Local news

“සලේ මාව හමුවෙලා නම අයින් කරන්න කීවා” සිරිල් ගාමිණි පියතුමාගේ අනාවරණය

“සලේ මාව හමුවෙලා නම අයින් කරන්න කීවා” සිරිල් ගාමිණි පියතුමාගේ අනාවරණය

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සිදුකරන විමර්ශන කිසිදු හේතුවක් මත නැවැත්වීම නොකළ යුතු බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණි පියතුමන් පවසයි.

සිදුකරන මෙම විමර්ශන වලට කිසිම විදියකින් කිසිම දේශපාලන පක්ෂයක්, දේශපාලකයන් ඇඟිලි ගහන්න ඕනේ නැති බවද මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණි පියතුමන් පවසයි.

සුරේෂ් සලේ සිය කීර්ති නාමයට හානියක් සිදුකළ බවට තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව සමතයකට පත්වීම සහ ඔහුගේ නම ඉවත් කර ගැනීම සඳහා ඔහු විසින්ම ඉල්ලීමක් කළ බවද සිරිල් ගාමිණි පියතුමන් පවසයි.

මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කළේ,

“සමාජ මාධ්‍ය ඔස්සේ කියවෙන්න පටන් අරන් තියෙනවා සමහර අය. සිරිල් ගාමිණී පියතුමාට විරුද්ධව සුරේෂ් සලේ මහත්මයා අපහාස නඩුවක් ගොනු කරලා තියෙනවා. වන්දි ඉල්ලලා තියෙනවා. ඒ අපහාස නඩුව දැන් ඇහෙමින් පවතිනවා.

මේකේ වන්දිය ගෙවන එක නවත්තගන්න මේ නඩුව අඩාල කරන්න, කඩාකප්පල් කරන්න තමයි මේ සලේ මහත්මයාව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කියලා. මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ විමර්ශනවලින් හෙළිදරව් වෙච්ච සාක්ෂි පදනම් කරගෙන.

මට තව කරුණක් කියන්න ඕනේ. මේ පළවෙනි වතාවට මං මේ කරුණ කියන්නේ. අපහාස නඩුව තියෙන එක ඇත්ත. මේ නඩුවේ පළවෙනි දවසේ නඩු කටයුත්ත හමාර වුණාට පස්සේ සුරේෂ් සලේ මහත්මයා උසාවිය ඇතුලෙදිම ඇවිල්ලා මාව හම්බුණා.

ඔහු මට කිව්වා ෆාදර් ෆාදර්ව අපහසුතාවයට පත් කරන්න නෙමෙයි මං මේ නඩුව දැම්මේ මගේ නම ආරක්ෂා කරන්න ඕන නිසා කියලා. අපිට සමතයකට පත්වෙන්න පුළුවන් කියලා. එතකොට එතන පියතුමෙක් හිටියා මාත් එක්ක.

මා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහත්මයා ඇතුළු නීතීඥ කණ්ඩායමත් එතන හිටියා. මම එතුමාගෙන් ඇහුවා සමථයකට පත්වෙන්න මොකක්ද ඔයාගේ කොන්දේසි කියලා. එතකොට ඒ මහත්මයා කිව්වා ෆාදර් කරලා තියෙන ප්‍රකාශයෙන් මගේ නම ඉවත් කරගන්න කියලා.

එතකොට මම ඔහුට කිව්වා මම ඒ ප්‍රකාශය කරලානේ තියෙන්නේ ඔබේ නමත් එක්ක. එතකොට මට ඒක ඉවත් කරගන්න අවශ්‍ය නැහැ. මම ඒක ඉවත් කරගන්නෙත් නැහැ. අදත් මම විශ්වාස කරනවා මම කරපු ප්‍රකාශය හරියි කියලා. මම කිව්වා මේ නඩුව සමථයකට පත් වෙන්න අවශ්‍ය නැහැ.

අපි මේ නඩුව කරගෙන යන්. අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන සිදුවීම ඒක වෙනම දෙයක්. වන්දි නඩුව වෙනම දෙයක් කියලා. ප්‍රශ්නයක් තිබුණා මේ බෝම්බකරුවන් පිටුපස කුමන්ත්‍රණයක් තිබුණාය කියන එක. එතකොට මේක දේශපාලන කුමන්ත්‍රණයක් ද.?

මේකේ සැලසුම්කරුවෝ කවුද.? ඒක සොයා ගැනීම, ඒක වින්දිතයන්ගේ අයිතියක්. මේ විමර්ශනවලට කිසිම විදියකින් කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයන් හෝ මේ විමර්ශන වලට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. කිසිම දේකින් මේ විමර්ශන නවතින්න බැහැ.”

කොළඹ අගරදගුරු මැදුරේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කරයි.

පරණ කණ්ඩායම එකතු වී අඛණ්ඩ සත්‍යග්‍රහය අරඹයි

පරණ කණ්ඩායම එකතු වී අඛණ්ඩ සත්‍යග්‍රහය අරඹයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය මේ වනවිට කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ කර ඇත.

මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇතුළු නියෝජතයින් රැසක් එක්ව සිටියි.

සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් මේ සඳහා එක්ව සිටියි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව සුරේෂ් සලේ පසුගිය පෙබරවාරි (25) වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

පිලිපීන භූකම්පනයෙන් මියගිය ගණන ඉහළ⁣ට

පිලිපීන භූකම්පනයෙන් මියගිය ගණන ඉහළ⁣ට

පිලිපීනයට රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රභලත්වයෙන් යුත් භූකම්පනයක් එරට වේලාවෙන් අද (08) උදෑසන සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ප්‍රබල භූකම්පනයෙන් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 129 දෙනෙක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුව ඇති බව පිලිපීන භූ විද්‍යා ආයතනය සඳහන් කර ඇත.

පිලිපීනයේ ප්‍රබල භූකම්පනයෙන් තිදෙනෙකු මරුට

පිලිපීනයේ ප්‍රබල භූකම්පනයෙන් තිදෙනෙකු මරුට

පිලිපීනයේ මින්ඩනාඕ දූපත් හී රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රභලත්වයෙන් යුත් භූකම්පනයක් එරට වේලාවෙන් අද (08) උදෑසන 7.37ට පමණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුව ඇති බව පිලිපීන භූ විද්‍යා ආයතනය සඳහන් කර ඇත.

ප්‍රභල භූකම්පනයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 05දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූකම්පනය හේතුවෙන් තවත් පසු කම්පන 138ක් වාර්තා වී ඇති අතර පිලිපීනය, ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

බොරතෙල් මිල ඉහළ⁣ට

බොරතෙල් මිල ඉහළ⁣ට

ඉරානය විසින් ඊශ්‍රායල වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසුව ආසියානු තෙල් මිල නැවත වරක් ඉහළ ගොස් ඇත.

ඒ අනුව ගෝලීය මිණුම් ලකුණක් වන බ්‍රෙන්ටි තෙල් බැරයලක මිල 3.45%කින් ඉහළ ගොස් ඩොලර් 96.30ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවද එක්සත් ජනපද බොරතෙල් බැරලයක මිල 3.41%කින් ඉහළ ගොස් ඩොලර් 93.85ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාහන අංක තහඩු මුද්‍රණය අද සිට ඇරඹේ

වාහන අංක තහඩු මුද්‍රණය අද සිට ඇරඹේ

වසරකට වැඩි කාලයක් තාවකාලිකව අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද (08) දින සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී, අද පෙරවරු 10.00ට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ වීමට නියමිතය.

ඉරානයට එරෙහි ප්‍රහාර නවත්වන්න.. ට්‍රම්ප් ඊශ්‍රායලයට දන්වයි

ඉරානයට එරෙහි ප්‍රහාර නවත්වන්න.. ට්‍රම්ප් ඊශ්‍රායලයට දන්වයි

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවෙන් පසුව ඊශ්‍රායලයද ඉරානයේ ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර ලෙස මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.

එම ප්‍රහාර වලින් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහි ප්‍රහාර දියත් කිරීම නවත්වන ලෙසට ඊශ්‍රායලයට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයට සහ ඊශ්‍රායලයට ඔවුන්ගේම ප්‍රහාර තිබුණු නමුත් තවත් ප්‍රහාරයක් දැකීමට තමන්ට අවශ්‍ය නොවන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

එනිසා තමන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට කතා කර පළිගැනීමේ ප්‍රහාර දියත් නොකරන ලෙස දන්වන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

අඛණ්ඩ සත්‍යග්‍රහය ගෝඨාභය වෙනුවෙන්.?

අඛණ්ඩ සත්‍යග්‍රහය ගෝඨාභය වෙනුවෙන්.?

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් අද (08) දින පෙරවරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සූදානම්ව සිටියි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පසුගිය පෙබරවාරි (25) වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත එම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියි.

මේ අතර ඊයේ (07) දින රාත්‍රියේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළේය.

සුරේෂ් සලේ හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමඟ රෝහල සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කරන්නේ ඇත්තටම සුරේෂ්⁣ සලේ වෙනුවෙන්ද.? එසේත් නැතිනම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ද.? ගෝඨාභය රාජපක්ෂ රැකගැනීම වෙනුවෙන් ද.? ගෝඨාභය අත්අඩංගුවට ගනීවී කියා තිබෙන බයටද.?

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක්

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක්

ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අප්‍රේල් මාසයේදී දෙපාර්ශ්වය අතර සටන් විරාමයකට එළඹීමෙන් පසුව එල්ල වූ පළමු ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හොරණ රාජ්‍ය බැංකු කොල්ලයේ රහස් හෙළිවෙයි

හොරණ රාජ්‍ය බැංකු කොල්ලයේ රහස් හෙළිවෙයි

පසුගියදා හොරණ රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 3.5ක මුදලක් කොල්ලකෑ බවට වූ සිද්ධියට අදාළව කරුණු රැසක් මේ වනවිට අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බැංකුවේ සහකාර කළමනාකාරවරයා (07) අදාළ බැංකු පරිශ්‍රය වෙත රැගෙන ආ අතර එහිදී සොරකම සිදුකළ ආකාරය සම්බන්ධයෙන් පාපොච්ඡාරණයක් සිදුකර ඇති බව වාර්තා වේ.

එම සහකාර බැංකු කළමනාකාරවරයා විවිධ කාන්තාවන්ගෙන් පොලී පදනම මත ලබාගත් මුදල්වල පොලිය පියවීම සඳහා බැංකුවෙන් මුදල් වංචාකර ඇති බව මේ දක්වා සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

එම සහකාර බැංකු කළමනාකාරවරයා එලෙස ලබාගත් මුදල් පතල් කර්මාන්තය වැනි විවිධ ව්‍යාපාර සඳහා යොදවා ඇති බවත් අදාළ රාජ්‍ය බැංකුවේ ATM යන්ත්‍රවල මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත්තේ මෙම සැකකරු බවද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම සැකකරු බැංකුවෙන් නියම කරන ලද මුදලට වඩා අඩු මුදලක් ATM යන්ත්‍ර වලට ඇතුළත් කර, ඉතිරි මුදල් හොර රහසේ තමන් සන්තකයේ තබාගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.