානසික පීඩාකාරි තත්ත්වයන් ඇතිවිය හැකියි. පසුබෑම් ඇතිවිය හැකියි. කෙසේ වෙතත් කලකිරීම් තත්ත්වයන් මඟහරවාගෙන කටයුතු කිරීමට සිත ශක්තිමත් කරගත යුතු වනවා. බෝධි පූජා පවත්වා මානසික ඒ්කග්‍රතාව ඇතිකරගැනීමට කටයුතු කරන්න. අධ්‍යාත්මික පැත්තට යොමු වෙයි. බාධක මධ්‍යයේ ජයග්‍රහණයන් රැසක් උදාකරගත හැකියි.

මීන 

මීන ලග්නයෙන් උපන් ඔබට අලුත් අවුරුදු උදාව ඉතාමත් ශුභයි. සිතනාවටත් වඩා ඉක්මණින් තමාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙයි. විදෙස් ගමන් යෙදේ. දේපළ උරුමකම් හිමිවනවා. ඒ සම්බන්ධයෙන් පැවති ගැටළු ද නිරාකරණය වනවා. සාර්ථකත්වයෙන් යුතුව ඉදිරි කාලය කළමනාකරණය කරගත හැකියි. තමාගේ වැඩ කටයුතු සාර්ථක ලෙස සිදුකරගනිමින් ඉදිරියට යන කාලයක් පෙන්නුම් කරනවා. 

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS