තායිලන්ත බඩුත් එක්ක හෝමාගම නර්තන ශිල්පියෙක් කටුනායකින් මාට්ටු.!

තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සමාජ ශාලා නර්තන ශිල්පියකු ලෙස රැකියාව කරනා පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමඟින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

පොලීසිය පවසන්නේ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි පහකට අධික බවයි, මෙසේ භාරයට ගෙන තිබෙන්නේ ” කුෂ් ” නැමති ගංජා විශේෂයක් බව සඳහන්.

කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 278 ක් බරැති මෙම ” කුෂ් ” ගංජා තොගය වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කරන ලද පාර්සල් 36 ක් තුළ අසුරා සිය ගමන් මල්ල තුළ සඟවා ගෙන මෙම ගංජා තොගය මෙරටට ගෙනැවිත් තිබේ .

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS