Foreign news

අමෙරිකාවේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් උඩුගුවනේදී ගැටෙයි

අමෙරිකාවේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් උඩුගුවනේදී ගැටෙයි

අමෙරිකාවේ ගුවන් යානා සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලක්ව ඇත්තේ එරට නාවික හමුදාවට අයත් ජෙට් යානා දෙකක් වන අතර එහි නියමුවන් පැරෂුට් ආධාරයෙන් ආරක්ෂිතව ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.

ට්‍රම්ප් නැවතත් ඉරානයට අනතුරු අඟවයි

ට්‍රම්ප් නැවතත් ඉරානයට අනතුරු අඟවයි

ඉරානයේ කාලය ගෙවී යමින් පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

ඉරානය ඉක්මන් කළ යුතු බවත් එසේ නොමැති වන්නේ නම් ඔවුන්ගේ කිසිවක් ඉතිරි නොවනු ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය තෘත් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා පාකිස්තානයේ මැදිහත්වීමෙන් පැවැත්වුණු නමුත් එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය.

කෙසේ වෙතත් ඉරානය විසින් ගිවිසුම් සඳහා එකඟ නොවන්නේ නම් ඔවුන්ගේ සමස්ත ශිෂ්ටාචාරයම මියයනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනක සඳහන් කළේය.

බොරතෙල් මිල තවත් ඉහළ⁣ට

බොරතෙල් මිල තවත් ඉහළ⁣ට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 1.32% කින් ඉහළ ගොස් ඩොලර් 110.70 ලෙස සටහන් වී ඇත.

WTI බොරතෙල් බැරලයක් 1.75% කින් ඉහළ ගොස් ඩොලර් 107.26ක් ලෙස සටහන්ව ඇත.

දරුණුතම සහ මාරාන්තික කිමිදුම් අනතුරෙන් 6ක් ජීවිතක්ෂයට

දරුණුතම සහ මාරාන්තික කිමිදුම් අනතුරෙන් 6ක් ජීවිතක්ෂයට

ලෝකයේ සංචාරක පාරාදීසයක් වන මාලදිවයින දැඩි කම්පනයකට පත් කරමින්, එරට ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම සහ මාරාන්තිකම කිමිදුම් අනතුරෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මාලේ අගනුවරින් කිලෝමීටර් 100ක් දකුණින් දිය යට පිහිටි අතිශය අවදානම් ගුහා පද්ධතියක් ගවේෂණය කිරීමට ගොස් අතුරුදන් වූ ඉතාලි ජාතිකයන් 05 දෙනාව සෙවීමේ මෙහෙයුමක නිරතව සිටි මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ (MNDF) විශේෂ කිමිදුම්කරුවෙකු ද ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස සිරුරු සෙවීමේ මෙහෙයුම අතරතුර ඇතිවූ ශාරීරික සංකූලතාවලින් මියගොස් ඇත්තේ මාලදිවයින් වෙරළාරක්ෂක බලකායට අනුයුක්තව සේවය කළ, වයස අවුරුදු 34ක් වූ ස්ටාෆ් සර්ජන්ට් (Staff Sergeant) මොහොමඩ් මහ්දී (Mohamed Mahdhee) නමැති හමුදා නිලධාරියෙකි.

පසුගිය (14) වැනිදා ඉතාලි ජාතිකයන් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ‘MV Duke of York’ නමැති සුඛෝපභෝගී සංචාරක යාත්‍රාවේ සිට වාවු අතොළුවේ (Vaavu Atoll) ‘අලිමතා’ (Alimathaa) දූපත ආශ්‍රිතව මීටර් 50ක් පමණ ගැඹුරු දිය යට ගුහාවක් ගවේෂණය කිරීමට මුහුදට බැස ඇත.

එහෙත් එදින පස්වරුවේ ඔවුන් යළි මතුපිටට නොපැමිණීම හේතුවෙන් අතුරුදන් වී ඇති බවට නිල වශයෙන් වාර්තා විය.

අනතුරුව (15) වැනිදා මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය සහ පොලිසිය එක්ව දැඩි කැළඹිලි සහිත කාලගුණය මධ්‍යයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කළේය.

එදින සවස 6.13ට පමණ ගුහාවේ මුඛය අසල තිබී පළමු ඉතාලි ජාතිකයාගේ සිරුර සොයාගත් අතර මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු (Mohamed Muizzu) ද එදිනම මෙහෙයුම් සිදුවන ස්ථානයට ගොස් ආරක්ෂක අංශ මුහුණ දෙන තත්ත්වය නිරීක්ෂණය කළේය.

මෙම අනතුරින් මියගිය ඉතාලි ජාතිකයන් පස්දෙනා එරට ජෙනෝවා විශ්වවිද්‍යාලයට (University of Genoa) සෘජුව සම්බන්ධ පිරිසක් බව ඉතාලි විදේශ අමාත්‍යාංශය තහවුරු කරයි.

*ආචාර්ය මොනිකා මොන්ටෙෆැල්කෝන් – ජෙනෝවා විශ්වවිද්‍යාලයේ සාගර පාරිසරික විද්‍යාව පිළිබඳ ප්‍රකට මහාචාර්යවරියකි

*ජෝර්ජියා සොමකාල් – මහාචාර්ය මොනිකාගේ දියණිය

*මුරියෙල් ඔඩෙනිනෝ – විශ්වවිද්‍යාලයේ පර්යේෂණ නිලධාරිනියකි

*ෆෙඩරිකෝ ගුවල්ටියෙරි – මෑතකදී උපාධිය ලැබූ සාගර ජීව විද්‍යාඥයෙක්

*ජියෑන්ලු බෙනෙඩෙට්ටි – සංචාරක යාත්‍රාවේ මෙහෙයුම් කළමනාකරු සහ ප්‍රධාන කිමිදුම් උපදේශක

මොවුන් නිල වශයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණයකට මාලදිවයිනට පැමිණ සිටියද, අනතුරට පත්වූ අවස්ථාවේ සිදුකර ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික විනෝදාස්වාදය සඳහා කළ කිමිදීමක් (Private Excursion) බව ජෙනෝවා විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මාලදිවයින් සංචාරක නීතියට අනුව විනෝදාස්වාද කිමිදුම්කරුවන්ට (Recreational Divers) යා හැකි උපරිම නීතිමය සීමාව මීටර් 30කි.

මීටර් 40 සීමාවෙන් ඔබ්බට යාම ‘තාක්ෂණික කිමිදීම්’ (Technical Diving) ගණයට වැටෙන අතර ඒ සඳහා විශේෂිත වායු මිශ්‍රණ (Trimix) සහ විශේෂ පුහුණුවක් අවශ්‍ය වේ.

මෙම කණ්ඩායම නීතිමය සීමාව උල්ලංඝනය කරමින් මීටර් 50-60 සීමාවට ගියේ ඇයිදැයි යන්න පිළිබඳව මාලදිවයින් පොලිසිය සහ නාවික බලකාය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ISIS සංවිධානයේ දෙවන අණදෙන නිලධාරියා ඝාතනය කළා

ISIS සංවිධානයේ දෙවන අණදෙන නිලධාරියා ඝාතනය කළා

අමෙරිකානු සහ නයිජීරියානු හමුදා විසින් ISIS සංවිධානයේ දෙවන අණදෙන නිලධාරියා ඝාතනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අබු-බිලාල් අල්-මිනුකි අප්‍රිකාවේ සැඟවී සිටින බවට ලැබුණු රහසිගත තොරතුරු අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය පරිදි මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

එනිසා අබු-බිලාල් අල්-මිනුකි තවදුරටත් අප්‍රිකානු වැසියන්ට හෝ අම‍ෙරිකානුවන්ට තර්ජනයක් නොවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානයට එරෙහිව තම ඉවසීමේ සීමාව ඉක්මවා යනවා

ඉරානයට එරෙහිව තම ඉවසීමේ සීමාව ඉක්මවා යනවා

පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඉරානය වහාම එකඟතාවකට පැමිණිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් තම ඉවසීමේ සීමාව ඉක්මවා යමින් පවතින බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

චීන නිල සංචාරය නිමා කරමින්, නික්ම යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීම සහ කලාපීය ස්ථාවරත්වය සම්බන්ධව චීනයේ සහයෝගය අපේක්ෂා කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

බොරතෙල් මිල තවත් ඉහළ⁣ට

බොරතෙල් මිල තවත් ඉහළ⁣ට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 102.60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.41%ක වැඩිවීමක් ලෙස සටහන් වී ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 107.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.21%ක වර්ධනයක් ලෙස සටහන් වී ඇත.

තවද මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.70ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීන – අමෙරිකා ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි

චීන – අමෙරිකා ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි

චීන ජනාධිපති ෂී ජින්පින් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා චීනයේ ‘ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල්’ (Great Hall of the People) මන්දිරයේදී ආරම්භ වී ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ අසුන්ගෙන සිටින බව වාර්තා වන අතර ඔහු සමඟ අමෙරිකානු රජයේ ප්‍රබල නිලධාරීන් පිරිසක් එක්ව සිටියි.

මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා මාර්කෝ රූබියෝ – රාජ්‍ය ලේකම් (Secretary of State), පීට් හෙග්සෙත් – ආරක්ෂක ලේකම් (Defense Secretary), ජේමියසන් ග්‍රීර් – අමෙරිකානු වෙළඳ නියෝජිත (US Trade Representative), ස්කොට් බෙසන්ට් – මහා භාණ්ඩාගාර ලේකම් (Secretary of Treasury) එක්ව සිටියි.

මගීන් 1,230ක් රැගත් සුපිරි නෞකාව මුහුදේ සිරවෙයි

මගීන් 1,230ක් රැගත් සුපිරි නෞකාව මුහුදේ සිරවෙයි

එක්සත් රාජධානියට අයත් ‘ඇම්බිෂන්’ නම් නෞකාවක් මේ වනවිට නිරිතදිග ප්‍රංශ මුහුදු සීමාවේ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කෲස් නෞකාවේ මගීන් 49 දෙනෙකු ආමාශය ආශ්‍රිත රෝගයකට ගොදුරුවීම හේතුවෙන් එහි සිටින මගීන් සහ කාර්යය මණ්ඩලය මේ වනවිට නිරිතදිග ප්‍රංශ මුහුදු සීමාවේ සිරවී සිටියි.

එම නෞකාවේ මගීන් 1,233ක් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 514ක් සිටින බව වාර්තා වන අතර එහි සිටින මගීන්ගෙන් බහුතරය බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත ජාතිකයන් බවත් එක් ප්‍රංශ ජාතිකයෙකු සිටින බවද වාර්තා වේ.

මේ වනවිට එම නෞකාවේ සිටින මගීන් තිදෙනෙකු හුදෙකලා කර ඇති අතර සෙසු මගීන්ට නෞකාවෙන් ඉවත්වීමට නොහැකි වන ලෙස ප්‍රංශ බලධාරීන් තහනමක් පනවා ඇත.

ජනපති ට්‍රම්ප් චීනයට

ජනපති ට්‍රම්ප් චීනයට

විශේෂ ද්විපාර්ශ්වික සමුළුවකට සහභාගී වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) චීනයේ බීජිං නුවරට ළඟා වී ඇත.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව චීනයට ගිය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන (15) වෙනිද‍ා දක්වා චීන නිල සංචාරයේ නිරත වීමට නියමිතව ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන මෙම හමුව ඉතා තීරණාත්මක එකක් වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?