Local news

විශේෂඥ වෛද්‍යවරු වර්ජනයෙන් ඉවත් වෙයි

විශේෂඥ වෛද්‍යවරු වර්ජනයෙන් ඉවත් වෙයි

අද (04) දින උදෑසන සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සහාය පළ නොකරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඔවුන් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදු කරන අතර රෝහල්වල විශේෂ වෛද්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යන බවද එහි ලේකම් විශේෂඥ වෛද්‍ය R ඥානසේකරම් සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තුළ වෛද්‍යවරුන් 2,300ක් පමණ සිටින අතර සියලු දෙනාම සාමාන්‍ය පරිදි රාජකාරීවල නිරත වන බවද ඔහු සඳහන් කරයි.

ප්‍රතිපත්තියක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් වැඩවර්ජන සඳහා සහභාගී නොවන බවත් පශ්චාත් පුහුණු විශේෂඥ වෛද්‍යවරුන් වර්ජනය සඳහා සහාය නොදක්වන බවද ඔහු සඳහන් කරයි.

අමෙරිකානු තවත් යානයක් ඉරානය බිම හෙළයි

අමෙරිකානු තවත් යානයක් ඉරානය බිම හෙළයි

අමෙරිකානු A-10 වර්ගයේ යානයකට ඉරාන ආරක්ෂක අංශ විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර යානය බිම හෙලා ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේදී මෙම යානය ප්‍රහාරයට ලක්ව ඇති බවත් එම යානයේ ගුවන් නියමුවා ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරානය විසින් බිමහෙළු F-15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන්ගත් යානයකි.

කුවේට් තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

කුවේට් තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

කුවේට් ජාතික තෙල් සමාගමට (KPC) අයත් මිනා අල් අහමදි (Mina al-Ahmadi) පිරිපහදුව ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් පසු ඇති වූ විශාල ගින්න මැඩපැවැත්වීම සහ තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි සහන සේවා කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරා ඇත.

මෙම ප්‍රහාරයත් සමඟ කුවේට් ගුවන් ආරක්ෂක අංශ විසින් එරට දෙසට පැමිණි මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් අතරමගදී විනාශ කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රහාරය හේතුවෙන් තෙල් පිරිපහදුවේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති නමුත් මෙතෙක් ජීවිත හානි පිළිබඳව වාර්තා වී නොමැත.

ලොව පුරා සාමය පැතිරවූ “සාම පාගමන” මෙරටදී ඇරඹෙයි

ලොව පුරා සාමය පැතිරවූ “සාම පාගමන” මෙරටදී ඇරඹෙයි

සාමය යන වචනය ලොව පුරා පැතිරවූ “සාම පාගමන” අප්‍රේල් (21) මෙරටදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

“සාම පාගමන” වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ 12 නමක් මේ මස (21) වනදා මෙරටට වැඩම කිරීමට නියමිතය.

ලබන අප්‍රේල් මස (21) වනදා ආරම්භ විමට නියමිත “සාම පාගමනට” රාජ්‍ය අනුග්‍රහය ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

Clean Sri Lanka ලේකම් කාර්යාලයේද දායකත්වය යටතේ පැවැත්වීමට නියමිත මෙම “සාම පාගමනට” එක් වන භික්ෂූන්වහන්සේගේ දානය සහ ගිලන්පස සූදානම් කිරීම, සනීපාරක්ෂක කටයුතු මෙන්ම ආරක්ෂාව සැපයීම ඇතුළු සංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ගගනගාමීන් හඳට යන ගමන් පෘථිවියේ පළමු ඡායාරූපය එවයි

ගගනගාමීන් හඳට යන ගමන් පෘථිවියේ පළමු ඡායාරූපය එවයි

Artemis II ඔරියන් කැප්සියුලයේ සිටින ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය නිල වශයෙන් මුදාහැර ඇත.

නාසා ආයතනය විසින් සිය “X” ගිණුම ඔස්සේ “ඒ අපි” යන ශීර්ෂ පාඨය සමඟ එම ඡායාරූපය පළ කර ඇත.

යානයේ ගමන් කරන ගගනගාමීන් සිය පළමු දින අවසානයේ අත්දැකීම් හුවමාරු කරගැනීමට වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධ විය.

ඒ අනුව ගගනගාමීන් සිව්දෙනාම නිරෝගීව සිටින අතර යානය ද හොඳින් ක්‍රියා කරන බව නාසා ආයතනය සඳහන් කරයි.

දිල්කා සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි

දිල්කා සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි

මාධ්‍යවේදිනී දිල්කා සමන්මලී ඉලක්ක කරගනිමින් Talk with Sudantha යූටියුබ් නාලිකාව හරහා සුදත්ත තිලකසිරි යන අය විසින් සිදුකළ අපහාසාත්මක සහ නින්දිත ප්‍රකාශයන්ට එරෙහිව රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යොමු කිරීමට ඇයගේ නීතිඥවරයා කටයුතු කර ඇත.

සම්මානනීය මාධ්‍යවේදිනියක් වන ඇයගේ පෞද්ගලික ජීවිතයට සහ කීර්තිනාමයට හානි වන පරිදි අදාළ පුද්ගලයා ඉතා පහත් වචන භාවිතා කරමින් ප්‍රකාශ නිකුත් කර ඇති බව ඇයගේ නීතිඥවරයා සඳහන් කරයි.

අදාළ සිද්ධිය සම්බන්ධව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එය මාර්ගගත ක්‍රමවේදයන් පිළිබඳ සුරක්ෂිත පනත යටතේ විමර්ශනය වෙමින් පවතින බවද ඇයගේ නීතිඥවරයා සඳහන් කරයි.

සිවිල් නීතිය යටතේ ගොනුකළ එන්තරවාසිය මගින් නියමිත කාලය තුළ අදාළ වන්දි මුදල ගෙවීමට ඔහු අපොහොසත් වන්නේ නම් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා දිසා අධිකරණයේ නඩු පැවරීමට බලාපොරොත්තු වන බවද නීතිඥවරයා සඳහන් කරයි.

සෙව්වන්දිගේ කේක් කැපිල්ල ගැන විමර්ශනයක්

සෙව්වන්දිගේ කේක් කැපිල්ල ගැන විමර්ශනයක්

කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත සිටින ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනය සැමරීම සඳහා කේක් කැපීමට සූදානම් වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය තුළ උපන්දින සැමරුම සංවිධානය කර ඇති බවට ලද තොරතුරකට අනුව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම එහි ගොස් එය වළක්වා ඇති බවත් ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

මෙම සිදුවීමට අදාළව මූලික පියවරක් ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරුකර යවා ඇත.

ඉරාන අහසේ පියාසර කළ අමෙරිකානු සුපිරි යානය බිම හෙළයි

ඉරාන අහසේ පියාසර කළ අමෙරිකානු සුපිරි යානය බිම හෙළයි

ඉරානයට ඉහළින් අහසේ පියාසර කළ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් ඉරාන හමුදාව විසින් වෙඩිතබා බිම හෙළා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පෙන්ටගනය සහ එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රතිචාර දක්වා නොමැත.

කාලගුණය කැළඹෙයි.. ඉදිරි දිනවල තද වැසි 

කාලගුණය කැළඹෙයි.. ඉදිරි දිනවල තද වැසි 

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මියන්මාරයේ නව ජනාධිපති ජෙනරාල් මින් අන්ග්

මියන්මාරයේ නව ජනාධිපති ජෙනරාල් මින් අන්ග්

මියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස ජෙනරාල් මින් අන්ග් හලින්ග් තෝරාපත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියන්මාර පාර්ලිමේන්තුවේ හමුදා හිතවාදී මන්ත්‍රී ආසන 584න් 429ක පක්ෂපාතීත්වය ජෙනරාල් මින් අවුන් හ්ලියැං හට ලැබී ඇත.

පාර්ලිමේන්තු ආසන වලින් හතරෙන් එකක ප්‍රමාණයක් මැතිවරණයකින් තොරවම සක්‍රීය හමුදා සාමාජිකයින් සඳහා වෙන් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.