මහින්ද ටිකක් සැර වෙයි.. පොහොට්ටුවන්ගේ කට වහයි.!

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තවමත් තීරණය කර නොමැති බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

එනිසා ජනාධිපතිවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් පෞද්ගලික මත ඉදිරිපත් නොකරන ලෙසත් පෞද්ගලික මත ඉදිරිපත් කිරීමෙන් පක්ෂ යාන්ත්‍රණයට හානි විය හැකි බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

තවදුරටත් දේශපාලන නායකයන් පෞද්ගලික මත සමඟ නොයා පොදු දේශපාලන මතය සමඟ ජනතාව ඒකරාශී කරගත යුතු බවත් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිටපු ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

Loading

 
 
 
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS