Local news

ගල් අඟුරු කොමිසම හෙට සිට සාක්ෂි විමසීම අරඹයි

ගල් අඟුරු කොමිසම හෙට සිට සාක්ෂි විමසීම අරඹයි

ගල් අඟුරු ගනුදෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හෙට (01) දිනයේ සිට සාක්ෂි විමසීම ආරම්භ කරයි.

ලැබී ඇති පැමිණිලි 28ක් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් කොමිසමට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන්ට ලබාදී තිබූ කාලසීමාව අද (30) දිනයෙන් අවසන් වේ.

එම කොමිසම දැනට 100කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම පිරිස අතර හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් වේ.

මෙරට සිදුවු සියලු ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුත් පූර්ණ බලැති ජනාධිපති කොමිසම පත් කළේය.

අද අවසන් දිනයයි – අල්ලස් කොමිසම

අද අවසන් දිනයයි – අල්ලස් කොමිසම

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය අද (30) දිනයෙන් අවසන් වේ.

අද දිනයෙන් පසු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති සියලුම දෙනා හට දඩ අයකිරීමක් සිදුකරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කරයි.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන වලට අනුව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිත සියලුම නිලධාරීන් ඔන්ලයින් ඔස්සේ සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වේ. 

ඒ අනුව අද දිනය තුළ මෙතෙක් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ නිලධාරීන්ට ඒ සඳහා අවස්ථාව පවතී.

පොසොන් පොහෝ දින ආගමික වැඩසටහන් සඳහා ජනපති එක්වෙයි

පොසොන් පොහෝ දින ආගමික වැඩසටහන් සඳහා ජනපති එක්වෙයි

2026 ජාතික පොසොන් පුණ්‍යෝත්සවය සමගාමීව තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ආලෝක පූජාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී විය.

අද (29) පස්වරුවේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් විදුලි ආලෝකය දල්වමින් ආලෝක පූජාවේ ආරම්භය සනිටුහන් කරනු ලැබීය.

තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තත්තිරිමලේ චන්දරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම ආලෝක පූජාව පැවැත්වේ.

මීට සමගාමීව මල් පහන් පෙරහර සහ බොදු බැති ගී ප්‍රසංගයක්ද මෙහිදී පැවැත්විණ.

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න

ඉන්ධන මිල අඩු කරයි.. නව මිල ගණන් මෙන්න

අද (29) දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 414කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 382කි.

අමෙරිකා – ඉරාන තීරණාත්මක හමුව

අමෙරිකා – ඉරාන තීරණාත්මක හමුව

මැදපෙරදිග පවතින යුද ගැටුම් නවතා යළිත් සාකච්ඡා ආරම්භ කිරීමට ඉරානය සහ අමෙරිකාව එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉරානය සහ අමෙරිකාවේ බලධාරීන් එළඹෙන අඟහරුවාදා කටාර් රාජ්‍යයේ දෝහාහිදී හමුවී සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

එහිදී හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සහ දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වේ.

ගායන ශිල්පි රුක්මන් අසිත ජීවිතයෙන් සමුගනී

ගායන ශිල්පි රුක්මන් අසිත ජීවිතයෙන් සමුගනී

48 හැව්රිදි ජනප්‍රිය ගායන ශිල්පි රුක්මන් අසිත අභාවප්‍රාප්ත වී ඇත.

සිංහල සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගීත රැසක් තුළින් රසික හදවත් දිනාගත් ඔහු, ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙකි.

කිසිවක් බාහිර ලක්ෂණ, අනුමාන මත පමණක් පදනම්ව තීරණය නොකර ප්‍රත්‍යක්ෂ ලෙස සත්‍යය වටහා ගනිමු

කිසිවක් බාහිර ලක්ෂණ, අනුමාන මත පමණක් පදනම්ව තීරණය නොකර ප්‍රත්‍යක්ෂ ලෙස සත්‍යය වටහා ගනිමු

ශ්‍රී සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ ඓතිහාසික ධර්ම දූත මෙහෙවර සිහිපත් කරමින් සැමරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය ආධ්‍යාත්මික අවබෝධය, ප්‍රඥාව සහ සමාජ සමානාත්මතාව අපට සිහිපත් කරන ඉතා පුණ්‍යවන්ත දිනයකි.

පොසොන් පොහොය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ආගමික සිදුවීමක් පමණක් නොව, ජාතික චින්තනය, සංස්කෘතිය සහ සදාචාරාත්මක ජීවන රටාව පරිවර්තනය කළ ඓතිහාසික සංධිස්ථානයකි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලාංකිකයන් සමග දේශනාව දායාද වූ බෞද්ධ දර්ශනය, ස්වදේශී ගොඩනැගුණු පුරා අපගේ ජාතික අනන්‍යතාව හැඩගැස්වූ අමිල උරුමයක් බවට පත්විය.

පොසොන් පොහොය අපට සිහිපත් කරන්නේ සැදැහැ සංවර්ධනය ආරම්භ වන්නේ මිනිසාගේ සිත තුළින් බවයි. කරුණාව, දයාව, සමානාත්මතාව, විනය සහ වගකීම වැනි උතුම් බෞද්ධ වටිනාකම් සමාජයේ පදනම බවට පත් කළ හැකි නම්, සාමකාමී, සාධාරණ සහ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම අපට වඩාත් පහසු වනු ඇත.

අද අපේ රට නව බලාපොරොත්තු සහිත ගමන් මඟකට පිවිස සිටී. එම ගමන සාර්ථක කර ගැනීමට ආර්ථික ප්‍රගතිය පමණක් නොව, සදාචාරාත්මක වටිනාකම්වලින් සුපෝෂිත සමාජයක්ද අවශ්‍ය වේ. පොසොන් පොහොයයේ සැදැහැ භරිත වන සදාචාරය, අවිහිංසාව සහ මානව දයාව, ජනතා අපේක්ෂා ඉටු කරන සාධාරණ හා සර්ව සාධාරණ රටක් ගොඩනැඟීම වෙනුවෙන් වූ රජයේ අරමුණ වෙත මඟපෙන්වීමකි.

උදාවූ වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සියලුම බෞද්ධ ජනතාවගේ ජීවිතවලට නිවීම, සැනසීම, ප්‍රඥාව සහ සෞභාග්‍ය උදා කරන පින්බර පොහොය දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු

නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු

ශ්‍රී ලාංකේය ජාතියේ ගමන්මඟ අර්ථ සම්පන්න ලෙස වෙනස් කළ උතුම් වූ බුදු දහම මෙරටට ලැබුණේ අද වන් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

ථෙරවාද බෞද්ධ දර්ශනයේ සහ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භයද අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සමඟ සනිටුහන් කෙරුණු අතර, සමාජ පරිවර්තනයක් සමග අධ්‍යාත්මික ප්‍රබෝධක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගොස් අප රටෙහි සංස්කෘතික, සමාජීය සහ දේශපාලන ආදී සෑම ක්ෂේත්‍රයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කළේය.

එමෙන්ම, ජාතියක් ලෙස නැගී සිටීමේ ශක්තිමත් අත්තිවාරමක් සමඟ අධ්‍යාපනයේ පරිවර්තනයක්ද ඇති කළ බුදු දහම, පන්සල පිරිවෙන බවට පත් කරමින් රටේ ජනතාව තුළ අධ්‍යාත්මික පෙරළියක් ඇති කිරීම උදෙසා දැනුමේ කේන්ද්‍රස්ථානයක සමාජ මෙහෙවරද ඉටු කළේය. එපමණක් නොව වාස්තු විද්‍යාව, චිත්‍ර කලාව, වාරි කර්මාන්තය, ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් කලාව ආදී කලා නිර්මාණයන්ගේ නව පරිවර්තනයක් ඇති කරමින් අප ජාතිය ප්‍රෞඪ ජාතියක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීය.

එවන් අභිමානවත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක වත්මන් උරුමකරුවන් වන අප සියලු දෙනාහට අද දවසේ පැවරී ඇති අත්හළ නොහැකි වගකීම වන්නේ මේ වන විට සමාජය තුළින් වියැකී යන සාරධර්ම සහ හර පද්ධතින් යළි කැඳවාගෙන එමින්, ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට එක්ව කැපවීමයි. එහිදී පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන ඇතුළු සියලු සංදර්භයන් තුළට ශිෂ්ටත්වය කැඳවාගෙන ඒමේ අරගලයේ අපි මේ වන විටත් නිරතව සිටින්නෙමු.

ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවක් කරා ළඟා විය නොහැකිය. මිහිදු මහරහතන් වහන්සේ දේශනා කළ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍රයෙන් අවධාරණය කෙරෙන්නේ අනුපූර්ව ශික්ෂණයේ වැදගත්කමයි.

බුදු දහමත් සමග මෙරටට ලැබුණු එම අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයේ උරුමය ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින්, රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික නව ආකල්ප සහිත නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු’යි මම සියලු දෙනාට ආරාධනා කරමි.

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා.!

ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

Book Retreats ජාත්‍යන්තර වාර්තාව මගින් 2026 වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස, ශ්‍රී ලංකාව නම් කර ඇත.

මෙරට ආයුර්වේද අභයභූමි ගෝලීය වශයෙන් සංචාරකයින්ගේ වැඩි අවධානයකට ලක්ව ඇති බව එම වාර්තාව මගින් සඳහන් කරයි.

මෙරට පවතින ආයුර්වේද උරුමය, අඩු පිරිවැය හා සහනදායී මිල ගණන්, වීසා සහන හා ස්වාභාවික විසිතුරු බව, ඊට හේතුවී ඇත.

තවද ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශනයට ලක්වීමට ප්‍රධාන හේතු ලෙස සඳහන් කර ඇත්තේ,

*ලොව විශාලතම වන අලි රංචු

*නිල් තල්මසුන් නැරඹීමේ අවස්තාව

*වසර පුරාම සංචාරය කළ හැකි වෙරළ තීර

ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්ත අතර දෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියාව, තුන්වැනි ස්ථානය මොරොක්කෝවට හිමිව ඇත.

උණුසුම් කාලගුණය හේතුවෙන් ප්‍රංශයේ මරණ 1,000ක්

උණුසුම් කාලගුණය හේතුවෙන් ප්‍රංශයේ මරණ 1,000ක්

මේ දිනවල පවතින අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් මරණ 1000ක් ප්‍රංශයෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික උණුසුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවට බලධාරීන් රතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල පුද්ගලයින් මියයාම ඉහළ ගොස් ඇති බව එරට මහජන සෞඛ්‍ය ආයතනය සඳහන් කරයි.

මියගිය පුද්ගලයින්ගෙන් සියයට 85ක්ම වයස අවුරුදු 65ක් හෝ ඊට වැඩි වයස්වල පසුවන්නන් බවත් ඇතැම් ප්‍රදේශ වල සෙල්සියස් අංශක 40ට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා වන බවද සඳහන් කරයි.