Foreign news

සුපිරි පහරින් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව අවසන් තරගයට 

සුපිරි පහරින් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව අවසන් තරගයට 

එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරගය ජය ගනිමින් ලියනොල් මෙසී ප්‍රමුඛ වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවු අතර 55වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ එංගලන්ත ක්‍රීඩක ඇන්තනි ගෝඩන් තරගයේ පළමු ගෝලය වාර්තා කළේය.

ඉන් මිනිත්තු 30කට පසුව එන්සෝ ෆර්නැන්ඩස් ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු ගෝලය රැස් කිරීමට සමත් වු අතර තරගයේ ආබාධ සඳහා ලබාදුන් අතිරේක කාලයේ 2වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාව ජයග්‍රාහී ගෝලය රැස් කළේය.

ඒ අනුව තරගයේ ගෝල 2 – 1ක් ලෙස ප්‍රබල ආර්ජන්ටිනාවට ජය හිමිකර දෙමින් තරගය අවසන් විය.

ඒ අනුව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පැවැත්වෙයි.

ලබන (20) වැනිදා නිව් යෝර්ක්හි නිව් ජර්සි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් මහා තරගය මෙරට වෙලාවෙන් අලුයම 12.30ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියේ 3වැනි ස්ථානය සඳහා වන තරගය ප්‍රංශය සහ එංගලන්තය අතර ලබන (19) වැනිදා අළුයම 02.30ට පැවැත්වේ.

ඉරානයේ පාලම් සහ බලාගාරවලට ප්‍රහාර එල්ල කරනවා

ඉරානයේ පාලම් සහ බලාගාරවලට ප්‍රහාර එල්ල කරනවා

ඉරානය නැවතත් සාම සාකච්ජා සඳහා පැමිණෙන්නේ නැතිනම් ඉරානයේ ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඒ අනුව ලබන සතියේදී ඉරානයේ පාලම් සහ බලාගාර ඉලක්ක කරමින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කරන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මේ අතර ඉරානය විසින් ජෝර්දානය, කුවේටය සහ බහරේනයේ පිහිටි අමෙරිකානු ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.

අමෙරිකාවට වාසිදායක සියලුම මුහුදු මාර්ග වසා දමනවා – ඉරානය

අමෙරිකාවට වාසිදායක සියලුම මුහුදු මාර්ග වසා දමනවා – ඉරානය

අමෙරිකාවට සහ සහායකයින්ට වාසිදායක වන අනෙකුත් සියලුම අපනයන මාර්ග වසා දමන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරයි.

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ අමෙරිකාව විසින් ඉරාන වරායන් වෙත යළිත් නාවික අවහිරතා පැනවීමෙන් අනතුරුව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මෙම තීරණය ගෙන ඇත.

“කලාපීය බලශක්ති අපනයන අයිතිය එක්කෝ සැමටම හිමිවිය යුතුය. නැතහොත් සැමටම අහිමි විය යුතුය” යනුවෙන් ඉරානයේ නිල පුවත් ඒජන්සිය වන IRNA මඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මේ අතර ලෝකයේ වැදගත් බලශක්ති සැපයුම් මාර්ග දෙකක් අවදානමට ලක් කරමින්, ඉරානය සිය සහායක යේමනයේ හූති සටන්කාමීන් ලවා රතු මුහුදට ඇතුළු වන බබ් අල්-මන්දෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය වසා දැමීමට සූදානම් වන බව විශ්ලේෂකයින් සඳහන් කරයි.

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ට්‍රම්ප් අඩියක් පස්සට ගනී

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ට්‍රම්ප් අඩියක් පස්සට ගනී

ලොව බලශක්ති සැපයුම් සඳහා අතිශය වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් වලට 20%ක ගාස්තුවක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තීරණය කළේය.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් වලට 20%ක ගාස්තුවක් පැනවීමට ගත් තීරණය වහාම අත්හැරීමට තීරණය කර ඇත.

එම යෝජනාව වෙනුවට ගල්ෆ් කලාපයේ මිත්‍ර රාජ්‍යයන් සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් පුළුල් කරමින් ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකා – ඉරාන යුද ගැටුම් අස්සේ උඩුගුවනින් ආ රුසියානු බලවතා කවුද.?

අමෙරිකා – ඉරාන යුද ගැටුම් අස්සේ උඩුගුවනින් ආ රුසියානු බලවතා කවුද.?

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය ගැටුම්කාරී තත්ත්වය යළි උත්සන්නව පවතින අවස්ථාවක රුසියාව විසින් සිය අතිවිශේෂිත “ටියුපොලෙව් Tu-214PU” (Tupolev) ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත යොමු කර ඇත.

මෙම විශේෂිත ගුවන් යානය (ලියාපදිංචි අංකය RA-64531) රුසියාවේ මොස්කව් නුවර සිට සෘජුවම ඉරානයේ ටෙහෙරාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන් ගමන් දත්ත (Flightradar24) ඔස්සේ තහවුරු වී ඇත.

මෙය සාමාන්‍ය මගී ගුවන් යානයක් නොව, රුසියානු රාජ්‍ය නායකයින් සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සඳහා සන්නිවේදන සහ මෙහෙයුම් පාලනය කිරීමට යොදා ගන්නා “පියාසර විධාන මධ්‍යස්ථානයකි” (Airborne Command Post)

මෙම යානය තුළ අති නවීන සන්නිවේදන පද්ධති, සංකේතනය කළ දත්ත හුවමාරු කිරීමේ පහසුකම් සහ න්‍යෂ්ටික යුද තත්ත්වයන් හමුවේ වුවද ක්‍රියාත්මක විය හැකි ආරක්ෂිත පද්ධති ස්ථාපිත කර ඇත.

මෙම යානය සෘජු ප්‍රහාරක යානයක් නොවන නමුත්, යුද පිටියකදී හෝ අර්බුදකාරී අවස්ථාවකදී ගොඩබිම පදනම් වූ සන්නිවේදන පද්ධති බිඳ වැටුණහොත්, අහසේ සිට හමුදා මෙහෙයුම් පාලනය කිරීමට අතිශය වැදගත් යානයකි.

ඉරානයේ හමුදා ඉලක්ක වෙත අමෙරිකාව යළි ප්‍රහාර එල්ල කිරීම සහ ඉරානය විසින් ඊට ප්‍රතිචාර දැක්වීමත් සමඟ දෙරට අතර පැවති සටන් විරාමය මේ වනවිට බිඳ වැටී ඇත.

එවැනි වාතාවරණයක් තුළ රුසියාව මෙම යානය ඉරානයේ ටෙහෙරානයට යැවීම ඉරානය කෙරෙහි රුසියාවේ පවතින උපායමාර්ගික සහයෝගය ප්‍රදර්ශනය කිරීමක් ලෙස විශ්ලේෂකයින් හඳුන්වයි.

ඉරානයේ ප්‍රදේශ කිහිපයකට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර

ඉරානයේ ප්‍රදේශ කිහිපයකට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර

අඛණ්ඩව තුන්වන දිනටත් ඉරානයට එරෙහිව දියත් කළ නවතම ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව අමෙරිකානු හමුදාව සඳහන් කරයි.

ඉරානයේ බුෂෙහ්ර්, චා බහාර්, ජාස්ක්, කොනාරක්, අබු මූසා සහ බන්ඩර් අබ්බාස් යන ප්‍රදේශවල පිහිටි ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවද අමෙරිකානු හමුදාව සඳහන් කරයි.

වාණිජ නැව් ගමනාගමනයට ප්‍රහාර එල්ල කිරීමට ඉරානයට ඇති හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම ප්‍රහාරවල අරමුණ වන බවද අමෙරිකානු හමුදාව සඳහන් කරයි.

හෝමූස් සන්ධියේදී UAE නැව් දෙකකට ඉරානයෙන් ප්‍රහාර

හෝමූස් සන්ධියේදී UAE නැව් දෙකකට ඉරානයෙන් ප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් තෙල් ප්‍රවාහන නැව් දෙකකට හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය විසින් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.

මොම්බාසා සහ අල් බහියා යන නැව් දෙක ඕමාන් මුහුදු සීමාවේ පවතින හෝමූස් සමුද්‍ර සන්ධියේ දකුණු මංතීරුවේ ගමන් කරමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත.

ඉරාන ප්‍රහාර හේතුවෙන් ඉන්දීය ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

තුවාල ලැබූ අට දෙනාගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවත් ඉන් හයදෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර දෙදෙනෙකු යුක්‍රේන ජාතිකයින් බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

යුද ගැටුම් හේතුවෙන් බො⁣රතෙල් මිල තවත් ඉහළට

යුද ගැටුම් හේතුවෙන් බො⁣රතෙල් මිල තවත් ඉහළට

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 9%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 9.59%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 83.30ක් ලෙස සටහන්ව ඇත.

තවද WTI බොරතෙල් බැරලයක මිල 9.42%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 78.14ක් ලෙස සටහන්ව ඇත.

හෝමුස් හරහා යන සියලු නෞකා වලින් 20%ක ගාස්තුවක් අයකරනවා

හෝමුස් හරහා යන සියලු නෞකා වලින් 20%ක ගාස්තුවක් අයකරනවා

ඉරානය සිටියත් නැතත් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බවත් මෙතැන් සිට අමෙරිකාව ‘හෝමුස් සමුද්‍ර සන්ධියේ භාරකරු’ ලෙස හඳුන්වනු ලබන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඒ අනුව ඉරාන වරායන් වෙත පනවා තිබූ නාවික අවහිරතා නැවතත් බලාත්මක කිරීමට අමෙරිකාව පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතිනවා, එය ඉරානය සිටියත් නැතත් දිගටම විවෘතව පවතිනු ඇත. අපි ‘ඉරාන නාවික අවහිරතාව’ නැවතත් බලාත්මක කරනවා.

මෙයට මෙම නම යෙදුවේ ඉරාන නැව් හෝ ඔවුන්ගේ පාරිභෝගිකයන්ට පමණක් ඇතුළු වීම සහ පිටවීම වළක්වන බැවිනි. අනෙකුත් සියලුම රටවලට සමුද්‍ර සන්ධිය සාධාරණ ලෙස සහ විවෘතව භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

මෙතැන් සිට අමෙරිකා එක්සත් ජනපදය, ‘හෝමුස් සමුද්‍ර සන්ධියේ භාරකරු’ ලෙස හඳුන්වනු ලබනවා. නමුත් සාධාරණත්වය උදෙසා, ලෝකයේ මෙම අතිශය නොසන්සුන් කලාපයට ආරක්ෂාව සැපයීමේ කාර්යය සඳහා වැය වන සියලුම පිරිවැය වෙනුවෙන්,

එම මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩ සඳහා 20%ක අනුපාතයකින් අපට මුදල් ප්‍රතිපූරණය කළ යුතුයි. මේ සඳහා වන ක්‍රියාවලිය සහ ව්‍යුහය සැකසීම වහාම ආරම්භ කෙරේ.”

මැදපෙරදිග ගැටුම් උණුසුම්.. යේමනයේ සියලු ගුවන්තොටුපළවල් වසා දමයි

මැදපෙරදිග ගැටුම් උණුසුම්.. යේමනයේ සියලු ගුවන්තොටුපළවල් වසා දමයි

නැවත දැනුම් දෙන තුරු රට තුළ ඇති සියලුම ගුවන්තොටුපළවල් ගුවන් ගමනාගමනය සඳහා වසා දැමීමට යේමන සිවිල් ගුවන් සේවා අධිකාරිය නියෝග කර ඇත.

ඉරාන ගුවන් යානයක් සානා ගුවන්තොටුපළට ගොඩබැස්වීම වැළැක්වීම සඳහා තම ආරක්ෂක බලකායන් විසින් ගුවන් ප්‍රහාරය එල්ල කළ බව යේමන් රජය සඳහන් කරයි.

යේමන රජය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,

ඉරාන පාලනයේ සහය ලබන හූති ත්‍රස්තවාදී කල්ලි, යේමන ජාතික ගුවන් යානාවලට අගනුවර සානා ගුවන්තොටුපළට ගොඩබැස්වීමට ඉඩ නොදී බාධා කළා.

ඔවුන් දිගින් දිගටම උත්සාහ කළේ ඉරාන ගුවන් යානයක් යේමන ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ගොඩබැස්වීමටයි. මේ හේතුව නිසා ගුවන්තොටුපළේ ධාවන පථය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට අපට සිදු වුණා.”