නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය කෙරෙන තීරණාත්මක අවසාන තරගය හෙට (08) දින උදෑසන 6.30ට ක්වීන්ස්ටවුන්හිදී ආරම්භ වේ.
ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබීමත්, දෙවැනි තරගයෙන් නවසීලන්ත කණ්ඩායම ජය ලැබීමත් හමුවේ හෙට තරගයේ ජයග්‍රාහකයන්ට තරගාවලි ජයග්‍රහණය හිමිවෙයි.
නවසීලන්ත ක්වීන්ස්ටවුන්හි ජෝන් ඩේවිස් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලෙස හෙට දිනයේ එම තරගය ඉතිහාසගත වනු ඇත.
එම ක්වීන්ස්ටවුන්හි ජෝන් ඩේවිස් ඕවල් ක්‍රීඩාංගණය මනරම් පරිසරයකට හිමිකම් කියන අතර එම ක්‍රීඩාංගණයේදී මෙතෙක් පවත්වා ඇත්තේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 09 ක් පමණි.
හෙට දිනයේ තරගය ජයගෙන ශ්‍රී ලංකාව 2-1ක් වශයෙන් තරගාවලි ජයග්‍රහණයට හිමිකම් කීමට හැකිවුවහොත් එය නවසීලන්තයේදී ශ්‍රී ලංකාව ඔවුන්ට එරෙහිව ලබන පළමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්වෙයි.