Foreign news

ඉරානයෙන් ට්‍රම්ප්ට නව කොන්දේසි 6ක්

ඉරානයෙන් ට්‍රම්ප්ට නව කොන්දේසි 6ක්

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය පාලනය කිරීම සඳහා වන නව එකඟතාවයක් පිළිබඳ සාකච්ඡා සාර්ථක මෙන්ම ඉතා දියුණු මට්ටමක පවතින බව ඉරානය සහ ඕමානය ප්‍රකාශ කර ඇත.

එම සාකච්ඡාවල ප්‍රධාන වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යා හැකි නව මුහුදු මාර්ගයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු වුවද එම මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට පෙර අමෙරිකාව විසින් ඉටු කළ යුතු කොන්දේසි මාලාවක් ඉරානය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

අමෙරිකාව තම හැසිරීම් නිවැරදි කරගත යුතු බවත් ඉදිරිපත් කර ඇති කොන්දේසි මාලාව ඉටු කළ යුතු බව ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ හිටපු ලේකම් සහ වත්මන් උත්තරීතර නායකයාගේ උපදේශක මොහොමඩ් බගර් සොල්ගාදර් සඳහන් කරයි.

එම කොන්දේසි මාලාව පහතින්..

1.කිසිදු අයුරකින් හෝ භාෂාවකින් ඉරානයට තර්ජනය නොකරන්න, එමෙන්ම මෙම ජාතියේ පූජනීය වස්තූන්ට හෝ අභිමානයට අපහාස නොකිරීම.

2.ඉරානයට සහ ලෙබනනය, පලස්තීනය, යේමනය මෙන්ම ඉරාකය යන රටවල සිටින ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන්ට එරෙහිව සිදු කරන යුද්ධ සහ ආක්‍රමණ සදහටම නතර කිරීම.

3.නාවික අවහිරතා ඉවත් කර, ඉරානය අවට ස්ථානගත කර ඇති ඇමෙරිකානු නාවික සහ ගුවන් සන්නද්ධ බලකායන් වහාම ඉවත් කිරීම.

4.ආක්‍රමණශීලී යුද්ධ දෙකක් හේතුවෙන් ඉරානයට සිදු වූ සියලුම හානි සඳහා සම්පූර්ණ වන්දි මුදල් ගෙවන්න.

5.ඉරාන ජනතාවට එරෙහිව පනවා ඇති ‘කුරිරු සහ නීතිවිරෝධී’ ආර්ථික සම්බාධක වහාම ඉවත් කිරීම.

6.තහනම් කර ඇති සහ සොරකම් කර ඇති ඉරාන ජනතාවට අයත් සියලුම වත්කම් කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

ඩොල්ෆින් චීනය ඇතුළට.. වහාම අනතුරු අඟවයි

ඩොල්ෆින් චීනය ඇතුළට.. වහාම අනතුරු අඟවයි

චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන “ඩොල්ෆින්” සුළි කුණාටුව නැගෙනහිර වෙරළ තීරයට ළඟා වී ඇත.

දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල සුළං සමඟින් පැමිණි මෙම කුණාටුව හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ දැඩි අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මෙම කුණාටුව චීනයට පැමිණීමට පෙර ජපානයේ දකුණු ඔකිනාවා ප්‍රාන්තය හරහා ගමන් කර ඇති අතර එහිදී ගොඩනැගිලි 50,000කට වැඩි සංඛ්‍යාවක විදුලි සැපයුම බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ‘ඩොල්ෆින්’ සුළි කුණාටුව නැගෙනහිර ෂෙජියැං  ප්‍රාන්තයේ යූහුවාන් ප්‍රදේශය අසලින් ගොඩබිමට ඇතුළු වී ඇති බවත් ගොඩබිමට ළඟ වන අවස්ථාවේදී එහි කේන්ද්‍රය අසල උපරිම සුළගේ වේගය පැයට කිලෝමීටර් 151ක් ලෙස සටහන් වී ඇති බව චීන කාලගුණ විද්‍යා අංශ සඳහන් කරයි.

ජනපති ට්‍රම්ප්ගේ මුරණ්ඩුකම බැස්සූ අමෙරිකාවේ අධිකරණය

ජනපති ට්‍රම්ප්ගේ මුරණ්ඩුකම බැස්සූ අමෙරිකාවේ අධිකරණය

ධවල මන්දිරය යනු එක් ජනාධිපතිවරයෙකුගේ දේපලක් නොවන බවත් වත්මන් මෙන්ම අනාගත ජනාධිපතිවරු සහ මහජනයා සතු පොදු දේපලක් බව අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය අවධාරණය කර ඇත.

ට්‍රම්ප් පරිපාලනය විසින් අමෙරිකාවේ ධවල මන්දිරයේ බටහිර කොටසේ ඉදිකරමින් තිබු උත්සව ශාලාවේ ඉදිකිරීම් නවතා දමන ලෙසට නියෝග කරමින් අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය මෙය අවධාරණය කර ඇත.

අමෙරිකාවේ ධවල මන්දිරයේ බටහිර කොටසේ ඩොලර් මිලියන 400ක වියදමකින් ඉදිකිරීමට සැලසුම් කර තිබු උත්සව ශාලාවේ ඉදිකිරීම් නවතා දමන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කළේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දෙකට එක ලෙසද, බහුතර කැමැත්තෙන් මෙම තීන්දුව ලබාදී ඇති අතර එහිදී විනිසුරු මඩුල්ල අවධාරණය කර ඇත්තේ, කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට මෙවැනි ඉදිකිරීම් සිදුකර නොහැකි බවයි.

ඉරාන උත්තරීතර නායක කමේනිට අසාධ්‍යයි

ඉරාන උත්තරීතර නායක කමේනිට අසාධ්‍යයි

ඉරාන උත්තරීතර නායක මොජ්තාබා කමේනි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් ඔහු රෝහලකට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උත්තරීතර නායක මොජ්තාබා කමේනි නියෝග ලබා දෙන්නේ, මැදිහත්කරුවන්ගේ මාර්ගයෙන් බව වාර්තා වන අතර කමේනිගේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඉරාන රජය කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.

පසුගිය මාස කිහිපයකට පෙර අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව මෙතෙක් ඉරාන උත්තරීතර නායකයා කිසිදු රජයේ රැස්වීමකට සහභාගී වී නොමැත.

මේ අතර ඉරාන උත්තරීතර නායකයා සමග කටයුතු කිරීම අපහසු බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදු දෙකකට යුක්‍රේනයෙන් ප්‍රහාර

රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදු දෙකකට යුක්‍රේනයෙන් ප්‍රහාර

රුසියාවේ Bashneft-Novoil සහ Slavneft-Yanos තෙල් පිරිපහදු දෙක ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරයි.

රුසියාව යුද්ධය සඳහා භාවිතා කරන තෙල් ආදායම සීමා කිරීම මෙම ප්‍රහාරවල අරමුණ බවද යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරයි.

තවද කළු මුහුදේ රුසියානු හමුදා මුර යාත්‍රා සහ සම්බාධක මඟහැර තෙල් ප්‍රවාහනය කරන බව කියන නෞකා කිහිපයකට ප්‍රහාර එල්ල කළ බවද ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කරයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට

දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට

“හෝමූස් සමුද්‍ර සන්ධිය” කඩිනමින් යළි විවෘත නොකළහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

ඉරානය සිදුකළ දැඩි ඉල්ලීම් මත පමණක් තමන් ගැටුම් නවතා යළි සාකච්ඡා සඳහා අවතීර්ණ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් සඳහන් කරයි.

එහෙත්, තමන් ඊට පෙර සූදානම්ව සිටියේ දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට එල්ල කිරීමට බවද ජනාධිපති ඩොනල්ඩ් සඳහන් කරයි.



යුක්‍රේනයේ අගනුවර දෙදරයි.. රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර

යුක්‍රේනයේ අගනුවර දෙදරයි.. රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර

රුසියාව බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන කියෙව් අගනුවර, අවට කලාපයේ සැපයුම් මධ්‍යස්ථාන සහ ගබඩා වලට පහර දුන් බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර යුක්‍රේනයට එල්ල කරන ගුවන් ප්‍රහාර තවදුරටත් වැඩි කරන බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

තෙල් මිල ඉහළ⁣ට

තෙල් මිල ඉහළ⁣ට

අද (03) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සුළු අගයකින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඊයේ (03) දින BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.46 දක්වා පහළ ගියද, අද (04) දින බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.92 දක්වා ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල ඊයේ (03) දින අමෙරිකානු ඩොලර් 79.81ක් දක්වා පහළ ගියද, අද (04) දින බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80.93 දක්වා ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල 85.49 දක්වා ඉහළ ගියද, අද (04) දින බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.83 දක්වා පහළ ගොස් ඇත.

තීරණාත්මක සාකච්ඡාවට ට්‍රම්ප් සූදානම්

තීරණාත්මක සාකච්ඡාවට ට්‍රම්ප් සූදානම්

අද (03) දින පස්වරුවේ ඉරානය සමඟ සාකච්ඡා ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීම සහ ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වේ.

තමන් යුද්ධයකට වඩා ගිවිසුමකට කැමැත්තක් දක්වන බවත් ප්‍රහාර හේතුවෙන් සිදුවන විශාල මිනිස් ජීවිත හානි වැළැක්වීම තම අරමුණ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අවසන් මොහොත තෙක් ඉරානයට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා

අවසන් මොහොත තෙක් ඉරානයට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා

සාකච්ඡා සඳහා ඉරාන රජයට බලපෑම් කිරීම සඳහා නැවතත් ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට තමා බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරයි.

“අපි ඔවුන්ට ඉතා දැඩි ලෙස පහර දෙනවා.. යම් අවස්ථාවකදී ඔවුන් කියාවි අපට මෙය තවදුරටත් දරාගත නොහැකි බව.”

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් දියත් කිරීමට සිය හමුදාව වෙත උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාව විසින් ඉරානයේ විදුලි බලාගාර සහ තෙල් පිරිපහදු වැනි බලශක්ති පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව වාර්තා වේ.

Follow WhatsApp Channel