Foreign news

පැය 24ක් තුළ ඉරානයට ගුවන් ප්‍රහාර 640ක්

පැය 24ක් තුළ ඉරානයට ගුවන් ප්‍රහාර 640ක්

ඉරානයේ පළාත් 17කට ගුවන් ප්‍රහාර 640ක් එල්ල වී ඇති බව අමෙරිකාව කේන්ද්‍රකරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රවෘත්ති ඒජන්සියක් සඳහන් කරයි.

ඒ අනුව (20) දිනයේදී ඉරානයේ පළාත් 17කට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මැදපෙරදිග යුද තත්ත්වය ආරම්භ වී සති තුනක කාලයක් ගතවී ඇති පසුබිමක අවම වශයෙන් පුද්ගලයින් 1,398 දෙනෙකු මියගොස් ඇති බවත් ඉරාන හමුද නිලධාරින් 1,165 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට යළිත් ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට යළිත් ප්‍රහාරයක්

ඉරාන ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නටාන්ස් වෙත නැවතත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුද්ධයේ පළමු සතියේදී මෙයට ප්‍රහාර එල්ල වූ අතර එම අවස්ථාවේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප වලට අනුව ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇත.

මෙම ප්‍රහාරය, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සහ අනෙකුත් න්‍යෂ්ටික ආරක්ෂණ රෙගුලාසි ඇතුළු ජාත්‍යන්තර නීති සහ කැපවීම් උල්ලංඝනය කිරීමක් බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය සඳහන් කර තිබුණේ, එම ප්‍රහාරයෙන් “කිසිදු විකිරණශීලී ප්‍රතිවිපාකයක්” අපේක්ෂා නොකරන බවයි.

අමෙරිකාවේ ප්‍රධානම නාවික කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

අමෙරිකාවේ ප්‍රධානම නාවික කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

ඉන්දීය සාගරයේ ප්‍රධානම අමෙරිකානු නාවික කඳවුර ලෙස සැලකෙන චාගෝස් දූපත් සමූහයේ පිහිටි දියේගෝ ගාසියා කඳවුරට ඉරානය බැලස්ටික් මිසයිල 2ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නාවික කඳවුර මධ්‍යම ඉන්දියානු සාගරයේ උපායමාර්ගිකව පිහිටා ඇති පරමාණුවක් වන අතර එය එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ප්‍රධාන හමුදා පහසුකමක් සපයයි.

බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර භූමියේ කොටසක් වන මෙම කඳවුර ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියාව පුරා විහිදෙන විශාල කලාපයක් හරහා ගුවන් සහ නාවික මෙහෙයුම් සඳහා තීරණාත්මක මධ්‍යස්ථානයකි.

එම මිසයිල ප්‍රහාරයෙන් එකක් ගුවනේදී විනාශ වී ඇති බවත් අනෙක් මිසයිලයට අමෙරිකානු යුද නැවක් ප්‍රහාරයක් එල්ල කර ව්‍යර්ථ කළ බව වාර්තා කළද එම ඉලක්කය සාර්ථකව විනාශ කළේද යන්න තවමත් නිවේදනය කර නොමැත.

කෙසේ වෙතත් ධවල මන්දිරය සහ අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සිදුකළ විමසීම් වලට පිළිතුරු ලබාදිමෙන් වැළකී ඇත.

මේ අතර ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකාව විසින් ඉරාන “අයිරිස් ඩේනා” යුද නෞකාවට ටෝපිඩෝ ප්‍රහරයක් එල්ල කළ සම්මැරීනය පැමිණියේ මෙම දූපතේ සිට බව වාර්තා වේ.

ඉරාන බොරතෙල් සම්බාධක දින 30කට ඉවත් කරයි

ඉරාන බොරතෙල් සම්බාධක දින 30කට ඉවත් කරයි

ඉරාන බොරතෙල් තෙල් සඳහා පනවා ඇති සම්බාධක දින 30ක් සඳහා තාවකාලිකව ඉවත් කරන බවට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධය හේතුවෙන් ලොව පුරා තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් අඩාල වීම සැලකිල්ලට ගෙන එම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම අවසරය තාවකාලිකව ලබාදෙන අවසරයක් වන අතර එය අදාළ වන්නේ දැනටමත් ප්‍රවාහනයේ පවතින අනුමත තෙල් සඳහා පමණක් බවත් නව ඇණවුම් සඳහා එය අදාල නොවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ට්‍රම්ප් ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට සැරසෙයි

ට්‍රම්ප් ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට සැරසෙයි

සිය හමුදා මෙහෙයුම් අවසන් කර “යුද්ධය අවසන් කිරීම” සලකා බලමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානයට එරෙහි යුද්ධයේදී තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අමෙරිකාව ඉතා සමීපයට පැමිණ ඇති බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය “Truth” සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

ඉරානයේ යුද ශක්තිය බිඳ දැමීම ඇතුළු ජයග්‍රහණ මාලාවක් අත්කරගත් බවත් ඉරාන මිසයිල හැකියාව සම්පූර්ණයෙන්ම බිඳහෙළු බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානයේ යුධ උපකරණ නිපදවන කඳවුරු විනාශ කිරීමට හැකිවූ බවත් ඒ හේතුවෙන් ඉරානය කිසි විටෙකත් න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ නොකරනු ඇති බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය රට මැදපෙරදික කලාපයේ සිය මිත්‍රයන් වන ඊශ්‍රායලය, සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට් සහ අනෙකුත් රටවල් ඉරාන තර්ජනවලින් සුරක්ෂිත කර ඇති බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

යුද්ධය අවසන් කරන තෙක් නතර කරන්නේ නෑ.. අමෙරිකාවෙන් ප්‍රකාශයක්

යුද්ධය අවසන් කරන තෙක් නතර කරන්නේ නෑ.. අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ආරම්භ කළ යුද්ධය අවසන් කරන තෙක් එය නතර නොකරන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අද (19) විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කරයි.

ඉරාන යුද්ධයේදී මියගිය අමෙරිකානු සෙබළුන්ගේ දේහයන් එරටට රැගෙන ආ අවස්ථාවට තමන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

මියගිය සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන් තමන්ගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, ආරම්භ කළ යුද්ධය අවසන් කරන තෙක් නතර නොකරන ලෙස බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

“අනිවාර්යයෙන්ම අපි මෙය අවසන් කරනවා ඔවුන් කළ කැපකිරීමට අපි ගෞරව කරනවා,” යැයි අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

ඉරානය සමඟ පවතින ගැටුම් ආරම්භ වූ දා සිට අමෙරිකානු හමුදාවන්ට එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 90% කින් අඩුවී ඇති බවත් ඉරාන නාවික හමුදාවට අයත් යුද නැව් අවම වශයෙන් 120ක් පමණ විනාශ කිරීමට හෝ ගිල්වා දැමීමට අමෙරිකාව සමත්ව ඇති බවද සඳහන් කරයි.

ඉරානයේ මතුපිට නාවික බලය දැන් අවසන් වී ඇති බවත් ඔවුන්ගේ සබ්මැරීන් විනාශ වී ඇති බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

ඉරාන රජය ගාසා තීරයේ හමාස් සංවිධානය මෙන් තම ධනය උමං මාර්ග, රොකට් සහ මිසයිල සඳහා වැය කර ඇති බවත් අමෙරිකානු හමුදාව ඉතා ක්‍රමවත්ව සහ දරුණු ලෙස ඒවා විනාශ කරමින් සිටින බවද සඳහන් කරයි.

අමෙරිකාව ඉරානය තුළ ඉලක්ක 7,000 කට වඩා වැඩි ප්‍රමාණයකට පහර දී ඇති බවත් අද දිනය තුළ ඉතිහාසයේ එල්ල කළ විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට එල්ල කරන බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.

සෞදි අරාබිය ඉරානයට අනතුරු අඟවයි

සෞදි අරාබිය ඉරානයට අනතුරු අඟවයි

සෞදි අරාබියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පසුව අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් ඇති බව සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සඳහන් කරයි.

ඉරානය සිය වැරදි තක්සේරු කිරීම් පිළිබඳව නැවත සමාලෝචනය කළ යුතු බවත් මෙවැනි ප්‍රහාර මගින් ටෙහෙරානයට කිසිදු වාසියක් අත්නොවන බවද අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සඳහන් කරයි.

ඉරානය තම අසල්වැසි රටවල් සමඟ සාකච්ඡා කිරීමට විශ්වාසය නොතබන බවත් ඒ වෙනුවට අසල්වැසියන්ට බලපෑම් කිරීමට උත්සාහ කරන බවද අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සඳහන් කරයි.

රියාද් නුවර පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු මේ බව සඳහන් කරයි.

ඉරාන ගෑස් නිධියට එල්ල කළ ප්‍රහාරය නිසා ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට බැනුම්

ඉරාන ගෑස් නිධියට එල්ල කළ ප්‍රහාරය නිසා ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට බැනුම්

ඉරානයේ සවුත් පාර්ස් (South Pars) ස්වභාවික වායු නිධියට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විවේචනය කර ඇත.

තම Truth Social සමාජ මාධ්‍ය ජාලය හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන් කළේ, පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවට මූලික හේතුව වූයේ ඊශ්‍රායලයේ එම ක්‍රියාව බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,

“මැදපෙරදිග සිදුවන දේ පිළිබඳ කෝපයෙන් පසුවන ඊශ්‍රායලය, ඉරානයේ ‘සවුත් පාර්ස්’ නම් දැවැන්ත ගෑස් නිධියට ප්‍රචණ්ඩකාරී ලෙස පහර දී තිබේ. එම සමස්ත පද්ධතියෙන් සාපේක්ෂව කුඩා කොටසකට පමණක් ඉන් හානි සිදුව ඇත.”

“අමෙරිකාව මෙම ප්‍රහාරය ගැන කිසිවක් දැන සිටියේ නැත. එමෙන්ම කටාර් රාජ්‍යය කිසිම ආකාරයකින් මෙයට සම්බන්ධ නැති අතර එවැනි දෙයක් සිදුවන බව ඔවුන් දැන සිටියේද නැත.”

“අවාසනාවකට මෙන්, ඉරානය මේ කරුණු කිසිවක් දැන නොසිටි අතර, අසාධාරණ ලෙස කටාර්හි LNG මධ්‍යස්ථානයට පහර දුන්නේය. ඉතා වැදගත් සහ වටිනා සවුත් පාර්ස් නිධියට ඊශ්‍රායලය විසින් තවදුරටත් ප්‍රහාර එල්ල කරනු නොලැබේ.”

UAE ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක්

UAE ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක්

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගුවන් හමුදා කඳවුරකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අබුඩාබි නගරයට ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය සිය ප්‍රහාර තවදුරටත් තිව්‍ර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු ඉරානයට ඊශ්‍රාලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් ටෙල් අවිව් ගුවන් තොටුපොළේ තිබූ ගුවන් යානා 03කට හානී සිදුව ඇති බව වාර්තා වේ.

කටාර් ගෑස් නිධියකට මිසයිල ප්‍රහාරයක්.. පැය 24ක් ඇතුළත වහාම රටින් පිටවෙන්න

කටාර් ගෑස් නිධියකට මිසයිල ප්‍රහාරයක්.. පැය 24ක් ඇතුළත වහාම රටින් පිටවෙන්න

ඉරානය විසින් කටාර් රාජ්‍යයේ පිහිටි රාස් ලෆාන් කාර්මික නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් එරට ස්වභාවික ගෑස් නිෂ්පාදන ස්ථානයකට හානී සිදුව ඇති බව වාර්තා වේ.

ඉරානය විසින් කටාර් රාජ්‍යයට මිසයිල 5ක් එල්ල කර ඇති අතර ඉන් 4ක් ව්‍යර්ත කිරීමට කටාර් රාජ්‍යය සමත් වුවද එක් මිසයිලයක් රාස් ලෆාන් නගරයට පතිත වී ගිනි ගැනීමට ලක් වු බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

කටාර් රාජ්‍යය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක ඇති අතර තම ස්වෛරීභාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බව කටාර් රාජ්‍යය සඳහන් කරයි.

ඒ අනුව කටාර් විදේශ අමාත්‍යාංශය විසින් පැය 24ක් ඇතුළත කටාර්හි සිටින ඉරාන හමුදා, ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ කාර්යය මණ්ඩලයට වහාම රටින් පිටවන ලෙසට දැනුම් දී ඇත.