Local news

ඉරානයේ ගොඩබිම් ආක්‍රමණයට අමෙරිකාව සූදානම්.. දැවැන්ත මෙහෙයුමක්

ඉරානයේ ගොඩබිම් ආක්‍රමණයට අමෙරිකාව සූදානම්.. දැවැන්ත මෙහෙයුමක්

ඉරානයේ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට පෙන්ටගනය සුදානම් වෙමින් සිටින බවත් එය සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත මෙහෙයුමක් වනු ඇති බව ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කර ඇත.

මේ වනවිටත් එම මෙහෙයුම සඳහා අවශ්‍ය යුද සැලැසුම් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය විසින් සකස් කර අවසන් බවද සඳහන් කරයි.

මේ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සිය අනුමැතිය ලබා දෙන්නේද.? නැද්ද.? යන්න සම්බන්ධයෙන් මේ දක්වා ස්ථිරව ප්‍රකාශ කර නොමැති බවද සඳහන් කරයි. 

මෙහෙයුමට මැරීන් භටයින් 4,000ක් පමණ මැදිපෙරදිග කලාපය බලා ගොස් ඇති බවත් 82 වන ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් මෙහෙයුම සඳහා සූදානම්ව සිටින බවද වාර්තා වේ.

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඩ්‍රෝන ප්‍රහාර

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඩ්‍රෝන ප්‍රහාර

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාර හේතුවෙන් ගුවන්තොටුපළේ රේඩාර් පද්ධතියට සැලකිය යුතු හානියක් සිදුව ඇති නමුත් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාර ඉරානය, එහි නියෝජිතයින් සහ ඔවුන්ට සහාය දක්වන සන්නද්ධ කණ්ඩායම් විසින් සිදු කරන ලද බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

මේ අතර පසුගියදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව ගුවන්තොටුපළේ ඉන්ධන ටැංකිවල ඇති වූ ගින්න අඛණ්ඩව පැය 58ක් පැවති මෙහෙයුම්වලින් පසුව නිවා දැමූ බව කුවේට් ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“No Kings” ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා අරඹයි

“No Kings” ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකාව පුරා විරෝධතා අරඹයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළපාළි යාම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ පරිපාලනයට විරුද්ධව ‘No kings’ නමින් විරෝධතා ආරම්භ කර ඇති අතර එම විරෝධතා සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්වී ඇත.

මේ වනවිට අමෙරිකාව පුරා ස්ථාන 3000ක විරෝධතා ආරම්භ කර ඇති බවත් මෙම විරෝධතාව අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම විරෝධතාව ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් නගරවල වීදි දිගේ දැවැන්ත පෙළපාලි පැවැත්වෙන අතර තවත් ස්ථානවල ගායනා, නර්ථන සහ දේශනවලට සවන් දීමට ලක්ෂ ගණනක ජනකායක් රැස්වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති, ඉහළ ජීවන වියදම සහ ඉරානය සමඟ ආරම්භ කර ඇති යුද්ධයට එරෙහිව මෙලෙස විරෝධතා වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙමින් සිටියි.

විරෝධතාකරුවන් සඳහන් කළේ, ‘ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ ඒකාධිපතියෙකු ලෙස අපව පාලනය කිරීමටයි. නමුත් මේ ඇමරිකාව, බලය අයිති ජනතාවටයි. රජවරුන් වීමට හෝ ඔවුන්ගේ බිලියනපති හිතවතුන් වීමට නොවේ.” යනුවෙන්ය.

ඉරානයේ පාසල් 600කට ප්‍රහාර

ඉරානයේ පාසල් 600කට ප්‍රහාර

ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් එරට සිවිල් දේපළවලට සිදුව ඇති දැවැන්ත හානිය පිළිබඳව ඉරාන රතු කුරුස සංගමය වාර්තාවක් නිකුත් කර ඇත.

ඉරානයට ගුවන් ප්‍රහාර ආරම්භ වී සති පහක් ඇතුළත සිවිල් ස්ථාන 93,000කට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇති බව ඉරාන රතු කුරුස සංගමය සඳහන් කරයි.

නිවාස 71,547ක්, වෙළෙඳසැල් 20,779ක් විනාශ වී ඇති බවත් ටෙහෙරාන් අගනුවර පමණක් නිවාස සහ වෙ‍ෙළඳසැල් 31,562කට හානි සිදුව ඇති බවද සඳහන් කරයි.

ඉරානයේ පාසල් 600කට සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 295කට ප්‍රහාර එල්ල කර ඇති අතර ගිලන් රථ 46කට සහ හදිසි අනතුරු සේවා වාහන 48කට හානි සිදුව ඇති බවද එම සංගමය සඳහන් කරයි.

වෛද්‍ය උපාධිධාරීන්ගේ අයදුම්පත් කැඳවයි

වෛද්‍ය උපාධිධාරීන්ගේ අයදුම්පත් කැඳවයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් 2025 වසරේ ජූලි මස (04) වැනි දිනට සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කළ වෛද්‍ය උපාධිදාරීන් 453 දෙනා සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන ඇත.

අයදුම්පත් භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර එම අයදුම්පත් එළැඹෙන අප්‍රේල් මස (04) වැනි දින දහවල් 12.00 වන දක්වා භාර ගනු ලබන බවත් නියමිත කාල සීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්යය බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් නියමිත අවසන් දිනයට පෙර අයදුම්පත් ඉදිරිපත් නොකරන අයදුම්කරුවන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය කිසිදු වගකීමක් භාර නොගන්නා බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

RMV ලොක්කාට දුන් නියෝගය

RMV ලොක්කාට දුන් නියෝගය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අද (28) පස්වරුවේ කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු (30) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශනයේදී කැබ් රථයක ලියාපදිංචි චැසි අංකය වෙනස් කිරීමට අදාළ ලේඛන ඉදිරිපත් කර ‘බර සහතික’ ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

අනතුරුව එම ලේඛන මගින් අදාළ කැබ් රථයට E කාණ්ඩයේ අංකයක් ලබාගැනීම සහ චැසි සංශෝධනයට ඉදිරිපත් කර තිබූ චැසි සංශෝධන ගොණුව නීති විරෝධීව නීති විරෝධී ලෙස සඟවා තබා අසත්‍ය ප්‍රකාශ ලබා දෙමින් අදාළ රථය ව්‍යාජ ලෙස එකලස් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ආධාර අනුබලදී ඇති බවට චෝදනා එල්ල විය.

පසුව ඊයේ (27) පස්වරුවේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේය.

හෙට පැය 5ක ජල කප්පාදුවක්

හෙට පැය 5ක ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් හෙට (29) දිනයේදී ප්‍රදේශ කිහිපයකට පැය 05ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයන් හී ප්‍රදේශ කිහිපයකට පැය 05ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

හෙට පෙ.ව.9.00 සිට ප.ව. 2.00 දක්වා කළුබෝවිල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව රාවතාවත්ත, සොයිසාපුර ආදී ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව සිදුකරයි.

ඉන්ධන නිකුත් කිරීමට නව QR ක්‍රමවේදයක්

ඉන්ධන නිකුත් කිරීමට නව QR ක්‍රමවේදයක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා නව “QR” ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව නව “QR” ක්‍රමවේදය කෘෂි කර්මාන්තය සහ තවත් පාර්ශ්ව කිහිපයක් සඳහා ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇති බවත් මේ සඳහා වාහන රහිත “QR” ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව එම සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා සඳහන් කරයි.

ගොවීන්, ධීවරයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක ඉන්ධන අවශ්‍යතා සඳහා මෙම “QR” ක්‍රමවේදය නිර්මාණය කරන බවත් මේ වනවිට නව “QR” ක්‍රමවේදය නිර්මාණය කරමින් පවතින බවද සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා සඳහන් කරයි.

ග්‍රාමසේවක සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවය සම්බන්ධව දැනුවත් කර මෙම නව “QR” ක්‍රමවේදය නිර්මාණය කර ගත හැකි බවත් මෙම නව “QR” කේතය එම පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට නිර්මාණය වන බවද සභාපතිවරයා සඳහන් කරයි.

නව “QR” කේතය ක්‍රම කිහිපයක් යටතේ නිර්මාණය වන බවත් ඒ අනුව එහි කාණ්ඩ 7ක් යටතේ ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බවත් මෙම කාණ්ඩ සඳහා ඉන්ධන කොපමණ ප්‍රමාණයක් ලබා දෙන්නේද යන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.

පොලිස් නිලධාරීන්ට දින තුනක නිවාඩුවක්

පොලිස් නිලධාරීන්ට දින තුනක නිවාඩුවක්

සෑම පොලිස් නිලධාරියකුම ආතතියකින් තොරව රාජකාරි කළ යුතු බැවින් පොලිස් නිලධාරීන්ට මාසයකට දින 3ක නිවාඩුවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.

අප්‍රේල් ඉන්ධන මිල ගැන ජනතාවට දැනුම්දීමක්

අප්‍රේල් ඉන්ධන මිල ගැන ජනතාවට දැනුම්දීමක්

ඉන්ධන මිල සම්බන්ධයෙන් මාසිකව සිදු කරන‍ මිල සංශෝධනය අනුව අප්‍රේල් මස සඳහා ඉන්ධන මිල ගණන් ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව මාසිකව සිදු කරන‍ මිල සංශෝධනයට අදාළව මාර්තු මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පදනම් කරගනිමින් මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය රජය විසින් ගනු ඇති බවද සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කරයි.

කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මේ බව සඳහන් කරයි.