Foreign news

හෝමූස් විවෘත කරන්න බෑ – ඉරානය

හෝමූස් විවෘත කරන්න බෑ – ඉරානය

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සටන් විරාමය උල්ලංඝනය කිරීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය සඳහන් කරයි.

ඉරාන වරායන් අමෙරිකාව විසින් අවහිර කිරීම ගෝලීය ආර්ථිකය ප්‍රාණ ඇපයට ගැනීමක් බව ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සඳහන් කර ඇත.

ඉරානය සාම සාකච්ඡා සඳහා විවෘතව පවතින බවත් ඒ සඳහා කැපවීම් කඩකිරීම, අවහිර කිරීම් සහ තර්ජනය කිරීම් සැබෑ සාකච්ඡාවක් සඳහා ප්‍රධාන බාධක වනු ඇති බව ඉරාන ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඉරාන – අමෙරිකා සාකච්ඡා නැවත අරඹයි.?

ඉරාන – අමෙරිකා සාකච්ඡා නැවත අරඹයි.?

ඉරාන – අමෙරිකා නව වටයක සාම සාකච්ඡා ඉදිරි පැය 36 සිට 72 දක්වා කාලය ඇතුළත ආරම්භ වීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් සඳහා අවස්ථාව ලබා දෙමින් ඉරානය සමග පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

කෙසේ වෙතත් අමෙරිකාව ප්‍රකාශ කළ මෙම සටන් විරාමය තමන් පිළිනොගන්නා බවත් තමන් ක්‍රියා කරන්නේ ජාතික අවශ්‍යතා මත පදනම්ව බවද ඉරාන රජය සඳහන් කර ඇත.

සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

ඉරානය සමඟ ඇති සටන් විරාමය තවදුරටත් දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

කලින් ප්‍රකාශයට පත් කර තිබූ සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රකාශය නිකුත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.

සටහන් විරාමය අවසන් වූ පසු ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබුණද, පසුව සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තානය කළ ඉල්ලීමකට තමන් එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ඉරාන නායකයින් සහ නියෝජිතයින් එක්සත් යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර නතර කිරීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

මාසයකට අධික කාලයක් පුරා පැවති මෙම යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි අරමුණ බව වාර්තා වේ.

සටන් විරාම අස්සේ ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර

සටන් විරාම අස්සේ ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර

හිස්බුල්ලා සංවිධානය විසින් දකුණු ලෙබනනයේ රැඳී සිටින තම සොල්දාදුවන් ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව සඳහන් කරයි.

එම ප්‍රහාර එල්ල වූ ස්ථානය හඳුනාගෙන ඒවාට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවද ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඉරානයට යළි බෝම්බ හෙලනවා

ඉරානයට යළි බෝම්බ හෙලනවා

සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමාට නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

කඩිනමින් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ඉරානයට යළි බෝම්බ හෙලීම ආරම්භ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තමා ඉදිරියේදී බෝම්බ ප්‍රහාර අපේක්ෂා කරන බවත් අමෙරිකානු හමුදාව ඒ සඳහා දැඩි සූදානමකින් සහ උනන්දුවකින් පසුවන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඇපල් සමාගමේ ලොකු පුටු සෙලවෙයි

ඇපල් සමාගමේ ලොකු පුටු සෙලවෙයි

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් එම තනතුරෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

ඒ අනුව සැප්තැම්බර් (01) වැනිදා සිට ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජෝන් ටර්නස් වැඩ භාර ගනු ඇති බව එම සමාගම සඳහන් කරයි.

මේ අතර CEO ධූරයෙන් ඉවත්වන ටිම් කුක් ඇපල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාපති ධුරයට පත්වන බවද එම සමාගම සඳහන් කරයි.

අමෙරිකාව සමග සාකච්ඡා නෑ.. ඉරානය අනතුරු අඟවයි

අමෙරිකාව සමග සාකච්ඡා නෑ.. ඉරානය අනතුරු අඟවයි

පීඩන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නොමැති බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් සඳහන් කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජන කිරීම සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් හරහා සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවයට හානි කරන බවද කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් සඳහන් කරයි.

පවතින නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වුවහොත් යුද පිටියේදී නව උපාය මාර්ග එළිදැක්වීමට ඉරානය සූදානම් වී සිටින බවද කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් සඳහන් කරයි.

සිය “x” ගිණුමෙහි සටහනක් තබමින් කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් මේ බව සදහන් කරයි.

කෙසේ වෙතත් එම චෝදනාවත් සමඟ ඉරානය සහ අමෙරිකාව අතර නොසන්සුන්තාව දැඩි ලෙස උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එල්ල වන චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

එල්ල වන චෝදනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගැනීමට ඊශ්‍රායලය තමා පොළඹවා ගත් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණ වලට බලපෑම් කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සහ දක්ෂිණාංශික දේශපාලන විචාරකයින්ගේ විවේචන හමුවේ ට්‍රම්ප් මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.

“මම මෙම ව්‍යාජ පුවත් සහ මත විමසුම් දෙස බලන්නේ දැඩි පිළිකුලකින්. ඔවුන් පවසන දේවලින් 90%ක්ම බොරු සහ ගොතන ලද කතා. 2020 ජනාධිපතිවරණය මෙන්ම මෙම මත විමසුම් ද දූෂිතයි.”

සිය Truth Social ගිණුම ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ජපානයට බරපතල අනතුරු ඇඟවීමක්

ජපානයට බරපතල අනතුරු ඇඟවීමක්

රික්ටර් මාපකයේ 8ක් හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුත් දැවැන්ත භූකම්පනයක් ඇතිවීමේ අවදානමක් ගැන ජපාන රජය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ජපානයේ උතුරු ප්‍රදේශයට අද (20) බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබලවයෙන් යුත් භූකම්පනයෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අඟවයි

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අඟවයි

ජපානයේ ඊසානදිග වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.4ක භූමිකම්පාවක් ඇති වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.

ඒ අනුව ඉවාට්, අමෝරි සහ හොක්කයිඩෝ ප්‍රාන්තවල මීටර් 3 (අඩි 9.84) ක් තරම් උස සුනාමියක් ඇති විය හැකි බවට මේ වනවිට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

භූමිකම්පාවේ කේන්ද්‍රය පැසිෆික් සාගරයේ සිදු වූ අතර එය කිලෝමීටර 10ක් ගැඹුරු බව වාර්තා වේ.