මැලේරියාව සහ ඩෙංගු රෝගය සඳහා ඉදිරි වසර කිහිපය තුළ එන්නත් නිපදවීමට සීරම් ආයතනය පර්යේෂණ ආරම්භ කර ඇති බව සීරම් ආයතනයේ ප්රධාන විධායක නිලධාරී අදාර් පූනවල්ලා සදහන් කරයි.
නව එන්නත් නිෂ්පාදනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට තවත් හේතුවක් වන්නේ ඉල්ලුම අඩුවීම නිසා කොවිඩ් එන්නත් නිෂ්පාදනය කපාහැරීමට සිදුවීම බවද ප්රධාන විධායක නිලධාරී අදාර් පූනවල්ලා සදහන් කරයි.
ඉදිරියේදී තවත් රෝගවලට නව එන්නත් නිෂ්පාදනය කිරීමෙන් ආයතනයේ එන්නත් නිෂ්පාදනය බිලියන 2 1/2කින් පමණ ඉහළ නැංවිය හැකි බවද ප්රධාන විධායක නිලධාරිවරයා සදහන් කරයි.
කොරෝනා වසංගතය සමයේ ඇස්ට්රාසෙනිකා එන්නත මෙන්ම නොවැක්ස් කොවිඩ් එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ සීරම් ආයතනය අද ලෝකයේ විශාලතම එන්නත් නිෂ්පාදකයා බවට පත්වී ඇත.