පාසල් ළමුන්ට නව මාර්ගෝපදේශ මාලාවක්.!

පවතින උණුසුම් කාලගුණයෙන් වැළකීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇත.

උණුසුමෙන් වැළකීම සදහා මෙවැනි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීම ඉතාම වැදගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

පාසල්වල පන්ති කාමරවල ප්‍රමාණය ඉක්මවා ළමයින් සිටීම හේතුවෙන් විවිධ ස්වසන අපහසුතා උණුසුමත් සමග ඇතිවන බව නිරීක්ෂණය වී ඇති බවද සභාපති උපුල් රෝහණ සදහන් කරයි.

අනිවාර්යයෙන් පාසල් දරුවන් වැඩිපුර වතුර පානය කලයුතු බවත් එළිමහනේ ගැවසීමෙන් හා ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙසත් සෙවන ඇති ස්ථාන වල ගැවසෙන ලෙසද සෞඛ්‍ය අංශ දැනුම්දීමක් කරයි.

මෙම තත්ත්වය මැයි මාසය අවසන් වන තෙක් පවතිනු ඇති බවත් උණුසුම් කාලගුණික තත්ත්වය හුමවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close