Local news

ට්‍රම්ප් වන්දි ගෙවන තෙක් හෝමූස් විවෘත කරන්නේ නෑ – ඉරානය

ට්‍රම්ප් වන්දි ගෙවන තෙක් හෝමූස් විවෘත කරන්නේ නෑ – ඉරානය

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා නව කාල සීමාවක් නියම කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය.

ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය ලබන අඟහරුවාදා වනවිට විවෘත නොකලහොත් ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම බරපතළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරානය සඳහන් කළේ, බරපතල තර්ජන නිකුත් කරමින් අමෙරිකාව ප්‍රකාශ නිකුත් කළද, ඉරානයට සිදුවූ හානි සඳහා වන්දි ලැබෙන තෙක් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවයි.

මේ අතර ඉරානයේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තර්ජනය ඉරානයේ මධ්‍යම හමුදා අණදෙන නිලධාරියා ප්‍රතික්ෂේප කර ඇත.

වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට අවසන් තීරණය කියන්න අවස්ථාවක්

වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට අවසන් තීරණය කියන්න අවස්ථාවක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනයේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සාකච්ඡාවක් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ අනුව වැඩ වර්ජනයේ ගැටලු සම්බන්ධව අවධානය යොමු කරමින් එළැඹෙන (09) වන බ්‍රහස්පතින්දා ඔවුන්ට සාකච්ඡාවක් ලබාදීමට සූදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (06) ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවට සහභාගී වීමට තමන් ඉන්දියාව බලා පිටත්ව යන බැවින් යළි පැමිණීමෙන් අනතුරුව අදාළ සාකච්ඡාව ලබාදීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

“ලෝක සෞඛ්‍ය දිනය – 2026” ප්‍රධාන ආරාධිතයා ඇමති නලින්ද

“ලෝක සෞඛ්‍ය දිනය – 2026” ප්‍රධාන ආරාධිතයා ඇමති නලින්ද

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය (WHO South-East Asia Regional office) සංවිධානය කරනු ලබන “ලෝක සෞඛ්‍ය දිනය – 2026” සැමරුමට ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහභාගී වීමට නියමිතය.

මෙවර කලාපීය සැමරුම ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන අතර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (06) දින ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව වන්නේ “සෞඛ්‍ය සඳහා එක්වෙමු. විද්‍යාව සමඟ නැගී සිටිමු” (Together for health. Stand with science) යන්නයි.

මෙවර සැමරුමේ මූලික අරමුණ වන්නේ මානව සෞඛ්‍යය සුරැකීම සඳහා විද්‍යාත්මක සොයාගැනීම් සහ සහයෝගීතාවයේ ඇති වැදගත්කම අවධාරණය කිරීමයි.

මෙහිදී මිනිසුන්ගේ පමණක් නොව සතුන්, ශාඛ සහ සමස්ත පද්ධතියේම සෞඛ්‍යය එකිනෙකට බැඳී පවතින බව පවසන “ඒකීය සෞඛ්‍ය (One Health)” ප්‍රවේශය කෙරෙහි ලෝකයේම අවධානය යොමු කර ඇත.

QR ඔත්තේ – ඉරට්ටේ ඉවත් කිරීම ගැන ඇමති කියයි

QR ඔත්තේ – ඉරට්ටේ ඉවත් කිරීම ගැන ඇමති කියයි

මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමග ඇතිවූ බලශක්ති අර්බුදය රජය විසින් මේ වනවිට කලමනාකරණය කර ඇති බවත් අප්‍රේල් මාසයේදී ඉන්ධන නෞකා 9ක් මෙරටට පැමිණීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

නිවාඩු දිනයක් කළ බදාදා දිනය අවශ්‍ය පදිරි ඉදිරියේදී යළිත් වැඩකරන දිනයක් බවට පත් කිරීමට කටයුතු කළ හැකි බවත් “QR” ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය සහ ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය ඉවත් කරමින් සාමාන්‍ය පරිදි වැඩකටයුතු කිරීමට හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ,

“දැනටමත් අපි අලුත් ක්‍රමවේද හඳුන්වලා දුන්නා. මුල් සතිය දෙකේ යම් අමාරුකම් තිබුණා ඒක ඇත්ත. පොලින් ආවා. QR හඳුන්වලා දුන්නා, ඔත්තේ ඉරට්ටේ හඳුන්වා දුන්නා. බදාදා දිනය නිවාඩු දිනයක් කළා. යම් යම් ක්ෂණික ක්‍රියාමාර්ග ගත්තා. දැන් අපි පොලින් නැති කළා.

දැන් QR එක හොඳට යනවා. ඔත්තේ ඉරට්ටේ හොඳට යනවා. තව ටික දවසක් යද්දි ඒක එපා නම් අපි ඒක අයින් කරමු. අපි ලැස්ති ඒකට. බදාදා නිවාඩු දිනයත් දිගටම තියා ගන්න ඕනේ නෑ. කළමනාකරණය කරාට පස්සේ අවශ්‍ය මොහොතේදී වැඩ පටන්ගමු.

ඒ වෙලාවේ ඇති වු තත්ත්වයට මුහුණ දෙන්න අපි ඒක කළා. එනවා කිව්ව නැව් ටික එක පාර එන්න බෑ කිව්වා. සැපයුම් දුන්නේ නෑ. ඒකයි ඒ වගේ කළේ. නමුත් බය වෙන්න එපා අප්‍රේල් මාසෙ ඇතුලත තව නැව් 9ක් එන්න නියමිතයි. අපිට කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නෑ.”

ජනතා විමුක්ති පෙරමුණ “ඉල් මහ විරු සැමරුම” මාතර පැවැති අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කරයි.

තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට තීරණය කරයි

තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට තීරණය කරයි

බොරතෙල් මිල පාලනය කිරීම සහ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පිහිටුවා ගත් “OPEC+” සංවිධානය එළැඹෙන මැයි මාසයේදී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට සිය එකඟතාව පළකර ඇත.

ඔපෙක් (OPEC) සහ ඔපෙක් නොවන (තෙල් අපනයනය කරන රටවල්) 10කින් සැදුම්ලත් සංගමයක් වන මෙම ජාත්‍යන්තර සන්ධානයේ සාමාජික රටවල් 8ක් මෙම එකඟතාවට පැමිණ ඇත.  

සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය මෙම එකඟතාව පළකර ඇති අතර ඔවුන් දිනක නිෂ්පාදනය බැරල් 206,000කින් වැඩි කිරීමට තීරණය කර ඇත.

එම රටවල් ඔවුන්ගේ ඒකාබද්ධ නිෂ්පාදනය වැඩි කිරීමත් සමග දිනක නිපදවන බැරල් ප්‍රමාණය බැරල් මිලියන 33.7ක් දක්වා ඉහළ දැමීමට හැකිවනු ඇති බව එම සංවිධානය සඳහන් කරයි.

කෙසේ නමුත් දිනක නිෂ්පාදනය වැඩි කළඳ ගුවන් ප්‍රහාරවලින් හානියට පත් බලශක්ති යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමට දිගු කාලයක් ගතවනු ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.

“හෝමූස් වහාම විවෘත කරපල්ලා” ට්‍රම්ප්ගෙන් අපහාසාත්මක ප්‍රකාශයක්

“හෝමූස් වහාම විවෘත කරපල්ලා” ට්‍රම්ප්ගෙන් අපහාසාත්මක ප්‍රකාශයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ලබන අඟහරුවාදා වනවිට ඉරානයේ බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවා ඇත.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා රළු සහ අපහාසාත්මක භාෂාවකින් මෙම තර්ජනය සිදුකර ඇත.

ජනාධිපති ට්‍රම්ප් සිය සටහන අවසන් කරමින් සඳහන් කළේ,

“පිස්සු තිරිසනුනේ, ඔය සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරපල්ලා. නැත්නම් උඹලා නිරයේ ජීවත් වෙන්න සූදානම් වෙයල්ලා. බලාගෙන හිටපල්ලා.”

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඉරානය විසින් වෙළඳාමට අතිශය වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමන ලදී.

අමෙරිකානු නියමුවා බේරාගත්තේ නෑ.. ට්‍රම්ප්ගේ ප්‍රකාශය අසත්‍යයි

අමෙරිකානු නියමුවා බේරාගත්තේ නෑ.. ට්‍රම්ප්ගේ ප්‍රකාශය අසත්‍යයි

අමෙරිකානු ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසුව අතුරුදන්ව සිටි ගුවන් නියමුවා මුදාගත් බවට අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉරානය සඳහන් කරයි.

ඉරානය විසින් ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසුව අතුරුදන්ව සිටි ගුවන් නියමුවා අමෙරිකානු හමුදාවන් මුදාගත් බව අමෙරිකානු ජනපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේය.

එහෙත් ගුවන් නියමුවා ගලවා ගැනීමේ අමෙරිකානු මෙහෙයුම අසාර්ථක වූ බව ඉරානයේ හමුදා මූලස්ථානය උපුටා දක්වමින් එරට තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

දකුණු ඉස්ෆහාන් කලාපයේදී සිය හමුදා අමෙරිකානු ගුවන් යානා කිහිපයකට ප්‍රහාර එල්ල කර විනාශ කළ බව ඉරාන හමුදා මූලස්ථානය සඳහන් කරයි.

ගුවන් යානයක්, බ්ලැක්හෝක් හෙලිකොප්ටර් 2ක් සහ C-130 වර්ගයේ හමුදා සෙබළුන් රැගෙන යන ගුවන් යානයක් තම ප්‍රහාරයට ලක්වූ බව ඉරානය සඳහන් කරයි.

ලාෆ් ගෑස් මිල තවත් ඉහළ⁣ට.. නව මිල මෙන්න

ලාෆ් ගෑස් මිල තවත් ඉහළ⁣ට.. නව මිල මෙන්න

අද (05) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇති බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 5,700කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 418කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,280කි.

ලිට්‍රෝ ගෑස් මිල දැනෙන්න ඉහළ⁣ට.. නව මිල මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල දැනෙන්න ඉහළ⁣ට.. නව මිල මෙන්න

අද (05) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ නංවන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 4765කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 308කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1910කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 890කි.

චීනයෙන් ලංකාවට තෙල් නැවක්

චීනයෙන් ලංකාවට තෙල් නැවක්

චීන රජය විසින් පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාව පළ කර ඇත.

ඒ සම්බන්ධයෙන් හෙට (06) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ලැබෙන ඉන්ධන වර්ගය සහ අදාළ නෞකාව මෙරටට පැමිණෙන දිනය පිළිබඳව එම සාකච්ඡාවේදී අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.