Local news

වසර 16කට පසු ලෝක පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට

වසර 16කට පසු ලෝක පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී 1-0ක් ලෙස ආර්ජන්ටිනාව පරාජයට පත්කරමින් ලෝක පාපන්දු ශූරතාව දිනා ගැනීමට ස්පාඤ්ඤ සමත් විය. 

පසුගිය 2010 වසරේ දකුණු අප්‍රිකාවේදී ප්‍රථම වරට ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤය, වසර 16කට පසුව සිය දෙවන FIFA ලෝක කුසලාන කිරුළ මෙලෙස හිමිකර ගැනීමට සමත් විය.

මෙම තියුණු තරගයේ නියමිත කාලය අවසන් වනවිට දෙපිළම ගෝල ලබා ගැනීමට අසමත් වූ අතර තරගයේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී ගියේය.

අතිරේක කාලයේ 106 වන මිනිත්තුවේදී ස්පාඤ්ඤ ඉදිරිපෙළ ක්‍රීඩක ෆෙරාන් ටෝරස් ලබාගත් සුපිරි ගෝලයත් සමඟ ස්පාඤ්ඤය තරගයේ පෙරමුණ ගත්තේය. 

තරගයේ 90+3 වන මිනිත්තුවේදී ආර්ජන්ටිනා මධ්‍යපෙළ ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස් පිටියෙන් ඉවත් කරනු ලැබු අතර අනතුරුව ආර්ජන්ටිනාවට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් තරග කිරීමට සිදුවිය.

කෙසේ වෙතත් ලියොනෙල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා පිල තරගය පුරා උත්සාහයන් කිහිපයක්ම ගත්තද, ස්පාඤ්ඤ ආරක්ෂක පෙළ සහ ගෝල් රකින්නා අභිබවා යාමට ඔවුන්ට නොහැකි විය.

පරණ මිතුරන් හමුවීමට යන රනිල්

පරණ මිතුරන් හමුවීමට යන රනිල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන (23) වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලය වෙත ⁣යාමට නියමිත බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමට එරෙහිව කැඳවා තිබෙන සාකච්ඡාවට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කාර්යාලය වෙත යාමට නියමිතය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් අනතුරුව කොළඹ 07 මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයට රනිල් වික්‍රමසිංහ මෙලෙස පැමිණෙන්නේ ප්‍රථම වතාවට වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂවල සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.

ඩෙංගු අස්සේ ජලභීතිකා මරණ ඉහළ⁣ට

ඩෙංගු අස්සේ ජලභීතිකා මරණ ඉහළ⁣ට

සමාජයක් ලෙස අපගේ සමාජ වගකීම් නිවැරදිව ඉටු කළේ නම් ඩෙංගු මරණ මෙන්ම ජලභීතිකා මරණත් වළක්වා ගැනීමට හැකිව තිබූ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න සඳහන් කරයි.

මේ වනවිට මෙරටින් ජලභීතිකා මරණ 20ක් වාර්තා වී ඇති බවත් ඉන් මරණ 04ක්ම වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න සඳහන් කරයි.

මේ අතර ඩෙංගු ආසාදනයවීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,321 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

බස්නාහිර පළාතෙන් රෝගීන් 39,667ක්, දකුණු පළාතෙන් රෝගීන් 11,610ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 6,325ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 6,305ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ජූලි මාසයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,762ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,000ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,280ක් හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

අධිවේගයේ ගිනිගත් සුඛෝපභෝගී බස් රථය

අධිවේගයේ ගිනිගත් සුඛෝපභෝගී බස් රථය

අද (19) පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහහැතැම්ම අතර 64 වෙනි කිලෝමීටර් කණුව අසල සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව ඇත.

හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර එම ගින්න හටගන්නා අවස්තාවේදි බස් රථයේ මගීන් 20 දෙනෙකු පමණ සිට ඇති බව වාර්තා වේ.

මෙම සුඛෝපභෝගී බස් රථය කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබියදී ගිනි ගැනීම සිදුව ඇති අතර බස් රථයේ සිටි මගීන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

කවුරුහරි සියදිවි හානි කරගත්තොත් පිටිපස්සේ රාජපක්ෂලා

කවුරුහරි සියදිවි හානි කරගත්තොත් පිටිපස්සේ රාජපක්ෂලා

කිසියම් පුද්ගලයෙක් සියදිවි හානිකර ගත්තොත් එය රාජපක්ෂලා පිට පැටවීමට ඇතැම් පාර්ශව කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ජන හමුවක් අමතමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අද ආණ්ඩුවක් විදිහට මේ රටේ මනුස්සයෝ ආරක්ෂා කරන්න ආණ්ඩුව ගත්තු ක්‍රියාමාර්ග මොනවාද. හිරේ දාන්න ක්‍රියාමාර්ග ගන්නවා. අපි දැක්කා පහුගිය දවස්වල බොරු සාක්ෂි හැදුවා. බලපෑම් කරා. සියදිවි හානි කරගැනීම් නිරන්තරයෙන් සිද්ද වෙනවා.

මේ දිනවලත් සියදිවි හානි කරගැනීම් වාර්තා වෙනවා. හැබැයි ආණ්ඩුව මේ හැම එකම ඇග බේරගන්නේ කොහොමද රාජපක්ෂලාට දාලා. මොකක්හරි දෙයක් කලොත් ඒක රාජපක්ෂලා. දැන් යුද්දෙ අවසන් කරපු එක, නෑ ඒක මහින්ද රාජපක්ෂ නෙමෙයි.

හයිවේ හැදුවේ, මොන මහින්ද රාජපක්ෂ හදපු හයිවේ එකක් නෑ. පෝට් සිටිය, නෑ ඒක රාජපක්ෂලා නෙමෙයි. ගමේ පාරවල්, ඒවත් රාජපක්ෂ ආණ්ඩුවලින් නෙමෙයි. හැබැයි කවුරුහරි සියදිවි හානි කරගත්තොත්, රාජපක්ෂලා වෙන්න ඕනේ. පිටිපස්සෙන්.”

බිත්තර මිල ඉහළ⁣ට

බිත්තර මිල ඉහළ⁣ට

හෙට (20) දිනයේ සිට බිත්තරයක මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

රතු බිත්තරයක විකුණුම් මිල රුපියල් 42ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

බිත්තර මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් රජය සහ අදාළ බලධාරීන් සෘජුව වගකිව යුතු බව එම සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කරයි.

දෙහිවල පොදු සුසාන භූමියේ වෙඩි තැබීමක්

දෙහිවල පොදු සුසාන භූමියේ වෙඩි තැබීමක්

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු දෙහිවල – ගල්කිස්ස පොදු සුසාන භූමියට ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

කෝටි ගණනක මුදල් වංචාවක්.. එජාප හිටපු මන්ත්‍රීනී අත්අඩංගුවට

කෝටි ගණනක මුදල් වංචාවක්.. එජාප හිටපු මන්ත්‍රීනී අත්අඩංගුවට

හොරණ එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීනි සහ ආසන සංවිධායක රේනුකා දමයන්ති වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිටකොටුවේ රෙදි පිළි ව්‍යාපාරිකයින් 6 දෙනෙකු රවටා ඔවුන්ට අගරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රේනුකා දමයන්ති අත්අඩංගුවට ගෙන ඇත.

රේනුකා දමයන්ති කලක පටන් එම ව්‍යාපාරිකයින් මගහරිමින් සිට ඇති අතර ඊයේ (18) ඇය සිරිකොතට පැමිණ සිටින බවට ලද තොරතුරුක් මත එම ව්‍යාපාරිකයින් එහි ගොස් ඇත.

එහිදී ව්‍යාපාරිකයින් හා රේනුකා දමයන්ති අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර අනතුරුව මිරිහාන පොලිසිය මගින් ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අනතුරුව පොලීසිය සිදු කරන ලද විමර්ශන වලදී අදාළ ව්‍යාපාරිකයින් විසින් ඇයට එරෙහිව ඇති පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසුව මිරිහාන පොලිසිය විසින් ඇය වත්තල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගත් රේනුකා දමයන්ති අද (19) වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (21) වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ට්‍රම්ප්ගේ නියෝග පරිදි ඉරානයට නව ප්‍රහාර මාලාවක්

ට්‍රම්ප්ගේ නියෝග පරිදි ඉරානයට නව ප්‍රහාර මාලාවක්

ඉරානයට නව ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට හමුදාවන්ට නියෝග කර ඇත.

ඉරානය විසින් ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියයාමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත.

ඉරානය එල්ල කළ එම බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් හතර දෙනෙකු තුවාල ලබා තවත් අයෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අමෙරිකාව විසින් ඉරාන පාලම් සහ බලශක්ති පද්ධතිවලට පහරදීම හේතු කරගනිමින් ඉරානය, අසල්වැසි රටවල පිහිටි අමෙරිකානු කඳවුරු වලට ප්‍රහාර එල්ල කළේය.

ආදායම් බදු නොගෙවන අයට වැඩ වරදී

ආදායම් බදු නොගෙවන අයට වැඩ වරදී

2026 අංක 11 දරණ දේශීය ආදායම් සංශෝධන පනත මගින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත හිමිව ඇති බලය අනුව නිශ්චිත ආදායම් බදු වගකීම් හිතාමතාම ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආදායම් බදු කාර්යයන් සඳහා ලියාපදිංචි නොවීම, ආදායම් බදු වාර්තා ගොනු නොකිරීම, රඳවා ගැනීමේ බදු සහ අත්තිකාරම් පුද්ගල ආදායම් බදු වාර්ෂිකව ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම යන හේතූන් සඳහා එලෙස නඩු පැවරීම සිදුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නඩු පැවරීම අවසන් විකල්පය ලෙස භාවිතා කරන බවත් නඩු පැවරීමකට පෙර ඒ පිළිබඳ දැනුම්දී නිවේදනයක් නිකුත් කිරීම සහ දින 30ක සහන කාලයක් ලබාදීම සිදුවන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ කාලය තුල එම අවශ්‍යතාවය සපුරාලීම සිදු නොකරන්නේ නම් එය නීතිමය වරදක් ලෙස සැලකෙන අතර ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ නඩු පැවරීමට හැකියාව පවතින බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යම් හෙයකින් අදාළ චෝදනාවට වරදකරු වූවහොත් රුපියල් ලක්ෂ 4ක් නොඉක්මවන දඩයක්, මාස 06ක් නොඉක්මවන සිරදඬුවමක් හෝ අදාල දණ්ඩණයන් දෙකම පැනවීමට හැකියාව පවතින බවද දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.