අද සිට වැස්ස වැඩිවෙයි.. ජනතාවට දැනුම්දීමක්.!

අද (08) දිනයෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම වැසි තත්ත්වය සමග පවතින උණුසුම් කාලගුණයේ තරමක අඩුවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද සදහන් කරයි.

ගිගුරුම් සහිත තද වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS