විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට නියෝගයක්.!

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනා මැයි මස 1 වැනි දා වනවිට ලබා දිය යුතුව තිබුණද විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව එම කාලය මෙමස 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

කෙසේ වෙතත් එම යෝජනා අනිද්දාට (10) පෙර ලබා දිය යුතු බව මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇති අතර
එම යෝජනා ලැබීමෙන් පසුව විදුලි බිල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ කරන බවත් විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජූලි මාසයේදී ප්‍රකාශ කළ හැකි බවද එම කොමිසම සඳහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS