පාසල් ළමුන් සිටියදී වහලය කඩා වැටෙයි.. 11ක් මියයයි.!

චීනයේ පාසල් ක්‍රීඩාගාරයක බාලිකා වොලිබෝල් කණ්ඩායමක් ක්‍රීඩා කරමින් සිටියදී එම ගොඩනැගිල්ලේ වහලය කඩා වැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් 08 දෙනෙකු දිවි ගලවාගෙන ඇත.

පැවති අධික වාර්ෂාවත් සමග මෙම අනතුර සිදුව ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ ක්‍රීඩාගාරයේ 19 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කුඩා ළමුන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කඩා වැටීමට හේතුව පර්ලයිට් වීදුරු වර්ගයක් වැසි ජලය පොඟවා ගැනීම සඳහා වහලය මත නීති විරෝධී ලෙස ගොඩගසා තිබූ බවත් අනතුර සම්බන්ධයෙන් අදාළ ගොඩනැගිල්ල භාරව සිටි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close