නිවස ගිනි තැබීමෙන් මව සමග පියාත් මියයයි.!

වයස අවුරුදු 2ක පිරිමි දරුවාගේ උපන් දින සාදය පසුගිය (22) වනදා රාත්‍රියේ පැවති අතර අලුයම 12.30ට පමණ මුහුණු ආවරණය කර එම නිවසට කඩා වැදුණු පුද්ගලයින් 08 දෙනෙක් එහි සිටි කුඩා දරුවන් ඇතුළු පිරිසට තියුණු ආයුධවලින් පහරදී නිවසට ගිනිතබා තිබුණේය.

එම උපන්දින සාදය පැවති නිවසට කඩා වැදුනු පිරිස තියුණු ආයුධවලින් පහරදී නිවසට ගිනි තැබීමේ සිද්ධියේදී බරපතළ තුවාල ලැබු 33 හැවිරිදි සුගන්දන් නැමැති එක්දරු පියා ද ජීවිතක්ෂයට පත්ව ඇත.

එම පුද්ගලයා පිළිස්සුම් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) දින වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනයේ පෞද්ගලික රෝහලකට පවුලේ ඥතීන් විසින් ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (26) දින අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

වව්නියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවති නිවසකට කඩා වැදුනු පිරිසක් තියුණු ආයුධවලින් පහරදී එම නිවසට ගිනි තැබීමෙන් මියගිය සුගන්දන්ගේ 22 හැවිරිදි බිරිඳට පසුගියදා දිවි අහිමිවිය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close