විශ්වවිද්‍යාලවල මාර්ගගත (Online) දේශන පැවැත්වීම වැඩි කරන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සියලුම උපකුලපතිවරුන්ට දැනුම් දී ඇත.
ක්ෂේත්‍ර චාරිකා කල් දමන ලෙස උපදෙස් ලබාදී ඇති බවද එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කරයි.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ “TH-57 Sea Ranger” වර්ගයේ හෙලිකොප්ටර් යානා 10 මේ වනවිට ශ්‍රී ලංකාව වෙත පිටත්කර එවා ඇත.
පරිත්‍යාග කරන ලද මෙම හෙලිකොප්ටර් යානා 10 මාර්තු (15) වනදා අමෙරිකාවේ ඇලබාමා හි Port Mobile සිට ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති අතර එය මැයි (24) වන දින මෙරටට ළඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.
Bell 206B-3 Jet Ranger යානා මිලිටරි ප්‍රභේදයක් වන මෙම මෙහෙයුම් ගුවන් යානා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට නියමිතය.
අපට තිබෙන බලශක්තිය ප්‍රවේශම් කර ගැනීම සඳහා QR කේතයක් හඳුන්වාදී තිබෙන බවත් එහි යම් යම් ගැටලු තිබෙන බව දන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අපේ දැන් තිබෙන බලශක්තිය ප්‍රවේශම් කර ගැනීම සඳහා QR කේතයක් හඳුන්වාදී තිබෙනවා. එහි යම් යම් ගැටලු තිබෙන බව අපි දන්නවා.
විශේෂයෙන්ම, මේ පිළිබඳ ස්වේච්ඡාවෙන් වැඩකටයුතු කරන ඩයලොග් ආයතනයත්, MIT ආයතනයත් සහ අපේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ උපදේශක හාන්ස් විජේසූරිය මැතිතුමා, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමා අපි සියලු දෙනා එක්ව අපි සාකච්ඡා කළා.
මෙය දියත් කරන්නේ කොහොමද කියා. සමහර යෝජනා ආවා. දවස් දෙකක් ෂෙඩ් වහලා. මේක ක්‍රියාත්මක කරමු කියලා. මීට පෙර මෙය ක්‍රියාත්මක කිරීමේදී රට වැහිලා තිබුණේ. සති දෙකක කාලයක් තිබුණා.ඔවුන්ට QR කේතය ලබා ගන්න.
අනතුරුව තමයි, QR කේතයෙන් තෙල් ලබා දුන්නේ. එහෙත් අපට එහෙම කරන්න බෑ. මේ දුවන ආර්ථිකය පවත්වා ගෙන යා යුතුයි. ඒ නිසා යම් ගැටලු මතු වෙනවා කියන පූර්ව අවබෝධයකින් යුතුව තමයි අපි මේ QR කේතය ක්‍රියාත්මක කරන්න තීරණය කළේ.
ඒ නිසා තමයි අපි ඉරිදා දිනයක් තෝරා ගත්තේ. මේ වන විට මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් දැනට QR කේතය රෙජිස්ටර් වී තිබෙනවා. පවතින ගැටලු ඉතා ඉක්මනින් නිරාකරණය කර ගැනීමට හැකි වේවි. තෙල් ලබා දෙන ගමන් QR කේතය ක්‍රියාත්මක වෙන්නේ පළමු වතාවටයි.
ලංකාවේ විශේෂඥ ඥානය තිබෙන සමාගම් දෙක තමයි මේ සඳහා ස්වේඡාවෙන් උදව් කළේ. එහි විශේෂඥයින් තමයි මීට නායකත්ව මගෙපෙන්වීම ලබා දුන්නේ. තියෙන තෙල් ප්‍රමාණය යම් ප්‍රමාණයකට කළමනාකරණය කර ගැනීමට අවශ්‍යතාව තිබෙනවා.
මේ ප්‍රමාණයේ දිගටම ඉන්න අපි අපේක්ෂා කරන්නේ නැහැ. අපි දැනට සකස් කර තිබෙන සැපයුම් ටික ඉතා හොඳින් සාර්ථක වුවහොත් එය ඉතා ඉක්මනින් බලා ගන්න පුළුවන්. අපි ඒ පිළිබඳ නැවත අවධානය යොමු කරනවා.
එහෙත් මේ QR කේතය නිකුත් කිරීම හරහා අත්‍යවශ්‍ය ඇතැම් ක්ෂේත්‍රවලට යම් බාධාවක් ඇති විය හැකියි. ඒ ක්ෂේත්‍රවලට කිසිදු බාධාවක් නොවන ආකාරයෙන් මේ QR කේතය ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරනවා.
එයින් පළමුවැන්න සෞඛ්‍යය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉදිරිපත් කළ වාර්තාව අනුව දැනට අපි උපකල්පනය කර තිබෙන තෙල් ප්‍රමාණය අවසන් වන දිනයක් තිබෙනවා නම් ඒ දිනයේ සිට තවත් සති 06කට අපි ආරක්ෂිත තොග ගබඩා කිරීමට තිරණය කර තිබෙනවා.
සාමාන්‍යයෙන් තෙල් තියෙන්නේ මාසයකට නම් අපි සෞඛ්‍යය සඳහා මාස දෙකකට ආරක්ෂිතතෙල් තබා ගන්නවා. වරාය, ගුවන්තොටුපොළ වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහා ආරක්ෂිත තොග තබා ගන්නවා. අපේ පූර්ව සූදානම එයයි.”
IRIS Dena නෞකාවට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි නාවිකයින් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිය සතුරු පාර්ශ්වයන්ට මාරාන්තික ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන නාවික හමුදාපති ෂහ්රම් ඉරානි සඳහන් කරයි.
සතුරා බලාපොරොත්තු නොවන ස්ථානයක සිට එල්ල කරන මාරාන්තික ප්‍රහාර මගින් ඔවුන්ට දඬුවම් කරන බවද ඉරාන නාවික හමුදාපති ෂහ්රම් ඉරානි සඳහන් කරයි.
“අපි සතුරාගේ මෙම අපරාධය අමතක නොකරන අතර අපගේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ රුධිරය වෙනුවෙන් නිසැකවම පළිගන්නවා”
පසුගිය 2025 වර්ෂයේ සිව්වන කාර්තුව (ඔක්තෝබර් (01) සිට දෙසැම්බර් (31) දක්වා) සහ සමස්ත වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව 2024 වසරේ ස්ථාවර මිල (2015) යටතේ රුපියල් 12,508,954 මිලියන ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2025 වසරේදී රුපියල් 13,128,577 මිලියන දක්වා ඉහළ ගොස් ඇත.
එය 5.0%ක වර්ධනයක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ආර්ථිකයේ ප්‍රධාන සංරචක තුන වන කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා ක්ෂේත්‍රයන් 2025 වසරේදී පිළිවෙළින් 1.4%, 7.8% සහ 3.3% ලෙස වර්ධනය වී ඇති බව සඳහන් වේ.
2025 වසරේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය 4.8%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය වසර අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සෘජු වර්ධනයක් පෙන්නුම් කරන බවද සඳහන් කරයි.
මේ වනවිට ඉරානයට එරෙහිව සිදුකරනු ලබන හමුදා මෙහෙයුම් වලට සම්බන්ධව වීමට තමන්ට අවශ්‍ය නොවන බවට නේටෝ මිත්‍ර පාර්ශ්වයින් විසින් එක්සත් ජනපදයට දන්වා ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
මේ හේතුවෙන් තවදුරටත් නේටෝ රටවල සහාය අවශ්‍ය නැති බව සිය “Truthsocual” ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ අමෙරිකානු උත්සාහයට නේටෝ සංවිධානය විසින් සහාය දක්වන නමුත් යුද්ධයට සම්බන්ධ වීමට ඔවුන් මැලිකමක් දක්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
එනිසා මේ හේතුවෙන් ඉදිරියේදී නේටෝ සාමාජිකත්වය ගැන එක්සත් ජනපදය නැවත සිතා බැලිය යුතු බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට ආසියානු කලාපයේ වැඩිම ඉන්ධන මිල ඉහළ යාම කාම්බෝජයෙන් වාර්තා වන අතර එය 68%ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිංගප්පූරුවේ ඉන්ධන මිල 7%කින් ඉහළ දමා ඇත.
ශ්‍රී ලංකාවෙ ඉන්ධන මිල 8%කින් ඉහළ දමා ඇත.
එංගලන්තය ඉන්ධන මිල 12%කින් ඉහළ දමා ඇත.
ජර්මනිය ඉන්ධන මිල 10%කින් ඉහළ දමා ඇත.
ප්‍රංශය ඉන්ධන මිල 9%කින් ඉහළ දමා ඇත.
කැනඩාව ඉන්ධන මිල 28%කින් ඉහළ දමා ඇත.
අමෙරිකාව ඉන්ධන මිල 20%කින් ඉහළ දමා ඇත.
නයිජීරියාව ඉන්ධන මිල 35%කින් ඉහළ දමා ඇත.
ඔස්ට්‍රේලියාව ඉන්ධන මිල 25%කින් ඉහළ දමා ඇත.
නවසීලන්තය ඉන්ධන මිල 20%කින් ඉහළ දමා ඇත.
කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාමත් සමග මුළු ලෝකයේම උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යයි.
අමෙරිකා එක්සත් ජනපද ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝ කෙන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ යුද්ධය හේතුවෙන් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා අස්වූ පළමු ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන අතර ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්විය.
ඉරානයෙන් එක්සත් ජනපදයට තර්ජනයක් නොතිබූ තත්වයකදී එය නොතකා ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ පීඩනය යටතේ ඉරානයට එරෙහිව යුද්ධය දියත් කළ බව ඔහු සඳහන් කරයි.
එක්සත් ජනපද ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝ කෙන්ට් සඳහන් කළේ,
“ඉරානයට එරෙහිව සිදුවෙමින් පවතින යුද්ධයට මට යහපත් හෘද සාක්ෂියක් ඇතුව සහාය දිය නොහැක. ඉරානය අපේ ජාතියට කිසිදු තර්ජනයක් එල්ල නොකළ අතර අපි මෙම යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලයේ සහ එහි බලගතු ඇමරිකානු කණ්ඩායමක පීඩනය නිසා බව පැහැදිලියි.”
“මැදපෙරදිග යුද්ධය යනු අමෙරිකානු අපේ දේශප්‍රේමීන්ගේ වටිනා ජීවිත කොල්ලකන සහ අපගේ ජාතියේ ධනය හා සමෘද්ධිය ක්ෂය කරන උගුලක්. ට්‍රම්ප් පරිපාලනයේ මුල් අවධියේදී, ඉහළ පෙළේ ඊශ්‍රායල නිලධාරීන් සහ ඇමරිකානු මාධ්‍යවල බලගතු සාමාජිකයින් යුද්ධය පිළිබඳව මතයන් පතුරුවා ඉරානය සමඟ යුද්ධයක් දිරිගැන්වීම සඳහා යුද්ධයට පක්ෂ හැඟීම් වැපිරූවා. ඒ සඳහා වැරදි තොරතුරු ව්‍යාපාරයක් දියත් කළා.”
‘ඉරානය එක්සත් ජනපදයට ආසන්න තර්ජනයක් එල්ල කරන බව විශ්වාස කිරීමට අපව පෙළඹ වුවා. ඔවුන් පැවසුවේ, ඔබ දැන් ඉරානයට පහර දුන්නොත්, ඉක්මන් ජයග්‍රහණයකට පැහැදිලි මාවතක් තිබෙනවා, කියයි. මෙය බොරුවක්. අපගේ ජාතියට අපගේ හොඳම පිරිමින් සහ ගැහැනුන් දහස් ගණනකගේ ජීවිත අහිමි කළ විනාශකාරී ඉරාන යුද්ධයට අපව ඇද ගැනීමට ඊශ්‍රායල ජාතිකයන් භාවිතා කළ උපක්‍රමයම එයයි. අපට නැවතත් මෙම වැරැද්ද කළ නොහැක.”
අපරාධ මර්ධනය කිරීම අරමුණු කරගනිමින් බස්නාහිර පළාත තුළ තොරතුරු ලබාදීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක නව වට්ස්ඇප් (Whatsapp) දුරකථන අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වාදී ඇත.
ඒ අනුව “0777128128” යන දුරකථන අංකය ඔස්සේ අදාළ තොරතුරු ලබාදිය හැකි බව පොලීසිය සඳහන් කරයි.
විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත බස්නාහිර පළාත තුළ සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු අදාළ දුරකථන අංකය වෙත ලබාදිය හැකි බව පොලීසිය සඳහන් කරයි.
බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත මැදිරිය වෙත තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කරයි.