මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණය තව දින 02කින්.!

එළඹෙන පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව එළඹෙන (11) අඟහරුවාදා රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ

මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා දෙන්නැයි කළ ඉල්ලීම් වලට බලධාරින්ගෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නැති බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

එහෙත් ඉදිරි දින දෙක තුළ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ජාවක් ලැබෙනු ඇති බවත් අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව දින නියම කර ඇති බවද සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close