මේ දිනවල උඩරට සහ පහතරට එළවළු මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් එළවළු වෙළඳුන් සහ පාරිභෝගිකයන් අසීරුතාවකට පත්ව ඇත.
මාළු මිරිස් කිලෝවක් රු. 950ත් 1,000ත් අතර මිලකටත්, වම්බටු රු. 500කටත්, අමු මිරිස් රු. 800කටත්, බෝංචි රු. 450කටත්, කැරට් රු. 600ත් 700ත් අතර මිලකටත්, දෙහි කිලෝවක් රු. 2,000කටත්, රතු ලූනු කිලෝවක් රු. 800කටත් අලෙවි වේ.
වට්ටක්කා රු. 400ක්, අළු කෙසෙල් රු. 400ක්, ගෝවා රු. 600ත් 650ත් අතර මිලක්, පිපිඤ්ඤා රු. 350ක්, තක්කාලි රු. 800ක්, කරවිල රු. 800ක්, පතෝල රු. 600ක් සහ නුවරඑළිය අර්තාපල් රු. 450ක මිලකට අලෙවි වේ.
පසුගිය දිනවල දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගාවන්ට හානි සිදුවීම හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ගොවීන්ට නොහැකි වීම හේතුවෙන් එළවළු මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇත.
