LIVE
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ පැවැති සිය බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගී වීම තුළින් රජයට අයත් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධ නඩුව අද (30) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවයි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුකරය නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නොවැම්බර් මස (11) වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

