කෙහෙළියගේ සෙල්ලම් හෙළිවෙයි.. ඇප නැත්තටම නැති වෙයි.?

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කරන ලෙසට ගොනුකර ඇති රිට් පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා ඊයේ දින අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදීගැනීමේ සිදුවීමට අදාළව තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල ගොනු කර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් ඉදිරියේ සලකා බැලීය.

එම රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ සලකා බැලීමේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මුලික විරෝධතා මතු කරමින් මෙම රිට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා සිටියේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS