Foreign news

ට්‍රම්ප්ගෙන් 25%ක නව තීරු බද්දක්

ට්‍රම්ප්ගෙන් 25%ක නව තීරු බද්දක්

එළැඹෙන සතියේ සිට එක්සත් ජනපදයට යුරෝපයෙන් ආනයනය කරනු ලබන වාහන සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

සිය වෙළෙඳ ගිවිසුම් සඳහා සම්පූර්ණ වශයෙන් එකඟ නොවීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා අදාළ 25%ක තීරු බද්ද පැනවෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය Truth social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

කෙසේ වෙතත් අමෙරිකා එක්සත් ජනපදයේ කම්හල්වල ඔවුන් මෝටර් රථ සහ ට්‍රක් රථ නිෂ්පාදනය කරන්නේ නම් කිසිදු තීරු බද්දක් පැනවෙන්නේ නැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

අමෙරිකාවට වේදනාකාරී ප්‍රහාර එල්ල කරනවා.. ඉරානය අනතුරු අඟවයි

අමෙරිකාවට වේදනාකාරී ප්‍රහාර එල්ල කරනවා.. ඉරානය අනතුරු අඟවයි

අමෙරිකාව නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් “දීර්ඝ සහ වේදනාකාරී ප්‍රහාර” මගින් ප්‍රතිචාර දක්වන බවට ඉරානය අද (01) දින අනතුරු ඇඟවීමක් කර ඇත.

අමෙරිකාව විසින් සීමිත ප්‍රහාරයක් එල්ල කළද, කලාපය පුරා පිහිටි අමෙරිකානු ඉලක්ක සහ යුද නෞකා වෙත දැඩි ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ උසස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ ඉරාන තෙල් අපනයනයට අමෙරිකාව පනවා ඇති නාවික අවහිරතාව හේතුවෙන් දෙරට අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇත.

අමෙරිකාවේ අසාර්ථකත්වය හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පරිච්ඡේදයක්

අමෙරිකාවේ අසාර්ථකත්වය හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පරිච්ඡේදයක්

අමෙරිකාවේ ලැජ්ජා සහගත අසාර්ථකත්වය මධ්‍යයේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පරිච්ඡේදයක් මතුවී ඇති බව ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“අද කලාපයේ ලෝකයේ විශාලතම ව්‍යාපාරය සහ ආක්‍රමණශීලීත්වය සහ අමෙරිකාව තමන්ගේම සැලැස්මේ ලැජ්ජා සහගත අසාර්ථකත්වයෙන් මාස දෙකකට පසු, පර්සියානු ගල්ෆ් සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නව පරිච්ඡේදයක් මතුවෙමින් තිබේ.”

ජනපති ට්‍රම්ප් සහ තෙල් සමාගම් අතර විශේෂ හමුවක්

ජනපති ට්‍රම්ප් සහ තෙල් සමාගම් අතර විශේෂ හමුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ නිලධාරීන් පිරිසක්, අමෙරිකාවේ ඉන්ධන සහ ගෑස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම්වල නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

තවත් මාස ගණනක් ඉරානයේ වරායන් අවහිර කිරීමේ මෙහෙයුම පවත්වාගෙන යාමේ ශක්‍යතාව සහ ඉන් අමෙරිකානු පාරිභෝගිකයින්ට ඇතිවන බලපෑම අවම කරගැනීමට ගත හැකි පියවර ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදී ඔවුන් සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී සුසී වයිල්ස් සමඟින්, ඇමරිකාවේ විශාලතම බොරතෙල් සමාගමක් වන ෂෙව්රන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයික් වර්ත්, බොරතෙල් විකුණුම් සමාගම් වන ට්‍රැෆිගරා, විටෝල් සහ මකියුරියා යන සමාගම්වල නියෝජිතයින්ද ඊට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොරතෙල් බැරලයක මිල තවත් ඉහළ⁣ට

බොරතෙල් බැරලයක මිල තවත් ඉහළ⁣ට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල නැවතත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව බො⁣රතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය මාස කිහිපයක් දක්වා පැවතිය හැකි බවට කළ ඉඟියත් සමඟ මෙම මිල ඉහළ යාම සිදුව ඇත.

සාමය වෙනුවෙන් ඉරානයට සියලුම සහාය ලබාදෙනවා – ජනපති පුටින්

සාමය වෙනුවෙන් ඉරානයට සියලුම සහාය ලබාදෙනවා – ජනපති පුටින්

ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ සාමය සහතික කිරිමට අවශ්‍ය සියලු සහාය ලබාදෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ සංචාරයකට එක්වී සිටින ඉරාන විදේශ ඇමති අබ්බාස් අරශ්චි සාන්ත පීටර්ස්බර්ග් නුවරදී මුණ ගැසුණු රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

සිය නිජබිමේ ස්වෛරීභාවය වෙනුවෙන් ඉරාන ජනතාව ධෛර්යමත්ව සහ නිර්භීතව සටන් කරන බවත් මේ දුෂ්කර කාලපරිච්ඡේදයෙන් පසු ජනතාවට සාමය උදාවනු ඇතැයි විශ්වාස කරන බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

පසුගිය සතියේදී ඉරාන උත්තරීතර නායක මොප්ටබා කමේනිගෙන් පණිවුඩයක් ලැබුණු බව සඳහන් කර ඇති රුසියානු ජනාධිපතිවරයා, ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බව දැනුම් දෙන ලෙසත් විදේශ ඇමතිවරයාට දැනුම්දී ඇත.

ඉරානය සමඟ උපායමාර්ගික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යෑම රුසියාවේ බලාපොරොත්තුව බවද ජනාධිපති පුටින් ප්‍රකාශ කර ඇත.

උපායමාර්ගික සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම ඉරානයේ අපේක්ෂාව බව මෙහිදී අබ්බාස් අරශ්චි ප්‍රකාශ කර ඇති අතර අමෙරිකාවේ ඉල්ලීම මත නැවත සාකච්ඡා පැවැත්වීම සම්බන්ධව ඉරානයේ අවධානය යොමුවී ඇතැයි ද ප්‍රකාශ කර ඇත.

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටෙයි

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටෙයි

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර අසල සිදුවූ දුම්රිය අනතුරකින් 14දෙනෙකු මියගොස් තවත් 84දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාර්යාල දුම්රියක් සහ දුරගමන් සේවා දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මැදිරි තුළ සිරවී සිටින මගීන් මුදාගැනීම සඳහා සහන සේවා ක්‍රියාත්මක කර ඇත.

මෙම අනතුර හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් සීමා කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. 

තුන්වන චාල්ස් රජු අද අමෙරිකාවට

තුන්වන චාල්ස් රජු අද අමෙරිකාවට

අද (27) දින බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින නිල සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම අලුත් කිරීම සහ ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නර් සඳහන් කරයි.

ජපානයට ප්‍රබල භූකම්පනයක්

ජපානයට ප්‍රබල භූකම්පනයක්

උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

ප්‍රබල භූකම්පන ඇතිවූ ප්‍රදේශවල ගල් කඩා වැටීම් හා නායයෑම් අවදානම වැඩිවී ඇති බවද ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ නිලධාරීන් ඝාතනයට ආ වෙඩික්කරු

ට්‍රම්ප්ගේ නිලධාරීන් ඝාතනයට ආ වෙඩික්කරු

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර කඩා වැදුණු පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කළේය.

එම වෙඩි තැබීමත් සමඟ ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආරක්ෂිතව ඉවත් කරගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ අතර පසුව වෙඩික්කරු අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු 31 හැවිරිදි කැලිෆෝනියාහි පදිංචිකරුවෙකු වන අතර ඔහු විසින් වෙඩි ප්‍රහාර 5ත් 8ත් අතර සංඛ්‍යාවක් සිදුකර ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් වෙඩික්කරු විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් බවයි.