ගිනිඅවියක් සමග ‘බණ්ඩාරගම අසේල’ අත්අඩංගුවට

විදේශගතව සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරු අවිශ්ක නොහොත් “ඇල්පාගේ” මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ “බණ්ඩාරගම අසේල” පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පානදුර කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව රයිගම ප්‍රදේශයේ ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇති අතර ඔහු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත.

විදෙස්ගතව සිටින අවිශ්ක නොහොත් ‘ඇල්පා’ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම අවිආයුධ ප්‍රවාහනය ඇතුළු අපරාධ ගණනාවකට මෙම සැකකරු සම්බන්ධ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බණ්ඩාරගම පොලිසියට භාරදීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel