Foreign news

ට්‍රම්ප්ගෙන් 50%ක නව තීරු බද්දක්

ට්‍රම්ප්ගෙන් 50%ක නව තීරු බද්දක්

අමෙරිකානු වෙළෙඳ ප්‍රතිපත්තියට එරෙහිව කැනඩාව කටයුතු කිරීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 50%ක නව තීරු බද්දක් පනවා ඇත.

ඒ අනුව කැනඩාවෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක නව තීරු බද්දක් පනවා ඇති අතර අදාළ බදු පැනවීම දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මත්පැන් ඇතුළු භාණ්ඩ පිළිබඳව කැනඩාව අසාධාරණ ලෙස කටයුතු කරන බවට චෝදනා කරන අතර ඊට ප්‍රතිචාර වශයෙන් වයින් සහ හොකී පිති වැනි එදිනෙදා පාරිභෝගික භාණ්ඩ වලට මෙන්ම සිමෙන්ති ඇතුළු කාර්මික භාණ්ඩද නව තීරුබදු වලට යටත් වේ.

කැනඩාව – අමෙරිකාව සහ මෙක්සිකෝව අතර නිදහස් වෙළඳ ගිවිසුමෙන් ආවරණය වන භාණ්ඩ වලට පවා නව තීරුබදු බලපෑම් එල්ල කිරීම විශේෂත්වයක් වන අතර දැනටමත් කැනේඩියානු යකඩ, ඇලුමිනියම් සහ තඹ ඇතුළු භාණ්ඩ සඳහා අමෙරිකාව පැනවූ  15% –  50%ත් අතර තීරු බදු ක්‍රියාත්මකය.

නෞකා දෙකකට ඉරානයෙන් ප්‍රහාර

නෞකා දෙකකට ඉරානයෙන් ප්‍රහාර

නෞකා දෙකක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට යාමේදී බෝම්බ වලට හසුවී පුපුරා ගිය බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කරයි.

එහිදී එක් නෞකාවක් ඕමානයේ කුම්සාර් ගම්මානයට කිලෝ මීටර් 15ක් වයඹ දෙසින් යාත්‍රා කර තිබියදී ප්‍රහාරයට ලක්වු බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කරයි.

එම ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ ඇතිවූ ගින්න නිවීමට නොහැකි වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වු ඕමාන බලධාරීන් නැවේ කාර්ය මණ්ඩලය මුදාගැනීමට කටයුතු කර ඇත.

මේ අතර කර්ග් දූපත ආක්‍රමණය කිරීමට පැමිණෙන අමෙරිකානු හමුදා භටයන් පිළිගැනීමට පිරිසක් බලා සිටින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

හමාස් සංවිධානයට නව මුහුණක්

හමාස් සංවිධානයට නව මුහුණක්

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා (Khalil Al-Hayya) පත් කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.

2024 ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කරන ලද යායා සින්වාර් වෙනුවට හමාස් සංවිධානය තම නව නායකයා ලෙස කලීල් අල්-හයියා නම් කර ඇත.

කලීල් අල්-හයියා, පලස්තීන කණ්ඩායමේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයෙකු සහ එහි නායකත්ව මණ්ඩලයේ සාමාජිකයින් පස් දෙනාගෙන් එක් අයෙකු වේ.

කලීල් අල්-හයියා වඩාත් දැඩි මතධාරී නායකයෙකු වන අතර ඔහු දැනට කටාර් රාජ්‍යයේ ඩෝහා හි පිටුවහල්ව ජීවත් වේ. 

හෝමූස් හරහා තෙල් – ගෑස් ‘එක බිංදුවක්වත්’ ගමන් කිරීමට ඉඩ දෙන්නේ නෑ

හෝමූස් හරහා තෙල් – ගෑස් ‘එක බිංදුවක්වත්’ ගමන් කිරීමට ඉඩ දෙන්නේ නෑ

අමෙරිකාව විසින් රාත්‍රීයේ නව ප්‍රහාර මාලාවක් සිදුකරන බවට වාර්තා පළවීමත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් හෝ ගෑස් “එක බිංදුවක්වත්” ගමන් කිරීමට ඉඩ නොදෙන බවට ඉරානය අනතුරු අඟවයි.

මැදපෙරදිග කලාපීය ගැටුම් තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට බලපෑම් ඇති විය හැකි බවද ඉරාන බලධාරීන් සඳහන් කර ඇත.

ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන “හෝමූස් සමුද්‍ර සන්ධිය” හරහා දිනකට විශාල ප්‍රමාණයක බොරතෙල් සහ ස්වාභාවික ගෑස් ප්‍රවාහනය වේ.

එනිසා එම ගමනාගමනයට බාධා ඇතිවීම ගෝලීය බලශක්ති වෙළෙඳපොළට දැඩි බලපෑමක් ඇති කළ හැකි බව විශ්ලේෂකයෝ සඳහන් කරයි.

යුද ගැටුම් හමුවේ බො⁣රතෙල් මිල තවත් ඉහළට

යුද ගැටුම් හමුවේ බො⁣රතෙල් මිල තවත් ඉහළට

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.46ක් දක්වා ඉහළ ගොස් ඇත.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.41ක් දක්වා ඉහළ ගොස් ඇත.

මර්බන් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81.32ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉරාන න්‍යෂ්ටික බලාගාරයකට අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරාන න්‍යෂ්ටික බලාගාරයකට අමෙරිකාවෙන් ප්‍රහාර

අමෙරිකාව විසින් ඉරානයේ ඉදිකෙරෙමින් පවතින න්‍යෂ්ටික බලාගාරයකට පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩාකෝවින් නැමැති අදාළ බලාගාරය ඉලක්ක කිරීම සහ ඉරානයේ සාමකාමී යටිතල පහසුකම්වලට එල්ල වූ භයානක තර්ජනයක් බව එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසීම් ගරිබබාදි සඳහන් කරයි.

අනාරක්ෂිතභාවය සහ අස්ථාවරත්වය ඉහළ යාමෙන් ඇතිවන ප්‍රතිවිපාක වලට අමෙරිකානු රජය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවද නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසීම් ගරිබබාදි සඳහන් කරයි.

මේ අතර අදාළ බලාගාරය ඉදිකිරීම්වල මුල් අවධියේ පවතින බවත් ප්‍රහාරයෙන් විකිරණ කාන්දුවක් නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සඳහන් කරයි.

කිලියන් එම්බාපේ ලෝක ඉතිහාසය අලුත් කරයි

කිලියන් එම්බාපේ ලෝක ඉතිහාසය අලුත් කරයි

ඉතිහාසයේ මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකු නොතැබූ සුවිශේෂී වාර්තාවක් තමන් සතු කර ගැනීමට ප්‍රංශයේ සුපිරි පාපන්දු ක්‍රීඩක කිලියන් එම්බාපේ (Kylian Mbappe) සමත්ව ඇත.

ඒ අනුව 2026 FIFA ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි “රන් සපත්තුව” (Golden Boot) සම්මානය තමන් සතු කරගැනිමට කිලියන් එම්බාපේ (Kylian Mbappe) සමත්වෙයි.

මෙම “රන් සපත්තුව” (Golden Boot) සම්මානය සමඟින් කිලියන් එම්බාපේ (Kylian Mbappe) ලෝක කුසලාන ඉතිහාසය තුළ දෙවරක් රන් සපත්තුව දිනාගත් ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක් විය.

2022 FIFA කටාර් ලෝක කුසලාන තරගාවලියේදී රන් සපත්තුව දිනාගත් කිලියන් එම්බාපේ (Kylian Mbappe) මෙලෙස පිට පිටම පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලි දෙකකදීම මෙම සම්මානය තමන් සතු කර ගැනීම විශේෂත්වයකි.

වසර 16කට පසු ලෝක පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට

වසර 16කට පසු ලෝක පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී 1-0ක් ලෙස ආර්ජන්ටිනාව පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ සමත් විය. 

පසුගිය 2010 වසරේ දකුණු අප්‍රිකාවේදී ප්‍රථම වරට ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤය, වසර 16කට පසුව සිය දෙවන FIFA ලෝක කුසලාන කිරුළ මෙලෙස හිමිකර ගැනීමට සමත් විය.

මෙම තියුණු තරගයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිළම ගෝල ලබා ගැනීමට අසමත් වූ අතර තරගයේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී ගියේය.

අතිරේක කාලයේ 106 වන මිනිත්තුවේදී ස්පාඤ්ඤ ඉදිරිපෙළ ක්‍රීඩක ෆෙරාන් ටෝරස් ලබාගත් සුපිරි ගෝලයත් සමඟ ස්පාඤ්ඤය තරගයේ පෙරමුණ ගත්තේය. 

තරගයේ 90+3 වන මිනිත්තුවේදී ආර්ජන්ටිනා මධ්‍යපෙළ ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස් පිටියෙන් ඉවත් කරනු ලැබු අතර අනතුරුව ආර්ජන්ටිනාවට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් තරග කිරීමට සිදුවිය.

කෙසේ වෙතත් ලියොනෙල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා පිල තරගය පුරා උත්සාහයන් කිහිපයක්ම ගත්තද, ස්පාඤ්ඤ ආරක්ෂක පෙළ සහ ගෝල් රකින්නා අභිබවා යාමට ඔවුන්ට නොහැකි විය.

ට්‍රම්ප්ගේ නියෝග පරිදි ඉරානයට නව ප්‍රහාර මාලාවක්

ට්‍රම්ප්ගේ නියෝග පරිදි ඉරානයට නව ප්‍රහාර මාලාවක්

ඉරානයට නව ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට හමුදාවන්ට නියෝග කර ඇත.

ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියයාමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත.

ඉරානය එල්ල කළ එම බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් හතර දෙනෙකු තුවාල ලබා තවත් අයෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අමෙරිකාව විසින් ඉරාන පාලම් සහ බලශක්ති පද්ධතිවලට පහරදීම හේතු කරගනිමින් ඉරානය, අසල්වැසි රටවල පිහිටි අමෙරිකානු කඳවුරු වලට ප්‍රහාර එල්ල කළේය.

ප්‍රංශය පරාජය කරමින් තුන්වන ස්ථානය ගත් එංගලන්තය

ප්‍රංශය පරාජය කරමින් තුන්වන ස්ථානය ගත් එංගලන්තය

එංගලන්තය මෙවර 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගත්තේය.

ඒ අනුව තෙවන ස්ථානය සඳහා කිලියන් එම්බාප්පේ ප්‍රමුඛ ප්‍රංශය සමග පැවැති තරගය ගෝල 6ට 4ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

මයැමි ක්‍රීඩාංගනයේදී පැවැති මෙම තරගය නැරඹීම සඳහා හැට හතර දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටියහ.

තරගයේ පළමු අර්ධය එංගලන්තය ගෝල 4ට 0ක් ලෙස පෙරමුණ ගත් අතර දෙවැනි අර්ධයේදී ඔවුන් තවත් ගෝල 2ක් රැස් කළේය.

ප්‍රංශය දෙවැනි අර්ධයේදී ගෝල 4ක් රැස් කළද එය ජයග්‍රාහණයට ප්‍රමාණවත් නොවීය.

ඒ අනුව තෙවන ස්ථානය සඳහා පැවති තරගය ගෝල 6ට 4ක් ලෙස ජයගනිමින් එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ තෙවන ස්ථානයට පත්විය.

✕
⌃ News
📰 Free News Subscription?