Foreign news

ප්‍රසිද්ධ නිවේදිකා සාරා කලීෆා එල්ලා මැරීමට නියම කරයි

ප්‍රසිද්ධ නිවේදිකා සාරා කලීෆා එල්ලා මැරීමට නියම කරයි

ප්‍රසිද්ධ රූපවාහිනී නිවේදිකාවක් වන 39 හැවිරිදි සාරා කලීෆා සහ තවත් පුද්ගලයින් 11 දෙනෙකු එල්ලා මැරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරුවන් වීමෙන් අනතුරුව ඊජිප්තු රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා සහ තවත් 11 දෙනෙකුට එම මරණ දඬුවම නියම කර ඇත.

සාරා කලීෆා ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන අමුද්‍රව්‍ය විදේශයන්ගෙන් ආනයනය කර අලෙවි කිරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ අරමුණින් ඒවා නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය මිලදී ගැනීම, ඒ සඳහා විශේෂිත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක් පිහිටුවීම සහ බලපත්‍ර රහිත ගිනිඅවි සහ පතරොම් ළඟ තබා ගැනීම සහ රැගෙන යාම යන චෝදනා එම සැකකරුවන් 11 දෙනාට එරෙහිව ගොනුකර ඇත.

තවද, මෙම නඩු විභාගය අතරතුර බලධාරීන් විසින් මත්ද්‍රව්‍ය කිලෝ 750කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ඒවා නිෂ්පාදනය සඳහා අපනයනය කරන ලද අමුද්‍රව්‍යද නිලධාරීන් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන තෙල් නැවකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාර

ඉරාන තෙල් නැවකට අමෙරිකාවෙන් මිසයිල ප්‍රහාර

ඉරාන ඛාර්ග් දූපත ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඉරාන තෙල් ප්‍රවාහන නෞකාවකට අමෙරිකාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර නැවේ සිටි කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, මේ පිළිබඳව ඉරාන බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර අමෙරිකානු මධ්‍යම බලකායද අදහස් දැක්වීමෙන් වැළකී සිටී.

ලෝකයටම නව ලෝක සිතියමක්

ලෝකයටම නව ලෝක සිතියමක්

ලෝක සිතියම සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන පරිදි සකස් කළ නව ලෝක සිතියමක් භාවිතයට ගැනීම සඳහා වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත වී ඇත.

ටෝගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අප්‍රිකානු සංගමයේ පූර්ණ සහාය හිමිවූ අතර ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 164ක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එම මෙම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ එකම රට අමෙරිකාව වේ.

රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර 16 වන සියවසේ සිට බහුලව භාවිත වන සිතියම් ආකෘතිය මගින් අප්‍රිකාව, ග්‍රීන්ලන්තයට ආසන්න ප්‍රමාණයකින් පෙන්වන බවට දීර්ඝ කාලයක් තිස්සේ විවේචන එල්ල වී ඇත.

අප්‍රිකා මහද්වීපය, ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් පමණ විශාල වුවද, 1569 දි නිර්මාණය කළ සිතියම් ආකෘතියේදී එහි සැබෑ විශාලත්වය නිවැරදිව නිරූපණය නොවන බව විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.

ගෝලාකාර පෘථිවි පෘෂ්ඨයක් ද්විමාන (2D) සිතියමක ඇඳීමේදී මෙම විකෘතිය සිදුවන බව සිදුවන බව විචාරකයෝ සඳහන් කරයි.

පසුව Equal Earth ලෙස හඳුන්වන සිතියම් ආකෘතියක් 2018 වසරේදී සිතියම් විද්‍යාඥයන් පිරිසක් විසින් නිර්මාණය කළ අතර එම සිතියම් ආකෘතිය මෙම වසරේ පෙබරවාරි මාසයේදී අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් 54ම පිළිගත්තේය.

එහෙත් සාධාරණ ලෝකයක් ගොඩනැගීමට නිවැරදි සිතියමක් අත්‍යවශ්‍ය බවත් සිතියම යනු හුදෙක් භූගෝලීය සටහනක් පමණක් නොව දේශපාලනික හා ආර්ථික ප්‍රතිරූපය තීරණය කරන මෙවලමක් බව අප්‍රිකානු නායකයෝ සහ භූගෝල විද්‍යාඥයෝ සඳහන් කරයි.

ඉරානයට දැඩි ප්‍රහාර.. ට්‍රම්ප් අනතුරු අඟවයි

ඉරානයට දැඩි ප්‍රහාර.. ට්‍රම්ප් අනතුරු අඟවයි

ඉරානය විසින් ජෝර්දානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර වලට ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තවද, වැදගත් මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන හෝ පිටවන යාත්‍රා අවහිර කරන ලෙසට ජනපති ට්‍රම්ප් එක්සත් ජනපද නාවික හමුදාවට නියෝග කර ඇත.

ඉරානයේ න්‍යෂ්ටික සහ නැව්ගත කිරීමේ අභිලාෂයන් සම්බන්ධයෙන් කොන්දේසි වලට එකඟ වුවහොත් නාවික අවහිර කිරීම සහ හමුදා ක්‍රියාමාර්ග අවසන් වන බවද ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත.

සුපිරි පාපන්දු ක්‍රීඩකයා සමුදෙයි

සුපිරි පාපන්දු ක්‍රීඩකයා සමුදෙයි

ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියනොල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

ලියනොල් මෙසීගේ වයස අවුරුදු 39ක් වන අතර ඔහු තරග 207කදී ගෝල 125ක් රැස් කරගෙන ඇත.

එය වාර්තා අතරට එක්වන්නේ ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා මෙන්ම වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා ලෙසයි.

2022 වසරේ කටාර් හි පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ආජන්ටිනාව ජයග්‍රහණය සදහා කැදවාගෙන ගිය නායකයා වන්නේ ද ලියනොල් මෙසී.

මැදපෙරදිග යළිත් උණුසුම්.. අමෙරිකානු හමුදා කඳවුර⁣ට ඉරානයෙන් ප්‍රහාර

මැදපෙරදිග යළිත් උණුසුම්.. අමෙරිකානු හමුදා කඳවුර⁣ට ඉරානයෙන් ප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල් මින්හාඩ් (Al Minhad) ගුවන් හමුදා කඳවුර වෙත ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කඳවුරේ රැඳී සිටින අමෙරිකානු හමුදා සහ හෙලිකොප්ටර් යානා ඉලක්ක කරමින් මෙම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව සඳහන් කර ඇත.

පසුගියදා ලාරක් දූපතේදී ඉරාන විප්ලවවාදී ආරක්ෂකයින් සහ ඉරාන සිවිල් වැසියන් ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරාන හමුදාව සඳහන් කර ඇත.

මෙම ප්‍රහාරයෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැති අතර එම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න වී ඇත.

මරණ 600 පනී.. නේපාල රජය ගත් තීරණය වහාම වෙනස් කරයි

මරණ 600 පනී.. නේපාල රජය ගත් තීරණය වහාම වෙනස් කරයි

නේපාලයේ සිදුවූ අනපේක්ෂිත ජල ගැලීමෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 626ක් දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය සඳහන් කරයි.

මෙම හදිසි ව්‍යසනයත් සමග අවම වශයෙන් පුද්ගලයින් 2,000ක පමණ පිරිසක් තවමත් අතුරුදහන් බව එරට ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.

මෙම තත්ත්වය හමුවේ විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම් වල සහාය ලබා නොගැනීමට ගත් තීරණය වෙනස් කිරීමට නේපාල රජය තීරණය කර ඇත.

ගලවාගැනීමේ කටයුතු සඳහා විදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම් වල සහාය ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.

එහෙත් අතුරුදහන් වූ පිරිස අතර විදේශිකයන් සිටීම හේතුවෙන් අදාළ රටවලින් එල්ල වූ රාජ්‍යතාන්ත්‍රික බලපෑම් හමුවේ එම තීරණය වෙනස් කිරීමට නේපාල රජයට සිදුව ඇත.

නේපාලයේ මියගිය අයගේ සිරුරු ඉන්දියාවේ ගංගා වලින් මතුවෙයි

නේපාලයේ මියගිය අයගේ සිරුරු ඉන්දියාවේ ගංගා වලින් මතුවෙයි

පසුගියදා නේපාලයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන පුද්ගලයින් පිරිසකගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල තිබී සොයාගෙන ඇත.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාරාජ්ගන්ජ් සහ කුෂිනගර් යන දිස්ත්‍රික්ක හරහා ගලාබසින ගංගාවල පාවෙමින් තිබියදී සිරුරු 7ක් හමුවී ඇත.

මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික්කයෙන් හඳුනා නොගත් සිරුරු 4ක් සහ ඊට කිලෝමීටර 70ක් පමණ පහළින් පිහිටි කුෂිනගර් දිස්ත්‍රික්කයෙන් තවත් සිරුරු 3ක් සොයාගත් බව ඉන්දීය පොලිසිය සඳහන් කරයි.

නේපාලයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් මෙම සිරුරු ඉන්දියාව දෙසට ගසාගෙන එන්නට ඇති බව, මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ගෞරව් සිං සොගර්වාල් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

වෙනිසියුලාවේ තෙල් සංචිත වල පාලනය අමෙරිකාවට

වෙනිසියුලාවේ තෙල් සංචිත වල පාලනය අමෙරිකාවට

අමෙරිකාව සහ වෙනිසියුලාව අතර දැවැන්ත ගිවිසුමකට එළඹ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගුඑස් විසින් මෙම ගිවිසුම සාකච්ඡා කර ඇත.

තෙල් සංචිත වලින් බැරල් බිලියන 65ක් පාලනය කිරීම සඳහා මෙම ගිවිසුමට එළඹ ඇති අතර එය ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගිවිසුම බව ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කරයි.

තෙල් බැරල් බිලියන 65ක නිශ්චිත ධාරිතාවක් සහිත තෙල් නිධි 17ක් සංවර්ධනය කිරීම මෙහි අරමුණ බව ගිවිසුමට අදාළව නිවේදනයක් නිකුත් කරමින් වෙනිසියුලානු වැඩබලන ජනාධිපතිවරිය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් එය වෙනිසියුලාවේ සමත්ත තෙල් සංචිත වලින් පහෙන් එකක් බව සඳහන් වේ.

පස්වන හැරල්ඩ් රජු ජීවිතයෙන් සමුගනී

පස්වන හැරල්ඩ් රජු ජීවිතයෙන් සමුගනී

දුර්ලභ රුධිර රෝගයක් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල් ගත කිරීමෙන් පසු නෝර්වේ රාජ්‍යයේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාත්ත වී ඇත.

අභාවප්‍රාප්ත වනවිට රජුගේ වයස අවුරුදු 89ක් වන අතර ඔස්ලෝ ජාතික රෝහලේදී රජු අවසන් සුසුම් හෙලූ බව නෝර්වේ රජ මාලිගය නිවේදනය කරයි.

වසර 35 කට ආසන්න කාලයක් කිරුළ හිමිව සිටි හැරල්ඩ් රජු, 14 වැනි සියවසෙන් පසුව නෝවේහිදී උපත ලැබූ පළමු රජු ලෙසද සැලකෙයි.

සම්ප්‍රදාය බිඳ දමමින්, හැරල්ඩ් රජු සාමාන්‍ය පවුලක තරුණියක සමග විවාහ වු අතර අද ඇය නොර්වේ රැජින ලෙස කටයුතු කරයි.

පස්වන හැරල්ඩ් රජුගේ අභාවයෙන් පසු ඔහුගේ 53 හැවිරිදි පුත් හැකොන් කුමරුට කිරුළ හිමිවෙයි.