Foreign news

අමෙරිකාවට දරුණු පළිගැනීමකට මුහුණ දෙන්න වෙයි

අමෙරිකාවට දරුණු පළිගැනීමකට මුහුණ දෙන්න වෙයි

ටෙහෙරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ඝාතනය කිරීමට උත්සාහ නොකරන ලෙසත් ඔහු ඉලක්ක කළහොත් අමෙරිකාවට දරුණු පළිගැනීමකට මුහුණ දීමට සිදුවනු ඇති බව රුසියාවේ ඉරාන තානාපති සඳහන් කරයි.

රුසියාවේ ස්පුට්නික් මාධ්‍ය ජාලය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉරාන තානාපති කාසෙම් ජලාලි මෙම අනතුරු ඇගවීම සිදුකර ඇත.

නව උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ පියා වන අලි කමේනි අමෙරිකාව විසින් ඝාතනය කිරීමෙන් පසුව ඉරාන වැසියන් ‘ලේ පළිගැනීමක්’ අපේක්ෂා කරන බවද ඉරාන තානාපති කාසෙම් ජලාලි සඳහන් කරයි.

ඉරාන යුද නෞකාවට ගහපු අමෙරිකාවට නිසි ප්‍රතිචාර ලබාදෙනවා

ඉරාන යුද නෞකාවට ගහපු අමෙරිකාවට නිසි ප්‍රතිචාර ලබාදෙනවා

ඉරාන නාවික හමුදාවේ යුද නෞකාවක් වන IRIS Dena නෞකාවට ඉන්දියන් සාගරයේදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් ලබාදෙන බව ඉරාන හමුදාපති අමීර් හතාමි (Amir Hatami) අමෙරිකාවට අනතුරු අඟවා ඇත.

යුද අභ්‍යාසයක් නිමා කර යළි ඉරානය බලා එමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් සෘජු සටනක නිරත නොවී සිටියදීත් තම නාවිකයන්ට එල්ල කළ මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බවද ඉරාන හමුදාපති අමීර් හතාමි සඳහන් කරයි.

ඉරාන IRIS Dena නෞකාවේ නාමය සහ එහි කාර්ය මණ්ඩලයේ ජීවිත පරිත්‍යාගය, ඉරාන නාවික ඉතිහාසය තුළ ධෛර්යයේ සහ කැපවීමේ සංකේතයක් ලෙස පවතිනු ඇති බවද ඉරාන හමුදාපති අමීර් හතාමි සඳහන් කරයි.

අමෙරිකානු තානාපති කාර්යාලයේ හෙලිකොප්ටර් යානා අංගනයට මිසයිල ප්‍රහාරයක්.!

අමෙරිකානු තානාපති කාර්යාලයේ හෙලිකොප්ටර් යානා අංගනයට මිසයිල ප්‍රහාරයක්.!

ඉරාකයේ බැග්ඩෑඩ්හි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි හෙලිකොප්ටර් යානා අංගනයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මිසයිල ප්‍රහාරය එල්ලවීමත් සමග අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණය ඇතුළත සිට දුමාරයක් නැඟී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය සහ ප්‍රහාරයෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

ලොවම කළඹමින් ඉරානයෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

ලොවම කළඹමින් ඉරානයෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම් වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා ඇත.

ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම් වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස එම ප්‍රහාර එල්ල කරන බව ඉරානය සඳහන් කරයි.

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත එල්ලවූ අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානයේ සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ සටන් විධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

නව කමේනිගේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10යි – අමෙරිකාව

නව කමේනිගේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10යි – අමෙරිකාව

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට තීරණය කර ඇත.

මේ අතර අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් අමෙරිකාව තීරණය කර ඇත.

ඉරානයේ ඛනිජ තෙල් ජීවනාලියට අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරානයේ ඛනිජ තෙල් ජීවනාලියට අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරානයේ ප්‍රධාන බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන “කාර්ග් දූපතට” අමෙරිකාව විසින් බෝම්බ හෙළා ඇත.

මෙම “කාර්ග් දූපත” ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන අතර එය ඉරානයේ ‘ඛනිජ තෙල් ජීවනාලිය’ ලෙස හඳුන්වයි.

ඉරානය සිය බොරතෙල් අපනයනයෙන් 90%ක්ම සිදුකරන්නේ මෙම දූපත හරහා වන අතර ඉරානයේ විශාලතම තෙල් ගැණුම්කරුවා වන චීනය තෙල් රැගෙන යන්නේ මෙම දූපතෙන්ය.

සැතපුම් 5ක පමණ දිගකින් යුත් කුඩා දූපතක් වන මෙය, ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටා ඇත.

විශාලතම අමෙරිකානු හමුදා කඳවුරට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්.!

විශාලතම අමෙරිකානු හමුදා කඳවුරට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්.!

මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල්-උදෙයිද් ගුවන් කඳවුරට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

කටාර් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන් ජීවිත හානි සිදුවී නොමැති බවයි.

මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය අඟහරුවාදා (03) සවස එල්ලවී ඇති බවත් වාර්තා වෙයි.

ඉරාන උත්තරීතර නායකයා ඇතුළු පවුලේ සියලුදෙනා මරුට.!

ඉරාන උත්තරීතර නායකයා ඇතුළු පවුලේ සියලුදෙනා මරුට.!

දශක තුනකට අධික කාලයක් පාලනය කළ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇත.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාරවලින් අල් කමේනිට අමතරව ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, මුනුපුරා සහ බෑණාද ඝාතනයට ලක්ව ඇති බවද මේ වන විට අනාවරණය වී ඇත.

ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි.. මැරෙනවාද.? යටත් වෙනවාද.?

ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි.. මැරෙනවාද.? යටත් වෙනවාද.?

ඉරානයට එල්ල කරන ප්‍රහාරයට අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ බවත් ඉරානය තුළ “ප්‍රධාන සටන් මෙහෙයුම්” ආරම්භ කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානයේ සන්නද්ධ හමුදා වන විප්ලවවාදී ආරක්ෂක භටයින්ට තම ආයුධ බිම තබන ලෙසත් නැතිනම් අනෙක් විකල්පය නිශ්චිත මරණය බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

ඉරාන මිසයිල විනාශ කිරීම සහ එහි නාවික හමුදාව විනාශ කිරීම අරමුණු කරගනිමින් මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇති බවත් ඉරානය සිය න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් ඉදිරියට ගෙන ගියහොත් ඔවුන් නැවත පහර දෙන බවද සඳහන් කරයි.

එක්සත් ජනපද හමුදාව ඉරානයේ ප්‍රධාන සටන් මෙහෙයුමක් ආරම්භ කළ බවත් ඔවුන්ගේ අරමුණ ඉරාන පාලන තන්ත්‍රයෙන් එල්ල වන තර්ජන තුරන් කිරීමෙන් අමෙරිකානු ජනතාව ආරක්ෂා කිරීම බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානය සීමාව පනී.. බහරේනය, UAE හා කුවේට් වෙත ප්‍රහාර එල්ල කරයි.!

ඉරානය සීමාව පනී.. බහරේනය, UAE හා කුවේට් වෙත ප්‍රහාර එල්ල කරයි.!

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව අද (28) දින දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය (IDF) තහවුරු කරයි.

තවද ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපකට මේ වනවිට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉරානය පළමුවෙන් බහරේනයේ පිහිටි අමෙරිකානු කඳවුරු පිහිටා ඇති මනමා අගනුවරට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) මෙන්ම කුවේට් දේශයට ප්‍රහාර එල්ල කර ඇත.

මෙම ප්‍රහාර හේතුවෙන් මේ වනවිට කටාර්, කුවෙට්, එක්සත් අරාබි මෙන්ම සෞදි අරාබිය සිය ගුවන් කලාප වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.