සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති විශ්වවිද්‍යාල පද්ධතිය ගැන තීරණයක්.!

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ සහ විධායක නිළධාරීන්ගේ වෘතීය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම අඩාල වී ඇති මොහොතක අද (8) නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල විධායක නිළධාරීන්ගේ සංගමය කියා සිටින්නේ තම ගැටලු සඳහා ස්ථිර විසඳුමක් අද (08) පැවැත්වෙන සාකච්ඡා මඟින් නොලැබුණහොත් දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් තීව්‍ර කිරීමට සිදුවන බවයි.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අඛණ්ඩව ක්‍රියාත්මක විධායක සහ අනධ්‍යන කාර්ය මණ්ඩල වල වෘතීය ක්‍රියාමාර්ග හේතුවෙමන් මේ වනවිට සියලුම විශ්වවිද්‍යාලවල පැවැත්වීමට නියමිත තිබූ විභාග දින නියමයක් නොමැතිව කල් යෑම, විශ්වවිද්‍යාල රසායනාගාරවල සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන රජයේ රෝහල්වල පරීක්‍ෂණ ඇතුළු සියලුම පරීක්‍ෂණ ඇණ හිටීම සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සදඟා වන අත්පොත සකස් කිරීමේ කටයුතු ඇණ හිටීම ආදී ගැටලු රැසක් මතුවී ඇති බව වාර්තා වේ.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS