Foreign news

හෝමූස් සම්පුර්ණයෙන්ම වසා දමයි

හෝමූස් සම්පුර්ණයෙන්ම වසා දමයි

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ, ඊට ප්‍රතිචාර වශයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන ඇත.

තෙල් නැව් සහ අනෙකුත් වාණිජ නෞකා ඇතුළු සියලුම යාත්‍රා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බව ඉරාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම සීමාව තරණය කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවද ඉරාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය අනතුරු අඟවා ඇත.

ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

ඉරානය නව ගිවිසුමකට එළඹීම සඳහා අනවශ්‍ය ලෙස කාලය ප්‍රමාද කර ඇති බවත් ඒ වෙනුවෙන් ඔවුන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

කලාපය තුළ ඉරානය සහ අමෙරිකාව අතර අඛණ්ඩව ප්‍රහාර හුවමාරු වන පසුබිමක, සාකච්ඡා ඉදිරියට ගෙනයාමට දරන උත්සාහයන් මධ්‍යයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

“ඔවුන්ට ඉතා වාසිදායක විය හැකිව තිබූ ගිවිසුමකට එළඹීමට ඔවුන් ඕනෑවට වඩා කල් වැරුවා. දැන් ඔවුන්ට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇත”

සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ “ඉරානය කියවීමට පමණක් දක්ෂ, වැඩක් නොකරන රටක්” බවයි.

මේ අතර ඉරානය ගිවිසුමකට අත්සන් කිරීමට අකමැති නම්, එරට බලාගාර සහ පාලම් ඉලක්ක කර ගනිමින් නව ප්‍රහාර එල්ල කිරීමට තමන් නියෝග කිරීමට ආසන්නව සිටින බව ෆොක්ස් නිව්ස් නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරාන විදේශ ඇමති අමෙරිකාවට අනතුරු අඟවයි

ඉරාන විදේශ ඇමති අමෙරිකාවට අනතුරු අඟවයි

අමෙරිකාවට ආරක්ෂිතව සිටීමට අවශ්‍ය නම්, ඔවුන් ඉරාන කලාපයෙන් ඉවත්ව යා යුතු බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අනතුරු අඟවා ඇත.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි “X” පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

අමෙරිකාව යුධ පිටියේ පරාජය වී තිබියදී පවා, තවදුරටත් ඉරානයේ අධිෂ්ඨානය පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බවත් ඉරානයේ ප්‍රබල සන්නද්ධ බලකායන් ඕනෑම සතුරු ප්‍රහාරයකට හෝ තර්ජනයකට ප්‍රතිචාර දක්වන බවද ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.

බලහත්කාරයෙන් පර්සියානු ගල්ෆ් කලාපයට ඇතුළු වූ පිටස්තරයින්ට අත් වූ බිහිසුණු ඉරණම් පිළිබඳ පරිච්ඡේද රැසක් ඉතිහාසයේ ලියැවී ඇති බවද ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි.

අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඔමාන් වෙරළ ආසන්නයේ අමෙරිකානු යුද හමුදාවේ Apache හෙලිකොප්ටරයක් බිඳ හෙළීමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් වේ.

මෙම ප්‍රහාර ඉරානය වෙත අනතුරු ඇඟවීමක් ලෙස සිදු කරන ලද අතර යුද්ධය අවසන් කිරීම සඳහා පවතින සාකච්ඡාවලට එය බාධාවක් නොවනු ඇතැයි විශ්වාස කරන බව අමෙරිකානු නිලධාරියෙකු සඳහන් කරයි.

මූලික ප්‍රහාර මගින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවට පිහිටි ගුවන් ආරක්ෂක සහ රේඩාර් පද්ධති ඉලක්ක කර ඇති බවත් එම ප්‍රහාර තවදුරටත් සිදු විය හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොරතෙල් මිල ටිකක් ඉහළ⁣ට

බොරතෙල් මිල ටිකක් ඉහළ⁣ට

අද (10) දින ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.95 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.85ක වැඩිවීමකි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.33ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 0.96ක වැඩිවීමකි.

මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.24 දක්වා පහළ ගොස් ඇති අතර එය සියයට 3.98ක පහළ යාමකි.

ඉදිරි සති දෙක තුළ ඉරානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක්

ඉදිරි සති දෙක තුළ ඉරානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක්

ඉරානයට එරෙහිව ඉදිරි සති දෙක ඇතුළත අමෙරිකාව සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,

“අපි දැන් සාකච්ඡා පවත්වමින් ඉන්නවා, ඔවුන් ඉතා හොඳ ගිවිසුමකට එන්න කැමැත්තෙන් ඉන්නවා. ඔවුන් අපට සියල්ල ලබාදීමට සූදානම්, ඔවුන්ට න්‍යෂ්ටික අවි අවශ්‍ය නැති බව පැවසීමටත් ඔවුන් සූදානම්.”

“මම හිතන්නේ අපි ඒ සටන ජයග්‍රහණය කරමින් ඉන්නවා. නමුත් ඉදිරි සති දෙක තුළ අපි සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරන විට ඔබ සැබවින්ම එය ජය ගනු ඇත. එය සම්පූර්ණ ජයග්‍රහණයක් වනු ඇති අතර එය ඉතා ඉක්මනින් සිදුවනු ඇත. එවිට තෙල් මිලද ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇත.”

අඩියක් පස්සට ගත් ඉරානය අනතුරු අඟවයි

අඩියක් පස්සට ගත් ඉරානය අනතුරු අඟවයි

ඉරානයේ ප්‍රධාන හමුදා මූලස්ථානය (Khatam al-Anbiya) විසින් ඊශ්‍රායලයට එල්ල කරන වත්මන් ප්‍රහාර අත්හිටවූ බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ලෙබනනය ඇතුළු ප්‍රදේශවලට ඊශ්‍රායල ප්‍රහාර දිගටම එල්ල වුවහොත්, ඉරානය මීට වඩා දැඩි සහ බලවත් ප්‍රහාරයකින් ප්‍රතිචාර දක්වන බවද ඉරානය අනතුරු අඟවා ඇත.

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාර වලට පිළිතුරු ලෙස ඉරානය හමුදා ක්‍රියාමාර්ග ආරම්භ කළ අතර ඒ අනුව දෙරටම ඊයේ රාත්‍රියේ සහ අද දිනයේ එකිනෙකාට ප්‍රහාර එල්ල කරගෙන ඇත.

පිලිපීන භූකම්පනයෙන් මියගිය ගණන ඉහළ⁣ට

පිලිපීන භූකම්පනයෙන් මියගිය ගණන ඉහළ⁣ට

පිලිපීනයට රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රභලත්වයෙන් යුත් භූකම්පනයක් එරට වේලාවෙන් අද (08) උදෑසන සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ප්‍රබල භූකම්පනයෙන් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 129 දෙනෙක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුව ඇති බව පිලිපීන භූ විද්‍යා ආයතනය සඳහන් කර ඇත.

ඉරානයට එරෙහි ප්‍රහාර නවත්වන්න.. ට්‍රම්ප් ඊශ්‍රායලයට දන්වයි

ඉරානයට එරෙහි ප්‍රහාර නවත්වන්න.. ට්‍රම්ප් ඊශ්‍රායලයට දන්වයි

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවෙන් පසුව ඊශ්‍රායලයද ඉරානයේ ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර ලෙස මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.

එම ප්‍රහාර වලින් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාර දියත් කිරීම නවත්වන ලෙසට ඊශ්‍රායලයට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයට සහ ඊශ්‍රායලයට ඔවුන්ගේම ප්‍රහාර තිබුණු නමුත් තවත් ප්‍රහාරයක් දැකීමට තමන්ට අවශ්‍ය නොවන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

එනිසා තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට කතා කර පළිගැනීමේ ප්‍රහාර දියත් නොකරන ලෙස දන්වන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක්

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක්

ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අප්‍රේල් මාසයේදී දෙපාර්ශ්වය අතර සටන් විරාමයකට එළඹීමෙන් පසුව එල්ල වූ පළමු ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

✕
⌃ News
📰 Free News Subscription?