Local news

හිටපු රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා

හිටපු රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ භාරදීම සිදුවිය.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා, විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව නියම කළේය. 

අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස නියම කළ විනිසුරුවරයා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස (05) වනදා කැඳවන ලෙසත් නියම කළේය.

මීගමුව බන්ධනාගාර ගැටුමට මුල් වූ බව කියන සුරේෂ් බූස්සට

මීගමුව බන්ධනාගාර ගැටුමට මුල් වූ බව කියන සුරේෂ් බූස්සට

පාතාල කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වන බව පැවසෙන ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැත්තාව බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත.

ඊයේ (06) දින මීගමුව බන්ධනාගාර ගැටුමට ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැත්තා මුල් වූ බව පැවසෙන අතර ඔහුට තියුණු ආයුධ වලින් පහරදීම, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවි කිරීම යන්න චෝදනා එල්ල වී ඇත.

තවද ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැත්තාට 2016 වසරේදී නාරම්මල ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ නමකට සහ එහි සහායකයාට පහරදී බැඳ දමා ච්‍යෛයකට හානි කිරීමේ චෝදනාවක්ද එල්ල වී ඇත.

බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන ඉහළට

බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන ඉහළට

ඊයේ (06) දින මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය ගණන තවදුරටත් ඉහළ ගොස් ඇත.

ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියගොස් ඇති අතර ඒ අනුව මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද ප්‍රදේශ රැසකට තද සුළං

අද ප්‍රදේශ රැසකට තද සුළං

අද (07) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වලටත්, රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් එලෙස තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55ත් 65ත් දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මොරටුව සරසවිය වසා දමයි

මොරටුව සරසවිය වසා දමයි

මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අධ්‍යපාන හා උසස් අධ්‍යපාන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

සිසුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බව නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

මේ අතර සිසුන්ට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් පසුගියදා සෞන්දර්යය විශ්ව විද්‍යාලයද තාවකාලිකව වසා දැමුණි.

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ කඳුළු සලමින් සමුගනී

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ කඳුළු සලමින් සමුගනී

ලෝක කුසලාන පන්දු තරගාවලියේ සුපිරි 16දෙනාගේ තරග වටයේ ස්පාඤ්ඤය සමඟ පැවති තරගය ගෝල 1-0 ක් ලෙස පරාජය වීමත් සමඟ පෘතුගාලයෙන් බිහි වූ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගෙන ඇත.

ඩලස් (Dallas) නුවර පැවති මෙම තරඟයේ අතිරේක කාලයේදී මිකෙල් මෙරිනෝ ලබාගත් ගෝලයත් සමඟ ස්පාඤ්ඤය ජයග්‍රහණය කළ අතර එහිදී රොනාල්ඩෝ දැඩි ලෙස සංවේදී වෙමින් කඳුළු සලන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ,

“මම හිතනවා මම ඒකට සූදානම් කියලා. ඒක හරිම දුෂ්කර වේවි. නමුත් මම වයස අවුරුදු 25, 26 ඉඳන්ම මගේ අනාගතය සැලසුම් කළා. පාපන්දු ක්‍රීඩා පිටියෙන් ලැබෙන සතුට හා ජවය වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැහැ.

නමුත් හැම දේකටම ආරම්භයක් වගේම අවසානයක් තියෙනවා. විශ්‍රාම ගත්තට පස්සේ මට මගේ පවුලේ අය සහ දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන්.”

රොනාල්ඩෝ මේ වනවිට බැලන්ඩෝර් (Ballon d’Or) සම්මාන 5ක්, චැම්පියන්ස් ලීග් කුසලාන 5ක් සහ 2016 යුරෝ කුසලානය දිනා ඇති අතර ලෝක වාර්තාවක් තබමින් ගෝල 976ක් ලබාගෙන ඇත.

මහින්ද කෝටි 100ක අල්ලස් මුදලක් ගත්තැයි පැමිණිල්ලක්

මහින්ද කෝටි 100ක අල්ලස් මුදලක් ගත්තැයි පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ⁣රුපියල් කෝටි 100ක අල්ලස් මුදලක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත.

හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලයට විකිණීමේදී මහින්ද රාජපක්ෂ ⁣රුපියල් කෝටි 100ක අල්ලස් මුදලක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය මෙම පැමිණිල්ල කර ඇත.

බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන ඉහළ⁣ට

බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන ඉහළ⁣ට

අද (06) දින මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මියගිය නිලධාරීන් අතරට බන්ධනාගාර ජේලර්වරයෙක්, ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙක් සහ නියාමකවරු පිරිසක් අයත් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවත් බන්ධනාගාරය තුළ තිබූ CCTV පද්ධති සහ බොඩි ස්කෑනර් යන්ත්‍රයද රැඳවියන් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් 18 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

නවීකරණය කල නාරාහේන්පිට දුම්රිය ස්ථානය ජනතා පරිහරණයට

නවීකරණය කල නාරාහේන්පිට දුම්රිය ස්ථානය ජනතා පරිහරණයට

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් clean srilanka වැඩසටහහනෙ හි තිරසර ව්‍යාපෘතියක් ලෙස “dream destination” වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව “dream destination” වැඩසටහනට අදාලව නවීකරණය කල නාරාහේන්පිට දුම්රිය ස්ථානය ජනතා පරිහරණයට පත් කිරීම අද (06) දින සිදු කළේය.

මෙහි මූල්‍ය ඉදිකිරීම් කටයුතු රුපියල් මිලියන 40 ක පිරිවැයක් දරා පෞද්ගලික සමාගමක් වන MAGA ඉදුකිරීම් සමාගම විසින් සිදුකරනු ලැබුවෙිය.

මෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය මගී ගුවන් පාලම අලුතින් ඉදිකිරීම, දෙවන මගී වේදිකාව දිගු කිරීම, සනීපාරක්ෂක හා මලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීම, අභ්‍යන්තර හා බාහිර තීන්ත ආලේපනය, දුම්රිය මගී ආසන අලුතින් සවි කිරීම, දුම්රිය නිළ නිවාස අලුත්වැඩියා කිරීම, විදුලි ආලෝක පද්ධතිය නවීකරණය සහ දුම්රිය ප්‍රවේශ මාර්ගයේ කාපට් ඇතිරීම ඇතුලු දුම්රිය ස්ථානය හා ඒ ආශ්‍රිත භෞතික ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත.

බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන තවත් ඉහළ⁣ට.. 100කට අධික පිරිසක් රෝහලේ

බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන තවත් ඉහළ⁣ට.. 100කට අධික පිරිසක් රෝහලේ

අද (06) දින මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ කැඳවීමට මේ මොහොතේ කටයුතු කර ඇත.