Foreign news

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් මියගිය ගණන 900 ඉක්මවයි.!

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් මියගිය ගණන 900 ඉක්මවයි.!

පසුගිය දිනවල ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 916ක් මියගොස් ඇති බවත් 274 දෙනෙකු අතුරුදන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ගංගා ඉවුරු බිඳී ගොස් ගංවතුර කඳුකර ගම්මාන හරහා ගලා ගොස් ඇති අතර ඒ හේතුවෙන් දහස් ගණනක් නිවාස සහ ගොඩනැගිලි ජලයෙන් යට වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විටත් ඉන්දුනීසියාවේ ගලවා ගැනීමේ නිලධාරීන් විසින් මළ සිරුරු සොයා මෙහෙයුම් සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුරවැසිභාවය අහෝසි කරන ට්‍රම්ප්ගේ නියෝගය.!

පුරවැසිභාවය අහෝසි කරන ට්‍රම්ප්ගේ නියෝගය.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ම පුරවැසිභාවය අහෝසි කිරීමේ විධායක නියෝගයකට පසුගියදා අත්සන් කළේය.

එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගත් විධායක නියෝගයට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සමක් සලකා බැලීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

එම පෙත්සම විභාග කිරීම සඳහා දිනයක් නියම කර නොමැති අතර අමෙරිකානු ‍පහළ අධිකරණය කිහිප වතාවක් එම විධායක නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවට ප්‍රකාශ කළේය.

එම විධායක නියෝගය මගින් නීතිවිරෝධී ලෙස අමෙරිකාවේ සිටින හෝ තාවකාලික වීසා මත රට තුළ සිටින පුද්ගලයින්ට උපදින දරුවන්ට පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ශේප කිරිමයි.

යුක්‍රේන හමුදා වහාම ඉවත් වෙන්න.. පුටින් අනතුරු අඟවයි.!

යුක්‍රේන හමුදා වහාම ඉවත් වෙන්න.. පුටින් අනතුරු අඟවයි.!

යුක්‍රේනයට අයත් වන ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරයි.

එනිසා යුක්‍රේනය හමුදාව නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශයෙන් ඉවත්විය යුතු බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් අනතුරු අඟවා ඇත.

යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට අදාළ තමන්ට අවාසි සියලු සම්මුතීන් ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරයි.

ඉන්දියාවේ සංචාරයක නිරත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් එරට පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට ඩොන්බාස් වලින් 85%ක් පමණ රුසියාව විසින් පාලනය කරන අතර එහි නැගෙනහිර ප්‍රදේශයේ පමණක් යුක්‍රේනය හමුදා රැඳී සිටියි.

හොංකොං නිවාස සංකීර්ණයේ ගින්නෙන් විශාල පිරිසක් මරුට.!

හොංකොං නිවාස සංකීර්ණයේ ගින්නෙන් විශාල පිරිසක් මරුට.!

හොංකොං හි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නෙන් විශාල පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් ඇති බවත් තවත් පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගින්න නිවා දැමීම සඳහා ගිනිනිවන භටයින් 800කට වැඩි පිරිසක් මේ වනවිට සේවයේ යොදවා ඇති බවත් ගින්න නිවා දැමීමේ හදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවද සඳහන් කරයි.

පාකිස්තානය කැළඹෙයි.. හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඝාතනය කරයි.?

පාකිස්තානය කැළඹෙයි.. හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඝාතනය කරයි.?

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වන පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් ඇත.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී කුරිරු පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවද වාර්තා වේ.

මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින ආඩියාලා බන්ධනාගාරය ඉදිරිපිට ඔහුගේ පක්ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් රැඳී සිටින බවත් ඔවුන් පොලිසිය සමඟ ගැටෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් පාකිස්තාන රජය මේ දක්වා නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

මව්කිරිවල යුරේනියම්.. ළදරුවන්ගේ ජීවිත අනතුරේ.!

මව්කිරිවල යුරේනියම්.. ළදරුවන්ගේ ජීවිත අනතුරේ.!

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක කිහිපයක කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි ලීටරයක යුරේනියම් මෛක්‍රෝ ග්‍රෑම් (ug/L) 5.25ක් අන්තර්ගතව පවතින බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ, මහාවීර් පිළිකා ආයතනයේ පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මව්කිරි හරහා යුරේනියම් නිරාවරණය වීම ළදරුවන්ට සැලකිය යුතු පිළිකා කාරක නොවන සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බවයි.

කිරි දෙන මව්වරුන් 40 දෙනෙකුගෙන් මව්කිරි විශ්ලේෂණය කළ අධ්‍යයනයෙන් සියලුම සාම්පලවල යුරේනියම් (U-238) සොයාගත් බවත් ළදරුවන්ගෙන් 70%ක් විභව පිළිකා කාරක නොවන සෞඛ්‍ය අවදානමක් පෙන්නුම් කළ බව වෛද්‍ය අශෝක් ෂර්මා සඳහන් කරයි.

සමස්ත යුරේනියම් මට්ටම් අවසර ලත් සීමාවන්ට වඩා අඩු වූ අතර මව්වරුන්ට සහ ළදරුවන්ට අවම සැබෑ සෞඛ්‍ය බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් යුරේනියම් නිරාවරණය දුර්වල ස්නායු සංවර්ධනය සහ අඩු IQ වැනි අවදානම් ඇති කළ හැකි බවද වෛද්‍ය අශෝක් ෂර්මා සඳහන් කරයි.

අමෙරිකානු ජනපතිට චීනයෙන් ඇරයුම්.!

අමෙරිකානු ජනපතිට චීනයෙන් ඇරයුම්.!

ලබන වසරේ නිල සංචාරයක් සදහා චීනයට පැමිණෙන්නැයි, චීන ජනාධිපතිවරයා කළ ආරාධනාවක් තමන් පිළිගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් සමඟ ඊයේ (24) දින පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

රාජ්‍ය නායකයින් දෙදෙනා පැයක පමණ කාලයක්, රුසියානු – යුක්‍රේන යුද්ධය, මත්ද්‍රව්‍ය මෙහෙයුම් හා දෙරට අතර අඛණ්ඩ සන්නිවේදන සබදතා පවත්වාගැනීමේ ඇති අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කළ බව ධවල මන්දිරය නිවේදනය කරයි.

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.!

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.!

පෙෂාවර්හි පැරාමිලිටරි මූලස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්: පුද්ගලයන් තිදෙනෙකු මරුට

පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර, ඉන් එක් අයෙක් මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී බෝම්බය පුපුරුවා හැර ඇත.

අනෙක් බෝම්බකරු හමුදා මූලස්ථාන පරිශ්‍රය තුළදී බෝම්බය පුපුරුවා හැර ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම ද්විත්ව ප්‍රහාරය හේතුවෙන් මූලස්ථානය ආශ්‍රිතව දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

අමෙරිකානු ඩොලර් මිලියන 2.3ක මුදලකට අලෙවි වූ ඔරලෝසුව.!

අමෙරිකානු ඩොලර් මිලියන 2.3ක මුදලකට අලෙවි වූ ඔරලෝසුව.!

එංගලන්තයේ පැවති වෙන්දේසියකදී ඔරලෝසුවක් අමෙරිකානු ඩොලර් මිලියන 2.3කට අධික මුදලකට වෙන්දේසි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1912 වසරේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ ගමන් ගත් අමෙරිකානු ව්‍යාපාරිකයකුට අයත් ඔරලෝසුවක් මෙලෙස වෙන්දේසි වී ඇත.

එම ව්‍යාපාරිකයාගේ මළ සිරුර අත්ලාන්තික් සාගරයේ තිබී දින කිහිපයකට පසුව සොයාගෙන තිබූ අතර ඔහු සතුව තිබූ රන් ඔරලෝසුව මෙලෙස වෙන්දේසියට ඉදිරිපත් කර ඇත.