Local news

පොලීසිය හිටපු ඇමති පුත්තු පස්සේ පන්නයි

පොලීසිය හිටපු ඇමති පුත්තු පස්සේ පන්නයි

මේ වනවිට අල්ලස් දුෂණ හා විවිධ අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන්ගේ පුතුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

පාතාලය සමග සබඳතා පැවැත්වූ හිටපු අමාත්‍යවරුන්ගේ පුතුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ කිහිපයක් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

පියවරුන් වන හිටපු අමාත්‍යවරුන් සිය ධුරය දරන කාලයේදී ලබාදුන් උපදෙස් මත විවිධ තනතුරු ලබාගෙන හිටපු අමාත්‍යවරුන්ගේ පුතුන් මෙම දුෂණ හා විවිධ අක්‍රමිකතා සිදුකර ඇත.

යටියන්තොට ට්‍රැෆික් OIC අත්අඩංගුවට

යටියන්තොට ට්‍රැෆික් OIC අත්අඩංගුවට

යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය (26) වෙනිදා අදාළ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුතු සඳහා පිටත්වයාමේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් රැගෙන ගොස් ඇති අතර යළිත් එම උණ්ඩ භාරදී නොමැති බව සඳහන් වේ.

අනතුරුව විමර්ශන සිදුකළ සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (27) රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අමෙරිකානු හමුදා ස්ථාන 08කට ඉරානයෙන් ප්‍රහාර

අමෙරිකානු හමුදා ස්ථාන 08කට ඉරානයෙන් ප්‍රහාර

ඉරානය විසින් කුවේට් සහ බහරේන්හි පිහිටා ඇති අමෙරිකානු හමුදා ස්ථාන 08ක් වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව සඳහන් කරයි.

ඉරානයට එල්ල කළ ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් මෙලෙස කුවේට් සහ බහරේනයේ පිහිටා ඇති අමෙරිකානු හමුදා ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව සඳහන් කරයි.

තවද හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සහ කරනු ලබන නෞකාවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව සඳහන් කරයි.

මේ අතර ගුවන් ආරක්ෂක පද්ධති ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර මැඩ පැවැත්වීමට උත්සහ කරන බැවින් ජනතාව ආරක්ෂිත ස්ථානවල රැදී සිටින ලෙස කුවේට් සහ බහරේන් බලධාරීන් දැනුම් දී ඇත.

ජනපතිගේ ප්‍රංශ සංචාරය

ජනපතිගේ ප්‍රංශ සංචාරය

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන මස (16) වැනිදා නිල සංචාරයක් සදහා ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ප්‍රංශ රජයේ ආරාධනයකට අනූව ජනාධිපති අනුර කුමාර දිසානායක එම සංචාරයේ නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක එම සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුලු ප්‍රධාන පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් හමුවීමට නියමිතව ඇත.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ප්‍රංශ ආයෝජන ආකර්ශනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.

මේ අතර මෙම සංචාරයේදී, ලෝකයේ ප්‍රමුඛ නාවික ප්‍රවාහන සමාගමක් වන CMA CGM ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රොඩොල්ෆ් සාදේ සමඟ ජනාධිපතිවරයා හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

භූකම්පනයෙන් මියගිය ගණන 1,430ක් දක්වා ඉහළට

භූකම්පනයෙන් මියගිය ගණන 1,430ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,430ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් තවමත් අතුරුදන් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනය හේතුවෙන් විදෙස් ජාතිකයින් 40දෙනෙකු මියගොස් ඇති බවත් භූකම්පනය හේතුවෙන් පුද්ගලයින් මිලියන 6.76ක් පමණ පීඩාවට පත්වීමේ අවදානමක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ මිසයිල, ඩ්‍රෝන ගබඩා සහ රේඩාර් වෙත අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරානයේ මිසයිල, ඩ්‍රෝන ගබඩා සහ රේඩාර් වෙත අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැවකට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස අමෙරිකානු ගුවන් හමුදාව විසින් ඉරානයේ මිසයිල, ඩ්‍රෝන යානා ගබඩා වලට සහ ඉරාන වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථානය වෙතද ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ‘Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, සටන් විරාම ගිවිසුම ඉරානය විසින් නැවත වතාවක් උල්ලංඝනය කර ඇති බවත් ඔවුන් කිසිදා ඉගෙන නොගන්නා බව පෙනෙන්නට තිබෙන බවයි.

තවද ඉදිරියේදී සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි බවත් මීට පෙර තමන් විසින් ඉතා සාර්ථකව ආරම්භ කළ මිලිටරි ක්‍රියමාර්ගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට සිදුවනු ඇති බවත් එසේ වන්නේ නම් ඉරාන ඉස්ලාමීය ජනරජය මෙලොවින් සදහටම නැතිවී යනු ඇති බවද ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරයි. 

සලේව රිමාන්ඩ් කරන්න කියලා ඉල්ලනවා

සලේව රිමාන්ඩ් කරන්න කියලා ඉල්ලනවා

සුරේෂ්⁣ සලේ දැනට පසුවන්නේ ඉතාමත් අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයක බවත් ඔහු වහාම රක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවන ලෙස සුරේෂ් සලේගේ බිරිඳ සඳහන් කළාය.

තමන් කිසිසේත්ම ඔහුට එරෙහිව සිදු කෙරෙන විමර්ශන හෝ පරීක්ෂණ නතර කරන ලෙස ඉල්ලා නොසිටින බවත් ඕනෑම පරීක්ෂණයක් දිගටම කරගෙන යන ලෙසද සුරේෂ්⁣ සලේගේ බිරිඳ සඳහන් කළාය.

සුරේෂ් සලේට අද (27) පෙරවරුවේ පපුවේ හටගත් වේදනාවක් වැළඳීම හේතුවෙන් ඔහුව හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති බව සුරේෂ්⁣ සලේගේ බිරිඳ සඳහන් කළාය.

එහිදී වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද විශේෂ පරීක්ෂණවලින් පසුව ඔහුට පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව අධි අවදානම් ගණයට ඇතුළත් කර ඇති බවද ඇය සඳහන් කළාය.

අමාත්‍යවරුන් පිටතින් කුමන ප්‍රකාශ සිදු කළත් සුරේෂ් සලේගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මැනවින් දන්නේ රෝහල ඇතුළත සිටින වෛද්‍යවරුන් පමණක් බවද ඇය සඳහන් කළාය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුරේෂ්⁣ සලේගේ බිරිඳ මේ බව සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය ඉන්ධන ප්‍රවාහන නෞකාවකට හෝමූස් සන්ධියේදී ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය ඉන්ධන ප්‍රවාහන නෞකාවකට හෝමූස් සන්ධියේදී ප්‍රහාරයක්

අද (27) හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ බ්‍රිතාන්‍ය ඉන්ධන ප්‍රවාහන නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් යාත්‍රාවට යම් හානි සිදුවී ඇති නමුත් එහි සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බව බ්‍රිතාන්‍යයේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) සඳහන් කරයි.

ඉරානයෙන් බහරේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

ඉරානයෙන් බහරේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්

අද (27) දින බහරේන රාජ්‍යය ඉලක්ක කරගනිමින් ඉරානය ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව බහරේන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කරයි.

ඉරානය එල්ල කළ මෙම ප්‍රහාරයන් දැඩි ලෙස හෙළා දකිමින් බහරේන විදේශ අමාත්‍යාංශය විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. 

මෙමඟින් තම රටේ ස්වෛරීභාවය මෙන්ම ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉරාන – අමෙරිකා යුද ගැටුම් යළිත් ඇරඹෙයි.. අමෙරිකාවෙන් ප්‍රහාර

ඉරාන – අමෙරිකා යුද ගැටුම් යළිත් ඇරඹෙයි.. අමෙරිකාවෙන් ප්‍රහාර

හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

අනතුරුව එම ඩ්‍රෝන ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන්, අම‍ෙරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩා මෙන්ම වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන වෙත අම‍ෙරිකානු මධ්‍යම බලඇණිය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

අදාළ නෞකාව අනවසර මුහුදු මාර්ගයක ගමන් කිරීම නිසා එයට ප්‍රහාරය එල්ල කළ බව ඉරානය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් අමෙරිකානු ප්‍රහාරයෙන් පසු, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් කලාපයේ සිටින අම‍ෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.