Foreign news

හමාස් ඇතුළු සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීමට සූදානම්

හමාස් ඇතුළු සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීමට සූදානම්

තමන් නම් කළ “Board of Peace” මණ්ඩලය ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීම සඳහා එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මෙය ඊශ්‍රායල–ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා යෝජනා කර ඇති “Trump 20-Point Plan” ක්‍රියාත්මක කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

මෙම එකඟතාව ගාසා තීඑයේ නව පලස්තීන රජයක් යටතේ පාලනය වීම සඳහා වැදගත් පියවරක් වන අතර, එම රජය Board of Peace සමඟ සමීපව කටයුතු කරමින් පලස්තීන ජනතාවට සහාය වනු ඇත. ඒ සමඟම ඊශ්‍රායලයට ලැබිය යුතු ආරක්ෂාව ද තහවුරු වනු ඇත.”

මෙම ගිවිසුම අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන අතර නිරායුධකරණය ඉදිරියට යාමත් සමඟ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වනු ඇත. 

මැදපෙරදිග ගැටුම් දරුණු අතට.. අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

මැදපෙරදිග ගැටුම් දරුණු අතට.. අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

ඉරානයට එරෙහිව දැවැන්ත සහ ප්‍රබල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව අමෙරිකානු හමුදාව නිවේදනය කරයි.

මැදපෙරදිග අමෙරිකානු හමුදාවන් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් සිදු කරන ලද හදිසි ප්‍රහාර උත්සාහයකට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇත.

පසුගියදා ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරු සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික යාත්‍රා ඉලක්ක කර ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර වලට එරෙහිව මෙම ප්‍රබල ප්‍රතිචාරය ලබා දුන් බව අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය සඳහන් කරයි.

පහළ ගිය තෙල් මිල නැවතත් ඉහළ⁣ට

පහළ ගිය තෙල් මිල නැවතත් ඉහළ⁣ට

අද (30) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.60 දක්වා ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.60 දක්වා ඉහළ ගොස් ඇත.

තවද, MURBAN බොරතෙල් බැරලයක මිල 86.00 දක්වා ඉහළ ගොස් ඇත.

අමෙරිකාවෙන් ඉරාකයටත් ගුවන් ප්‍රහාර

අමෙරිකාවෙන් ඉරාකයටත් ගුවන් ප්‍රහාර

අමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව ඉරාකයේ සන්නද්ධ කඳවුරු ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ගුවන් ප්‍රහාර වලින් ඉරාකයේ 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඉරාකයේ ප්‍රාන්ත කිහිපයකටම ප්‍රහාර එල්ල වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ‘නිනවෙහ්’ (Nineveh) ප්‍රාන්තයට එල්ල වූ ප්‍රහාර වලින් බව වාර්තා වේ.

අමෙරිකානු හමුදා සහ සෞදි අරාබියේ තෙල් පිරිපහදු ඉලක්ක කර ගනිමින් ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් මෙම ඒකාබද්ධ ප්‍රහාරය දියත් කළ බව අමෙරිකාව සඳහන් කරයි.

මෝදිගේ වීඩියෝව අවහිර කළ Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි

මෝදිගේ වීඩියෝව අවහිර කළ Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි

මෙටා (Meta) සමාගම ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වීඩියෝවක් ෆේස්බුක් (Facebook) ඔස්සේ කෙටිකාලීනව අවහිර කරනු ලැබීම සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් සමාව අයැද ඇත.

“මෙම අන්තර්ගතය වැරදීමකින් ඉවත් කර තිබූ අතර දැන් එය යථා තත්ත්වයට පත් කර ඇත” යනුවෙන් මෙටා ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අගමැති මෝදිගේ ෆේස්බුක් (Facebook) වීඩියෝව තාවකාලිකව අවහිර කිරීම සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් මෙටා සහ ඉන්ස්ටග්‍රෑම් හි ගෝලීය ප්‍රධානීන් කැඳවා ඇති බව වාර්තා වේ.

මෙම වීඩියෝවෙන් ‘කොක්රෝච් ජනතා පක්ෂය’ (CJP) විසින් සංවිධානය කරන ලද ශිෂ්‍ය විරෝධතාවක් අතරතුර අගමැති මෝදි ‘Gen Z’ (නව පරම්පරාව) තරුණ තරුණියන් වෙත පණිවිඩයක් ලබාදී තිබුණේය.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරන ආකාරයට, මෙම වීඩියෝව ඉවත් කිරීමට හේතු වී ඇත්තේ තාක්ෂණික දෝෂයකි.

අගමැති මෝදිගෙන් නව කාර්ය සාධන බලකායක්

අගමැති මෝදිගෙන් නව කාර්ය සාධන බලකායක්

නව කාර්ය සාධන බලකායක් පත් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගෙන ඇත.

ඉන්දීය විභාග ක්‍රමය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද යන්න සොයා බැලීමට මෙම නව කාර්ය සාධන බලකාය පත්කළ බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉන්ෆොසිස් සමාගමේ සම නිර්මාතෘ නන්දන් නිලේකානිගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කඩිනමින් රජයට ලබාදෙනු ඇති බවද සඳහන් කරයි.

සිසුන්ගේ අනාගතය සමග සෙල්ලම් කළ පිරිස් දැන් සිරගත කර ඇති බවත් විභාග සම්බන්ධයෙන් දැඩි නීතිමය විධිවිධාන සහිත නව නීති සම්පාදනය කිරීමේ මුල් පියවර අද පාර්ලිමේන්තුවේදී ගන්නා බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

නව කාර්ය සාධක බලකායට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ හිටපු සභාපතිවරයෙක්, බුද්ධි තොරතුරු කාර්යාංශ හිටපු අධ්‍යක්ෂවරයෙක්, හිටපු අධ්‍යාපන ලේකම්වරියන් ඇතුළු සාමාජිකයින්ද ඇතුළත් වේ.

අමෙරිකා – ඉරාන යුද ගැටුම් දින දෙකකට නවතී

අමෙරිකා – ඉරාන යුද ගැටුම් දින දෙකකට නවතී

ඉරානයේ ස්ථාවරය තවදුරටත් “ප්‍රහාරයට ප්‍රහාරයක්” යන්න බැවින් අමෙරිකාව සිය ප්‍රහාර නතර කරන්නේ නම්, තමන් ද ප්‍රහාර නතර කරන බව ඉරානය ප්‍රකාශ කර ඇත.

අමෙරිකාව ප්‍රහාර නතර කළහොත් ඉරානය ද සිය මෙහෙයුම් නතර කරන බවට වන පණිවුඩය දැනටමත් අමෙරිකාව වෙත දැනුම් දී ඇති බව ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.

ඉරානයට එරෙහිව අමෙරිකාව අඛණ්ඩව රාත්‍රී 13ක් ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා එම ගුවන් ප්‍රහාර මෙහෙයුම අමෙරිකාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.

අමෙරිකාවේ අවි සංචිත ක්ෂය වීම පිළිබඳ අවධානය යොමුකර ඇති බව වාර්තා වීමත් සමග, අමෙරිකාව සිය බෝම්බ ප්‍රහාර මෙහෙයුම තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.

සෙනසුරාදා සහ ඉරිදා දිනවල අමෙරිකානු ප්‍රහාර කිසිවක් වාර්තා වී නොමැති අතර ඉරානය ද සෙනසුරදා සහ ඉරිදා දින දෙකක් පුරා ප්‍රහාර එල්ල කර නොමැත.

ඉරාන නෞකාවකට යුක්‍රේනයෙන් ප්‍රහාර

ඉරාන නෞකාවකට යුක්‍රේනයෙන් ප්‍රහාර

ඉරාන නෞකාවකට එල්ල කළ ප්‍රහාරයකින් නාවිකයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

කැස්පියන් මුහුදේ යාත්‍රා කළ ඉරාන වාණිජ නෞකාවකට යුක්‍රේනය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කරුණු විම්සීම සඳහා ටෙහෙරානයේ සිටින යුක්‍රේන තානාපතිවරයා ඉරාන විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර රුසියාවේ සිට ඉරානය වෙත ආයුධ රැගෙන එන රුසියානු නෞකාවලට තමන් කැස්පියන් මුහුදේදී පහරදුන් බව යුක්‍රේනය සඳහන් කරයි.

සියල්ල අවසන්.. මෝදි අඩියක් පස්සට ගනී

සියල්ල අවසන්.. මෝදි අඩියක් පස්සට ගනී

ඉන්දියාවේ රට පුරා දින ගණනාවක් පැවති දැවැන්ත විරෝධතා නැවැත්වීමට කැරපොත්තා ජනතා පක්ෂය තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසු තරුණ නායකත්වයෙන් යුත් කැරපොත්තා ජනතා පක්ෂය (CJP) සිය විරෝධතාවය අත්හිටුවා ඇත.

විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීම සහ අක්‍රමිකතා පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් සති ගණනාවක් පුරා පැවති විරෝධතා වලින් පසු අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත අද (25) පස්වරුවේ ලිපියක් යොමු කළේය.

නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව ඉන්දියාවේ පැවති විශාලතම විරෝධතාව මෙය වන අතර විරෝධතා රට පුරා පැතිරීමත් සමඟ දහස් ගණනක් දිල්ලියේ කඳවුරු බැඳගෙන සිටියේය.

විරෝධතාවේ නිරත වූ පිරිස ප්‍රකාශ කර ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඇතුළු සියලු ඉල්ලීම් වලට අගමැති මෝදි ප්‍රමුඛ රජයේ පාර්ශ්වයෙන් එකඟවීම නිසා මෙම විරෝධතා අවසන් කරන බවයි.

බො⁣රතෙල් මිලේ වෙනසක්

බො⁣රතෙල් මිලේ වෙනසක්

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

කෙසේ වෙතත් ඊයේ (24) දිනට සාපේක්ෂව අද (25) දිනයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සුළු අගයකින් පහළ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.78 දක්වා පහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 89.31 දක්වා පහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.05 දක්වා පහළ ගොස් ඇත.