Foreign news

ආසියාවට ලබාදෙන තෙල් සැපයුම කප්පාදු කරයි

ආසියාවට ලබාදෙන තෙල් සැපයුම කප්පාදු කරයි

ලෝකයේ විශාලතම තෙල් අපනයනකරු වන “සෞදි ඇරම්කෝ සමාගම” අප්‍රේල් මාසය සඳහා ආසියානු ගැනුම්කරුවන් වෙත ලබාදෙන බොරතෙල් සැපයුම දෙවන වරටත් කප්පාදු කර ඇති බව වාර්තා වේ. 

ඉරානය, අමෙරිකාව සහ ඊශ්‍රායලය අතර යුද ගැටුම් හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන වෙළඳ කටයුතු වලට දැඩි බාධා එල්ල වීම නිසා එම බොරතෙල් සැපයුම කප්පාදු කර ඇත.

එළඹෙන අප්‍රේල් මාසයේදී රතු මුහුදේ පිහිටි යාන්බු වරාය හරහා අපනයනය කරන ‘Arab Light’ වර්ගයේ බොරතෙල් පමණක් තම පාරිභෝගිකයන් වෙත ලබාදීමට එම සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා සිටින අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

ලොව පුරා සිටින අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

ලොව පුරා සිටින අමෙරිකානුවන්ට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

පවතින තත්ත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින අමෙරිකානුවන්ට වැඩි අවධානයක් යුතුව කටයුතු කරන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සියලු අමෙරිකානුවන් ළඟම පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය විසින් නිකුත් කර ඇති ආරක්ෂක අනතුරු ඇඟවීම්වල මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කාලානුරූපව ගුවන් අවකාශය වසා දැමීම මෙන්ම මැද පෙරදිගින් පිටත ඇතුළුව එක්සත් ජනපද රාජ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ඉලක්ක විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉරානයට සහාය දක්වන කණ්ඩායම් විදේශයන් හී අනෙකුත් එක්සත් ජනපද අවශ්‍යතා හෝ එක්සත් ජනපද හා ලොව පුරා අමෙරිකානුවන් හා සම්බන්ධ ස්ථාන ඉලක්ක විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එනිසා වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස දන්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා සිටින සියලු අමෙරිකානුවන්ට යාවාත්කාලීන අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

නෙතන්යාහු ලෝකය ඉදිරියේ හඬා වැටෙයි.?

නෙතන්යාහු ලෝකය ඉදිරියේ හඬා වැටෙයි.?

අම‍ෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුද්ධයට සහාය දෙන ලෙසට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඇතැම් රටවල් මේ වනවිටත් සහාය දීමට සූදානමින් සිටින බවත් ජාත්‍යන්තර ප්‍රජාව මීට වඩා පුළුල් ලෙස ඊට මැදිහත් විය යුතු බවද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරයි.

ඉරානය සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් ඔවුන්ට යුරෝපය දක්වා ඉලක්ක කළ හැකි දිගු දුර අවි පවතින බවද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

ඊශ්‍රායලයේ අරාබ් ප්‍රදේශයේ සිට ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය නෙතන්යාහු මේ බව සඳහන් කරයි.

“ඉතිරි රටවල නායකයින් එක්වීම දැකීමට කාලයයි. ඔවුන්ගෙන් සමහරක් එම දිශාවට ගමන් කරන බව දැකීම ගැන මම සතුටු වෙමි. නමුත් තවත් අවශ්‍ය වේ.”

අමෙරිකානු හමුදා කඳවුරු සහ ඊශ්‍රායලයේ සියලු බලශක්ති පද්ධති විනාශ කරනවා

අමෙරිකානු හමුදා කඳවුරු සහ ඊශ්‍රායලයේ සියලු බලශක්ති පද්ධති විනාශ කරනවා

හෝමුස් සමුද්‍ර සන්ධිය දැනට වසා දමා නොමැති නමුත් එය තම පූර්ණ පාලනය යටතේ පවතින බව ඉරාන හමුදා ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆගාරි ‘Ebrahim Zolfaghari’ සඳහන් කරයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා ඇත්තේ සතුරන්ට සහ හානිකර ගමනාගමනයට පමණක් බව හමුදා ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆගාරි සඳහන් කරයි.

අමෙරිකාව විසින් සිය තර්ජනය ක්‍රියාත්මක කළහොත් පහත සඳහන් ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව හමුදා ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆගාරි අවධාරණය කරයි.

*ඊශ්‍රායලයේ සියලුම විදුලි බලාගාර, බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ඉලක්ක කර මහා පරිමාණ ප්‍රහාර එල්ල කිරීම.

*කලාපය තුළ පවතින අමෙරිකානු කොටස් හිමිකාරිත්වය සහිත සියලුම සමාගම් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම.

*හානියට පත් ඉරාන බලාගාර නැවත ගොඩනගන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිසේත්ම විවෘත නොකිරීම.

*අමෙරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන කලාපීය රටවල බලශක්ති මධ්‍යස්ථාන නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකා ප්‍රහාර එල්ල කිරීම.

ඩොනල්ඩ් ට්‍රම්ප් “ත්‍රස්තවාදී ජනාධිපතිවරයෙක්” ලෙස හඳුන්වමින් ඉරානය සිය පහරදීමේ සැළසුම් ප්‍රකාශයට පත් කර ඇත.

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමනවා – ඉරානය

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමනවා – ඉරානය

ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර අමෙරිකාව ප්‍රහාර එල්ල කළහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බව ඉරානය ප්‍රකාශ කර ඇත.

ලෝක තෙල් ප්‍රවාහනයට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ගෝලීය බොරතෙල් සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරයි.

ඉදිරි පැය 48 ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බලාගාර ඇතුළු බලශක්ති මධ්‍යස්ථාන මුළුමනින්ම විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය.

ඊශ්‍රායලයේ ප්‍රහාරක ජෙට් යානයක් ඉරානය බිම⁣ හෙළයි

ඊශ්‍රායලයේ ප්‍රහාරක ජෙට් යානයක් ඉරානය බිම⁣ හෙළයි

මධ්‍යම ඉරානයට ඉහළ අහසේදී ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානයක් වන F-16 සාර්ථකව ඉලක්ක කර පහරදුන් බව ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරයි.

ඩ්‍රෝන යානා, කෲස් මිසයිල සහ දියුණු සතුරු ප්‍රහාරක යානා ඇතුළු සතුරු ගුවන් යානා 200කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර විනාශ කළ බව ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරයි.

එමඟින් ඉරාන ගුවන් කලාපයේ තර්ජන නිරීක්ෂණය කිරීමට සහ ඒවාට මුහුණ දීමට IRGC සතු වැඩිදියුණු කළ හැකියාවන් පෙන්නුම් කළ බවද සඳහන් කරයි.

ඊශ්‍රායල F-16 යානය ඉලක්ක කර පහරදීම විදේශීය ආක්‍රමණයන්ට එරෙහිව තම ගුවන් අවකාශය ආරක්ෂා කර ගැනීමට ඉරානයේ වර්ධනය වන මිලිටරි ශක්තිය සහ සූදානම පිළිබඳ ප්‍රකාශයන් පිළිබිඹු කරන බවද සඳහන් කරයි.

මේ අතර ටෙහෙරාන් අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක සිටි ගුවන් යානය ඔවුන්ගේ ඉලක්කය වූ බව ඊශ්‍රායල හමුදාව සඳහන් කරයි.

ලොවම කළඹමින් අරාබි මුහුදට ආ අති නවීන න්‍යෂ්ටික බලවතා

ලොවම කළඹමින් අරාබි මුහුදට ආ අති නවීන න්‍යෂ්ටික බලවතා

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද මෙහෙයුම් තීව්‍ර කරන බවට සිදුකළ තර්ජනය අතරතුර න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීනයක් අරාබි මුහුද වෙත පැමිණ ඇත.

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන මෙම සබ්මැරීනය බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් අති නවීන ප්‍රහාරක සබ්මැරීනයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කිලොමීටර් 1,600ක පමණ දුරකට ප්‍රහාර එල්ල කළ හැකි ටොමාහෝක් මිසයිල හා ටෝපිඩෝ වැනි ප්‍රහාරක අවි මෙම සබ්මැරීනය සතුව පවතියි.

මාර්තු මස (06) වෙනිදා ඔස්ට්‍රේලියාවේ පර්ත්හි සිට පිටත්ව ඇති HMS ඇන්සන් නම් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් මෙම සබ්මැරීනය හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්න, උතුරු අරාබියානු මුහුදේ ස්ථානගත කර ඇත.

ඊශ්‍රායලයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට සහ එරාඩ් වෙත ඉරානයෙන් ප්‍රහාර

ඊශ්‍රායලයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට සහ එරාඩ් වෙත ඉරානයෙන් ප්‍රහාර

ඉරානය විසින් සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිහිටි ඩිමෝනා නගරයට ප්‍රහාරයක් එල්ල කර ඇත.

දකුණුදිග ඊශ්‍රායලයේ ඩිමෝනා නගරය වෙත එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ආසන්නයෙන් මෙම මිසයිල ප්‍රහාරය පතිතවී ඇති අතර දකුණුදිග ඊශ්‍රායලයේ එරාඩ් නගරයටද ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.

ට්‍රම්ප් ඉරානයට ගැහුවොත් කලාපීය බලශක්ති මධ්‍යස්ථාන සමතලා කරනවා – ඉරානය

ට්‍රම්ප් ඉරානයට ගැහුවොත් කලාපීය බලශක්ති මධ්‍යස්ථාන සමතලා කරනවා – ඉරානය

ඉරානයේ සිය විදුලි පද්ධතියට පහර දුන්නොත් කලාපීය බලශක්ති සහ ජල මධ්‍යස්ථාන වලට පහර දෙන බවට ඉරානය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

අමෙරිකාවට සහ ඊශ්‍රායලයට සම්බන්ධ මුහුදු ජලය පිරිපහදු කරන මධ්‍යස්ථාන සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වලට ඉරානය පහර දෙන බව ඉරානයේ ඛාතම් අල්-අන්බියා මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆගාරි සඳහන් කරයි.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැය 48 තුළ හොමූස් සමුද්‍ර සන්දිය විවෘත නොකළහොත් ඉරාන විදුලි බල පද්ධතියට ප්‍රහාර එල්ල කරන බවට සිදුකළ අනතුරු ඇඟවිමට ප්‍රතිචාර වශයෙන් ඉරානය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

ඉදිරි පැය 48 තුළ ඉරානයේ සියලු බලාගාර සමතලා කරනවා – ට්‍රම්ප්

ඉදිරි පැය 48 තුළ ඉරානයේ සියලු බලාගාර සමතලා කරනවා – ට්‍රම්ප්

ඉදිරි පැය 48 තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර වලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

ගෝලීය බොරතෙල් සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගය ඉරානය අවහිර කිරීමත් සමග ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.