සියලුදෙනා ලියාපදිංචි කරමින් නව QR කේතයක්.!

රටේ අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනාම වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ “ගරු සරු” වැඩසටහන යටතේ නව (QR) කේතය හඳුන්වාදීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කරයි.

ත්‍රීරෝද රථ රියැදුරන් ලෙස දැනට කටයුතු කරන සියලු දෙනා ලියාපිදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාළව (QR) කේතයක් හඳුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් නව කේතය හඳුන්වාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ත්‍රීරෝද රථ රියදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝද රථ රියදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධවද අමාත්‍යවරයා සාකච්ඡා කර ඇත.

අද (16) දින ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close