Foreign news

UAE ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක්

UAE ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක්

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගුවන් හමුදා කඳවුරකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අබුඩාබි නගරයට ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය සිය ප්‍රහාර තවදුරටත් තිව්‍ර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු ඉරානයට ඊශ්‍රාලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් ටෙල් අවිව් ගුවන් තොටුපොළේ තිබූ ගුවන් යානා 03කට හානී සිදුව ඇති බව වාර්තා වේ.

කටාර් ගෑස් නිධියකට මිසයිල ප්‍රහාරයක්.. පැය 24ක් ඇතුළත වහාම රටින් පිටවෙන්න

කටාර් ගෑස් නිධියකට මිසයිල ප්‍රහාරයක්.. පැය 24ක් ඇතුළත වහාම රටින් පිටවෙන්න

ඉරානය විසින් කටාර් රාජ්‍යයේ පිහිටි රාස් ලෆාන් කාර්මික නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් එරට ස්වභාවික ගෑස් නිෂ්පාදන ස්ථානයකට හානී සිදුව ඇති බව වාර්තා වේ.

ඉරානය විසින් කටාර් රාජ්‍යයට මිසයිල 5ක් එල්ල කර ඇති අතර ඉන් 4ක් ව්‍යර්ත කිරීමට කටාර් රාජ්‍යය සමත් වුවද එක් මිසයිලයක් රාස් ලෆාන් නගරයට පතිත වී ගිනි ගැනීමට ලක් වු බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

කටාර් රාජ්‍යය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක ඇති අතර තම ස්වෛරීභාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බව කටාර් රාජ්‍යය සඳහන් කරයි.

ඒ අනුව කටාර් විදේශ අමාත්‍යාංශය විසින් පැය 24ක් ඇතුළත කටාර්හි සිටින ඉරාන හමුදා, ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ කාර්යය මණ්ඩලයට වහාම රටින් පිටවන ලෙසට දැනුම් දී ඇත. 

සෑම ලේ බිංදුවකටම වන්දි ගෙවන්න සූදානම් වෙන්න.. බරපතළ අනතුරු ඇඟවීමක්

සෑම ලේ බිංදුවකටම වන්දි ගෙවන්න සූදානම් වෙන්න.. බරපතළ අනතුරු ඇඟවීමක්

ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලැරිජානි ඝාතනය කර පැය 24ක් ගතවීමට මත්තෙන්, ඉරාන නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් අනතුරු අඟවා ඇත.

ඉරාන ආරක්ෂක ප්‍රධානීගේ අභාවය පිළිබඳ පුවත තමන් දැඩි කනගාටුවෙන් යුතුව පිළිගත් බවත් ඔහු දේශපාලන තන්ත්‍රය තුළ සිටි බුද්ධිමත්, කැපවූ සහ විශිෂ්ඨ චරිතයක් බවද නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සඳහන් කරයි.

ප්‍රමුඛ පෙළේ පුද්ගලයෙකු ඝාතනය කිරීමෙන් පෙනී යන්නේ ඉස්ලාමයේ සතුරන් ඔහු කෙරෙහි දක්වන දැඩි වෛරය සහ ඔහුගේ වැදගත්කම බවත් ඉස්ලාමීය පද්ධතිය නමැති වෘක්ෂයේ පාමුල මෙලෙස ලේ වැගිරීමෙන් එම පද්ධතිය තවදුරටත් ශක්තිමත් වන බවද උත්තරීතර නායකයා සඳහන් කරයි.

ඉරාන නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි තවදුරටත් සඳහන් කළේ,

“සෑම ලේ බිඳුවකටම මිලක් පවතින බවත්, මෙම ප්‍රාණ පරිත්‍යාගීන් ඝාතනය කළ අපරාධකරුවන්ට නුදුරේදීම ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇති.”

මේ අතර ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මයිල් ඛතීබ් ‘Esmail Khatib’ ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ජනාධිපතිවරයා නිල වශයෙන් තහවුරු කර ඇත.

ලොව විශාලතම ගෑස් නිධියේ කොටසකට ප්‍රහාරයක්

ලොව විශාලතම ගෑස් නිධියේ කොටසකට ප්‍රහාරයක්

විශාලතම ස්වාභාවික ගෑස් නිධිය වන ‘South Pars/North Dome Gas-Condensate field’ සංකීර්ණයේ ඉරානය විසින් පාලනය කරන දකුණු පාර්ස් (South Pars) ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයත් සමග එම ප්‍රදේශය ගිනිගැනීමකට ලක්ව ඇති බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

පර්සියානු බොක්කෙහි පිහිටා ඇති මෙම කලාපය ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය වන අතර එය කටාර් සහ ඉරානය ඒකාබද්ධව පාලනය කරයි.
 
සමස්ත භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 9,700 (වර්ග සැතපුම් 3,700)ක් වන අතර ඉන් දකුණු පාර්ස් (South Pars) අයත් වර්ග කිලෝමීටර් 3,700 (වර්ග සැතපුම් 1,400)ක ප්‍රමාණය ඉරානයට අයත් වන අතර කටාරය වර්ග කිලෝමීටර් 6,000 (වර්ග සැතපුම් 2,300)ක් පුරා මෙහෙයුම් කටයුතු සිදුකරයි.

ප්‍රහාර දැඩි කරමින් ඉරාන පාලන බලය අඩපණ කරනවා

ප්‍රහාර දැඩි කරමින් ඉරාන පාලන බලය අඩපණ කරනවා

ඉරානයට එරෙහිව දැනටමත් දියත් කර ඇති ප්‍රහාර තවදුරටත් දැඩි කරමින් එරට පාලන බලය සම්පූර්ණයෙන්ම අඩපණ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ප්‍රහාර තවදුරටත් දැඩි කරමින් ඉරාන ත්‍රස්ත රාජ්‍යයේ ඉතිරිව ඇති කොටස ද විනාශ කර අවසන් කළ යුතු බවද අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා නිසි සහයෝගයක් ලබා නොදෙන මිත්‍ර රටවල් ජනාධිපති ට්‍රම්ප් විසින් දැඩි ලෙස විවේචනය කර ඇත.

ඉරාන බුද්ධි අංශ ඇමති ඝාතනය කරයි

ඉරාන බුද්ධි අංශ ඇමති ඝාතනය කරයි

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලදී ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ඝාතනය කිරීමට හැකිවූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අද (18) තහවුරු කරයි.

කෙසේ වෙතත් ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ඝාතනය සම්බන්ධයෙන් ඉරානය මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් පූජකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන අතර ඔහු 2021 අගෝස්තු මාසයේ සිට බුද්ධි අංශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

ඔස්ට්‍රේලියානු ගුවන් කඳවුරකට ඉරාන මිසයිල ප්‍රහාර

ඔස්ට්‍රේලියානු ගුවන් කඳවුරකට ඉරාන මිසයිල ප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඔස්ට්‍රේලියානු ගුවන් කඳවුරකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඔස්ට්‍රේලියානු සොල්දාදුවන් විසින් භාවිතා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් කඳවුරේ පිටත මාර්ගයකට ඉරාන මිසයිලයක් වැදී ඇත.

එම ප්‍රහාරයෙන් කිසිදු ඔස්ට්‍රේලියානුවකුට තුවාල සිදුවී නොමැති බවත් හදිසි ගින්නක් හේතුවෙන් ගොඩනැගිලි වලට පමණක් සුළු හානියක් සිදුවී ඇති බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහන් කරයි.

ඔස්ට්‍රේලියානු හමුදා නිලධාරීන් 100 කට වැඩි පිරිසක් එහි සේවය කරන අතර අද උදෑසන මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් එම ප්‍රහාරය හේතුවෙන් ඔස්ට්‍රේලියානු වෛද්‍ය සහ නවාතැන් පහසුකම් වලට හානි සිදුවී ඇති බව සඳහන් කරයි.

අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහන් කළේ,

“ඔස්ට්‍රේලියානු නිලධාරීන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවත්, මේ මොහොතේ සියලු දෙනා සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවත් මට තහවුරු කළ හැකියි.”

මෙම කඳවුර එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු වුවද, ඔස්ට්‍රේලියාව එය මැද පෙරදිග එහි ප්‍රධාන හමුදා, සැපයුම්, නිරීක්ෂණ සහ පුහුණු මධ්‍යස්ථානය ලෙස භාවිතා කරයි.

අපගේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ රුධිරය වෙනුවෙන් නිසැකවම පළිගන්නවා

අපගේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ රුධිරය වෙනුවෙන් නිසැකවම පළිගන්නවා

IRIS Dena නෞකාවට ප්‍රහාරයක් එල්ල කර එහි සිටි නාවිකයින් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිය සතුරු පාර්ශ්වයන්ට මාරාන්තික ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන නාවික හමුදාපති ෂහ්රම් ඉරානි සඳහන් කරයි.

සතුරා බලාපොරොත්තු නොවන ස්ථානයක සිට එල්ල කරන මාරාන්තික ප්‍රහාර මගින් ඔවුන්ට දඬුවම් කරන බවද ඉරාන නාවික හමුදාපති ෂහ්රම් ඉරානි සඳහන් කරයි.

“අපි සතුරාගේ මෙම අපරාධය අමතක නොකරන අතර අපගේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ රුධිරය වෙනුවෙන් නිසැකවම පළිගන්නවා”

නේටෝ ට්‍රම්ප්ගේ මුහුණටම බෑ කියයි

නේටෝ ට්‍රම්ප්ගේ මුහුණටම බෑ කියයි

මේ වනවිට ඉරානයට එරෙහිව සිදුකරනු ලබන හමුදා මෙහෙයුම් වලට සම්බන්ධව වීමට තමන්ට අවශ්‍ය නොවන බවට නේටෝ මිත්‍ර පාර්ශ්වයින් විසින් එක්සත් ජනපදයට දන්වා ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මේ හේතුවෙන් තවදුරටත් නේටෝ රටවල සහාය අවශ්‍ය නැති බව සිය “Truthsocual” ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ අමෙරිකානු උත්සාහයට නේටෝ සංවිධානය විසින් සහාය දක්වන නමුත් යුද්ධයට සම්බන්ධ වීමට ඔවුන් මැලිකමක් දක්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

එනිසා මේ හේතුවෙන් ඉදිරියේදී නේටෝ සාමාජිකත්වය ගැන එක්සත් ජනපදය නැවත සිතා බැලිය යුතු බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරාන යුද්ධයේ ඇත්ත හෙළිකරමින් අමෙරිකාවේ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ඉරාන යුද්ධයේ ඇත්ත හෙළිකරමින් අමෙරිකාවේ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

අමෙරිකා එක්සත් ජනපද ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝ කෙන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ යුද්ධය හේතුවෙන් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා අස්වූ පළමු ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන අතර ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්විය.

ඉරානයෙන් එක්සත් ජනපදයට තර්ජනයක් නොතිබූ තත්වයකදී එය නොතකා ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ පීඩනය යටතේ ඉරානයට එරෙහිව යුද්ධය දියත් කළ බව ඔහු සඳහන් කරයි.

එක්සත් ජනපද ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝ කෙන්ට් සඳහන් කළේ,

“ඉරානයට එරෙහිව සිදුවෙමින් පවතින යුද්ධයට මට යහපත් හෘද සාක්ෂියක් ඇතුව සහාය දිය නොහැක. ඉරානය අපේ ජාතියට කිසිදු තර්ජනයක් එල්ල නොකළ අතර අපි මෙම යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලයේ සහ එහි බලගතු ඇමරිකානු කණ්ඩායමක පීඩනය නිසා බව පැහැදිලියි.”

“මැදපෙරදිග යුද්ධය යනු අමෙරිකානු අපේ දේශප්‍රේමීන්ගේ වටිනා ජීවිත කොල්ලකන සහ අපගේ ජාතියේ ධනය හා සමෘද්ධිය ක්ෂය කරන උගුලක්. ට්‍රම්ප් පරිපාලනයේ මුල් අවධියේදී, ඉහළ පෙළේ ඊශ්‍රායල නිලධාරීන් සහ ඇමරිකානු මාධ්‍යවල බලගතු සාමාජිකයින් යුද්ධය පිළිබඳව මතයන් පතුරුවා ඉරානය සමඟ යුද්ධයක් දිරිගැන්වීම සඳහා යුද්ධයට පක්ෂ හැඟීම් වැපිරූවා. ඒ සඳහා වැරදි තොරතුරු ව්‍යාපාරයක් දියත් කළා.”

‘ඉරානය එක්සත් ජනපදයට ආසන්න තර්ජනයක් එල්ල කරන බව විශ්වාස කිරීමට අපව පෙළඹ වුවා. ඔවුන් පැවසුවේ, ඔබ දැන් ඉරානයට පහර දුන්නොත්, ඉක්මන් ජයග්‍රහණයකට පැහැදිලි මාවතක් තිබෙනවා, කියයි. මෙය බොරුවක්. අපගේ ජාතියට අපගේ හොඳම පිරිමින් සහ ගැහැනුන් දහස් ගණනකගේ ජීවිත අහිමි කළ විනාශකාරී ඉරාන යුද්ධයට අපව ඇද ගැනීමට ඊශ්‍රායල ජාතිකයන් භාවිතා කළ උපක්‍රමයම එයයි. අපට නැවතත් මෙම වැරැද්ද කළ නොහැක.”