එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්.!

අද (26) කඩවත ප්‍රදේශයේ ඇල්දෙනිය UNP ප්‍රධාන කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. එය විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් බව සදහන් වේ.

සිදුවීමෙන් අනතුරුව සිදුකළ පොලිස් විමර්ශනවලදී ඒ අසල ඇති මාර්ගයේ තිබී එම අත්බෝම්බයේ යැයි සැකකෙරෙන කොටසක් හමුවී තිබූ අතර අත් බෝම්බය පක්ෂ කාර්යාලය තුළ තිබියදී හමුවී ඇත.

කෙසේවෙතත් අත් බෝම්බය පිපිරී ගොස් නොමැති අතර ඉන් සිදුවීමට ගිය විනාශයක් වැළකී ඇති බව පොලීසිය පවසයි.

ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව, නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ නියෝගය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි Y.B ක්‍රිෂාන්ත ඇතුලු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close