මහ බැංකු ප්‍රකාශයට ධර්මසේන ඇගිල්ල ඔසවයි.!

මහ බැංකු ප්‍රකාශයක් හුවා දක්වමින් තම ව්‍යාපාරයට අසත්‍ය තොරතුරු හා මඩ ප්‍රහාරයන් එල්ල වෙමින් ඇති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ විනිසුරු කුමාර ධර්මසේන සදහන් කරයි.

රටේ පවතින නීතියට පිටින් නීති විරෝධී යමක් සිදුවන්නේ නම් තමන්ට එය පැහැදිලි කරන ලෙසත් පින්තැන්න ව්‍යාපාරයේ ඉතා අසීරුවෙන් ගොඩනැගූ ව්‍යාපාරයක් බවත් එය ශ්‍රී ලංකාවේ නීති රීතිවලට අනුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවද කුමාර ධර්මසේන සදහන් කරයි.

මෙය සම්පූර්ණ වශයෙන්ම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වන සමාගමේ නිෂ්පාදන සඳහා ගනුදෙනුකරුවන් බොහෝ පිරිසක් එක්වී සිටින බවත් ඕනෑම අයකුට තම කර්මාන්තශාලාව පැමිණ නිරීක්ෂණය කළ හැකි බවද කුමාර ධර්මසේන තවදුරටත් සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS