ජනපති රනිල් අද පාර්ලිමේන්තුව විවෘත කරයි.!

නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (07) දින උදෑසන 10.30ට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයකට අනුව ඉතා අඩු වියදමින්  මෙන්ම සරල, චාම් අයුරින් පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අතර ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පසු දින දක්වා කල් තැබෙනු ඇත.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් එම පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශය පුරාම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS