ඌරුමස් කෑ රැදවියන් දෙදෙනෙකු මරුට.!

දෙහිවල සහ බොරැල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයේ රඳවා සිටි අතර එක් රැඳවියෙකුගේ නිවසේ සකස් කළ ඌරුමස් බත් පාර්සලයක් ඥාතීන් විසින් රැගෙනවිත් ඇත.

අනතුරුව එම බත් පාර්සලය බන්ධනාගාර රැඳවියන් 15 දෙනෙකු පමණ ආහාරයට ගෙන ඇති අතර එහිදි ඇතිවු ආසාත්මිකතාවක් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද එහිදී රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

බරපතළ තත්ත්වයේ පසුවන තවත් රැඳවියෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඌරුමස් ව්‍යංජනය ආහාරයට ගැනීමෙන් මරණයට පත්වු රැඳවියන් දෙදෙනාගේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇත.

ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් එම රැදවියන් දෙදෙනාගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කරන ලෙස දැනුම් දී ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS