Foreign news

යේමනය පළමු වතාවට ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි

යේමනය පළමු වතාවට ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි

ප්‍රථම වතාවට යේමනයේ සිට ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කරයි.

පසුගිය දිනයන්හිදී ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය දිගින් දිගටම ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යේමනයේ හූති කැරලිකරුවන් මෙතෙක් මෙම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවී ඇත්තේ සෞදි අරාබිය සමඟ පවතින සටන් විරාමය හේතුවෙන් බව සඳහන් කරයි.

ඊශ්‍රායලයේ ප්‍රධාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය සහ බීර් ෂෙබා නගරය අවට තෙවරක්ම ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇත.

අමෙරිකානු ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

අමෙරිකානු ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

සෞදි අරාබියේ අල් කර්ජ්හි පිහිටි අමෙරිකානු කඳවුරක් වන ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ගුවන් ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව අමෙරිකානු හමුදා උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර ඇත.

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ පෙබරවාරි (28) සිට මේ දක්වා කාලය තුළ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු සෙබළුන් 300කට වැඩි පිරිසක් තුවාල ලබා, 13 දෙනෙකුට දිවි අහිමි වී ඇත.

අමෙරිකාවේ FBI ප්‍රබලයාට උන්හිටි තැන් අහිමි කළ ඉරාන හැකර්වරු

අමෙරිකාවේ FBI ප්‍රබලයාට උන්හිටි තැන් අහිමි කළ ඉරාන හැකර්වරු

අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් වෙත සාර්ථකව ප්‍රවේශය ලබාගත් බව ඉරානයට සම්බන්ධ හැකර්වරු කණ්ඩායමක් විසින් ප්‍රකාශ කර ඇත.

ඉරානයට සම්බන්ධ හැකර්වරු විසින් අධ්‍යක්ෂවරයාගේ ඡායාරූප සහ ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව යැයි සැලකෙන ලේඛන අන්තර්ජාලයට මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාර්ථකව හැක් කරන ලද ගොදුරු බවට පත්වූවන්ගේ ලැයිස්තුවට දැන් පටෙල්ගේ නම ඇතුළත් වන බව හැකර් කණ්ඩායම ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මෙම කණ්ඩායම ඉරාන සයිබර් බුද්ධි අංශයට සම්බන්ධ බවත් දකුණු ඉරානයේ මිනාබ් හි ළමා පාසලකට එල්ල කළ අමෙරිකා – ඊශ්‍රායල් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙය සිදුකළ බව බටහිර පර්යේෂකයින් සඳහන් කර ඇත.

ට්‍රම්ප් දිනෙන් දින පස්සට යද්දි අද බොරතෙල් මිලට මොකද වුණේ.?

ට්‍රම්ප් දිනෙන් දින පස්සට යද්දි අද බොරතෙල් මිලට මොකද වුණේ.?

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර එළඹෙන අප්‍රේල් මස (06) දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට ගත් තීරණයත් සමග බොරතෙල් මිලේ සුළු පහළ යෑමක් වාර්තා වේ.

ඒ අනුව අද (27) දින පෙරවරුව වනවිට ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.2%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 106.76ක් ලෙස සටහන් වී ඇති අතර අමෙරිකානු බොරතෙල් (WTI) මිල 1.1%කින් පහළ ගොස් ඩොලර් 93.41ක් ලෙස සටහන් වී ඇත.

අඩි දෙකක් පස්සට ගත් ට්‍රම්ප් යුද්ධයේ පරාජය බාරගනී.?

අඩි දෙකක් පස්සට ගත් ට්‍රම්ප් යුද්ධයේ පරාජය බාරගනී.?

ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර එළඹෙන අප්‍රේල් මස (06) දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

ඉරානයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගත් බවත් දෙපාර්ශ්වය අතර සාකච්ඡා “ඉතා හොඳින් සිදුවන” බවද සිය ‘truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර වලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනපති ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඉරානයට තර්ජනය කළේය.

කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් දෙවැනි වතාවටත් ඉරානයට පහරදීමට කල් ගන්නේ ලෝක වෙළදපොලට එල්ල වී තිබෙන බලපෑම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැදපෙරදිග යුද ගැටුම අවසන් කිරීමට තවත් සති 6ක් යයි

මැදපෙරදිග යුද ගැටුම අවසන් කිරීමට තවත් සති 6ක් යයි

මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමට සති 4ක් 6ත් අතර කාලයක් ගත වනු ඇති බවට ධවල මන්දිරය යළිත් ප්‍රකාශයක් ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරයට පෙර මෙම යුදමය තත්ත්වය අවසන් වනු ඇති බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සඳහන් කළාය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කල්දැමුණු චීන සංචාරය මැයි මස (14) සහ (15) යන දෙදින සිදුකිරීමට සැලසුම් කර ඇති බවද ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සඳහන් කළාය.

හෝමුස් හරහා යන නෞකා සියල්ල ගාස්තු ගෙවිය යුතුයි – ඉරානය

හෝමුස් හරහා යන නෞකා සියල්ල ගාස්තු ගෙවිය යුතුයි – ඉරානය

හෝමුස් සමුද්‍ර සන්ධිය තම නීත්‍යානුකූල අයිතියක් වන බවත් එය ඉදිරියටත් තම ස්වෛරීභාවය මතම ක්‍රියාත්මක කරන බව ඉරානය සඳහන් කරයි.

ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එය ඉතා ඉක්මනින් ව්‍යවස්ථාදායකයේ නීති අංශය විසින් අවසන් කරනු ඇති බව ඉරාන පාර්ලිමේන්තුවේ සිවිල් කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා සඳහන් කරයි.

“මෙම සැලසුමට අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉරානය ගාස්තු අය කළ යුතුයි.”

“වෙනත් ඕනෑම ප්‍රවාහන මාවතකදී මෙන්ම, භාණ්ඩ රටක් හරහා ගමන් කරන විට බදු ගෙවනු ලබනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය ද එවැනිම මාවතක්. අපි එහි ආරක්ෂාව සහතික කරන බැවින්, නෞකා සහ තෙල් ටැංකි ඒ සඳහා ගාස්තු ගෙවීම ස්වාභාවිකයි.”

අමෙරිකාවේ යෝජනාවට එකඟ නැතිනම් ඉරානයට දරුණු ප්‍රහාර

අමෙරිකාවේ යෝජනාවට එකඟ නැතිනම් ඉරානයට දරුණු ප්‍රහාර

ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාම කොන්දේසී කිහිපයක් ප්‍රකාශ කළේය.

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාමයට කැමැත්ත පලකරන අතර එම සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බව ධවල මන්දිරය අනතුරු අඟවයි.

මේ මොහොතේ ඉරානය යථාර්ථය පිළිගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට පෙර කිසිදා නොවුවිරූ ලෙස ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සඳහන් කළාය.

එක්සත් ජනපද සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධවල මන්දිරයේදී ඇය මේ බව සඳහන් කළාය.

මහා පරිමාණ යුද්ධයකට පැමිණ සිටිනවා

මහා පරිමාණ යුද්ධයකට පැමිණ සිටිනවා

මේ වනවිට මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කර ඇත.

ගැටුම්කාරී තත්ත්වය දැනටමත් පාලනයෙන් තොර වී ඇති බවත් ලෝකය මේ වනවිට මහා පරිමාණ යුද්ධයක මුලට පැමිණ සිටින බවද මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කරයි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ගෙන යන මෙම යුද්ධය අවසන් කිරීමට මෙය සුදුසුම කාලය බවද මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කරයි.

මෙම යුද ගැටුමට සම්බන්ධ නොවන අසල්වැසි රටවලට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඉරානයෙන් ඉල්ලා ඇත.

යුද්ධය අවසන් කරන්නේ අමෙරිකාව නෙමෙයි ඉරානය.. කොන්දේසි 5ක්

යුද්ධය අවසන් කරන්නේ අමෙරිකාව නෙමෙයි ඉරානය.. කොන්දේසි 5ක්

යුද්ධය අවසන් වන වේලාව නියම කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉඩ නොදෙන බව ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන – ආරක්ෂක නිලධාරියෙක් සඳහන් කරයි.

එනිසා යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි ප්‍රතික්ෂේප කරන බවද එම නිලධාරියා සඳහන් කරයි.

යුද්ධය අවසන් වන්නේ ඉරානයේම නියමයන් සහ කාලරාමුව මත පමණක් බව එම නිලධාරියා එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.

මෙහිදී ඉරාන විසින් යුද්ධය අවසන් කිරීමට කොන්දේසි 5ක් පනවා ඇත.

*සතුරාගේ ‘ආක්‍රමණ සහ ඝාතන’ සම්පූර්ණයෙන්ම නැවැත්වීම.

*ඉරානයට එරෙහිව යළි යුද්ධයකට නොඑන බවට සහතිකය.

*යුද හානි සහ වන්දි ගෙවීම් සම්බන්ධනේ පැහැදිලි අර්ථ දක්වන ලද සහතිකය.

*කලාපය පුරා යුද්ධයට සම්බන්ධ වී සිටින සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් සහ ඊට සහාය දක්වන්නන් යුද්ධය අවසන් කිරීම.

*ඉරානයේ ස්වාභාවික සහ නීත්‍යානුකූල අයිතියක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය, ඉදිරියටත් ඉරානයේම ස්වෛරීභාවය මතම ක්‍රියාත්මක කිරීම.