ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවට ඉරානය විසින් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය දැනුවත් කර ඇත.
ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින් විදේශීය රටවල නිෂ්පාදනය කරන ලද සියලුම නව පාරිභෝගික අන්තර්ජාල රවුටර් (Consumer Internet Routers) අමෙරිකා එක්සත් ජනපදය තුළ භාවිතා කිරීම තහනම් කිරීමට එරට ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) පියවර ගෙන ඇත.
සයිබර් ප්‍රහාරකයන් විසින් කුඩා කාර්යාල සහ නිවෙස්වල භාවිත කරන රවුටර් පද්ධතිවල පවතින දුර්වලතා උපයෝගී කරගනිමින් දත්ත සොරාගැනීමේ සහ යටිතල පහසුකම්වලට හානි කිරීමේ අවදානමක් පවතින බවට හඳුනාගෙන තිබීම මෙයට හේතුව බව ඔවුන් සඳහන් කරයි.
මෙම තහනම මූලික වශයෙන් අමෙරිකාවෙන් බැහැර රටවල නිෂ්පාදනය කරන ලද නව උපාංග මාදිලි සඳහා බලපැවැත්වෙන බව ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව (FCC) සඳහන් කරයි.
ටෙක්සාස් ප්‍රාන්තයේ Port Arthurහි පිහිටි තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීමත් සමඟ අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති අතර පිපිරීමේ හඬින් අවට නිවාස පවා සෙලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට වහාම නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙස ප්‍රාන්තයේ බලධාරීන් දැනුම් දී ඇත.
කොලොම්බියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස්, තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිලධාරීන් ප්‍රවාහනය කරන හර්කියුලිස් වර්ගයේ ගුවන් යානයක් කොලොම්බියාවේ දකුණු ප්‍රදේශයේදී අනතුරට පත් වු අතර අනතුර සිදුවන අවස්ථාවේ යානයේ හමුදා නිලධාරීන් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 11 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම දේශගුණික අර්බුදයට පෘථිවිය මේ වනවිට අවතීර්ණ වී ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සඳහන් කරයි.
පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.43 කින් ඉහළ ගොස් ඇති අතර සාගර රත්වීම සහ අයිස් කඳු දියවීම හේතුවෙන් මාරාන්තික ඩෙංගු වැනි රෝග ව්‍යාප්තිය සහ දැඩි සුළි කුණාටු ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි වසර දෙක තුළ ඇතිවිය හැකි එල් නිනෝ බලපෑමත් සමඟ ලෝක උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සඳහන් කරයි.
කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් පෘථිවිය පිට කරන තාපයට වඩා වැඩි තාප ප්‍රමාණයක් උරා ගනිමින් පවතින බවද එම සංවිධානය සඳහන් කරයි.
2026 වසරේ දෙවන භාගයේදී එල් නිනෝ (El Niño) තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර එමඟින් එළඹෙන 2027 වසරේදී ලෝක උෂ්ණත්වය තවත් වාර්තාගත ලෙස ඉහළ යා හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවයි.
විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ මේ වනවිට අමෙරිකාවේ නිරිතදිග ප්‍රදේශවල පවතින 40°C ට වඩා වැඩි අධික උණුසුම් කාලගුණය (Heatwave), මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවූ දේශගුණික විපර්යාසයන්හි සෘජු ප්‍රතිඵලයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැදපෙරදිග යුදමය තත්ත්වය සමනය කිරීමට අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ආරම්භ වී තිබුණද, ඉරාන පාලන තන්ත්‍රය මුළුමනින්ම පෙරළා දමන තෙක් යුද්ධය නතර නොකළ යුතු බව ඊශ්‍රායල විපක්ෂ නායක අවිග්ඩෝර් ලිබර්මන් සඳහන් කරයි.
ඉරානයට එල්ල කරන ප්‍රහාර දින පහකට අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය හමුවේ ඊශ්‍රායල විපක්ෂ නායක අවිග්ඩෝර් ලිබර්මන් මේ බව සඳහන් කරයි.
ඊශ්‍රායලයට සහ අමෙරිකානු කඳවුරු පවතින ජෝර්දානය, ඉරාකය වැනි රටවලට ඉරානය එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළට සහ ගුවන් ගමන් වලට මේ වන විටත් දැඩි බලපෑම් එල්ල වී ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සම්බන්ධයෙන් ඉරානය නියෝගයක් නිකුත් කර ඇත.
ඒ අනුව ඉරානයේ ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, මිතුරු රටවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ හැකි එකම ක්‍රමය වන්නේ ඉරානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් පමණක් බවයි.
ඉරාන වෙරළ තීරයට හෝ දූපත්වලට ප්‍රහාර එල්ල කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් හමුවේ පර්සියානු ගල්ෆ් කලාපයේ සියලු ප්‍රවේශ මාර්ග සහ වෙරළබඩ ප්‍රදේශවල සිට ඒවාට මුහුණ දීමට සිය හමුදා සූදානම් බවද සඳහන් කරයි.
යුද ගැටුම් සම්බන්ධව පූර්ණ විසඳුමකට පැමිණීම සම්බන්ධව ඉරානය සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
ඒ අනුව දින පහක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
සිය ‘Truth Social’ සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.
“පසුගිය දින දෙක පුරා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මැදපෙරදිග පවතින ගැටුම් සම්පූර්ණයෙන්ම සහ සහමුලින්ම විසඳා ගැනීම පිළිබඳව ඉතා යහපත් හා ඵලදායී සාකච්ඡා පැවැත්වුණු බව මම සතුටින් දන්වා සිටිමි.
මෙම සතිය පුරා අඛණ්ඩව පැවැත්වෙන සාකච්ඡාවල ස්වභාවය අනුව, ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කිරීමට නියමිතව තිබූ සියලුම හමුදා ප්‍රහාර දින 5ක කාලයකට කල් තබන ලෙස මම යුද දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නෙමි.
මෙම තීරණය දැනට පවතින රැස්වීම් සහ සාකච්ඡාවල සාර්ථකත්වය මත රඳා පවතී. මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීම ගැන ස්තූතියි.”
එයාර් කැනඩා ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක් නිව්යෝර්ක්හි ලාගාඩියා ගුවන්තොටුපොළේදී ගුවන්පථය ආසන්නයේ ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
ගුවන්තොටුපළට ගොඩබෑමේදී එයාර් කැනඩා ගුවන් යානය ගිනි නිවන රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගුවන් නියමුවා සහ සහාය නියමුවා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගුවන් යානයේ මගීන් 72ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු සිට අති අතර අනතුරින් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ගුවන් යානය ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී යානය පැයට කිලෝමීටර් 39ක පමණ වේගයෙන් එම ට්‍රක් රථයේ ගැටී ඇත.
කෙසේ වෙතත් මෙම අනතුරින් ගුවන් යානයට හානි සිදුව ඇති අතර එම සිද්ධිය හේතුවෙන් ලාගාඩියා ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.
ඊශ්‍රායලය විසින් ඉරාන රාජ්‍ය ගුවන්විදුලියට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එම ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ දකුණු වරාය නගරය තුළ පිහිටි අදාළ ගුවන්විදුලි නාලිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගතවූ පැය 24ක කාලය තුළ අමෙරිකාව සහ ඊශ්‍රායල විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් කුඩා දරුවෙකු මියගොස් ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් මානව හිමිකම් සංවිධානයක් සඳහන් කරයි.