නාවික හමුදාවෙන් විශේෂ ඉල්ලීමක්.. තොරතුරු ඇතොත් දැනුම් දෙන්න.!

මෙරට ත්‍රිවිධ හමුදාවන් තුළ සේවයෙන් විශ්‍රාමලත් හමුදා නිලධාරීන් රවටා විදේශීය රටවල පුරවැසිභාවය සහ ඉහළ වැටුප් ලබාදෙන බවට ව්‍යාජ තොරතුරු ලබාදී සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස ‍යුධ පෙරමුණට යොදවනා ජාවාරමක් වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නාවික හමුදාව පවසයි.

එසේ මෙරටින් ගිය පිරිස් සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල කතාබහක් ඇතිවූයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පට කිහිපයක් හරහාය, එම පිරිස් යුද්ධ භූමියේදී බරපතල තුවාල ලබා ඉතාමත් අසරණව සහ කිසිදු හව්හරණක් නොමැතිව ඉන් සමහරක් එහිදී මිය යන බවටද තොරතුරු වාර්තා වී ඇත.

නාවික හමුදා මූලස්ථානය දන්වා සිටින්නේ මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු තිබේනම් නාවික හමුදා මූලස්ථානයේ දුරකථන අංක 0117192142 හෝ 0117192250 යන අංකයන් වෙත තොරතුරු ලබාදෙන ලෙසයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS